ගම්පහ 60ට වැඩි පුද්ගලයින්ට හෙට සිට කොවිඩ් එන්නත

ගම්පහ දිස්ත්‍රික්කයේ වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයින් සදහා කොවිඩ් එන්නත (ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ්) ලබාදීම හෙට (13) සිට ආරම්භ කිරීමට නියමිතයි.

ඒ අනුව ගම්පහ දිස්ත්‍රික්කයේ ස්ථාන 109කදී ඔක්ස්වර්ඩ් ඇස්ට්රා සෙනිකා කොවිෂිල්ඩ් එන්නත ලබාදීමට නියමිතව තිබේ.

පසුගිය 07 වන දා ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් දෙලක්ෂ හැට හතර දහසක් යුනිසෙෆ් සංවිධානය කොවැක්ස් පහසුකම යටතේ මෙරටට ලැබුනු එන්නත් වලින් ප්‍රමාණයක් ගම්පහ දිස්ත්‍රික්කයට වෙන් කෙරුණි.

ගම්පහ දිස්ත්‍රික්කයේ වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයන් 119080 දෙනෙකු සිටින අතර, ඉන් 46,093 දෙනෙකුට පසුගිය දිනවල කොවිඩ් එන්නත ලබාදී තිබේ.

ඒ අනුව තවත් පුද්ගලයින් 72,987 දෙනෙකුට මෙම එන්නත ලබා දීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?