Update – ‘වාගීර්’ කොළඹ වරායට සේන්දු වෙයි

ඉන්දීය නාවික හමුදාවට අයත් ‘වාගීර්’ සබ්මැරීනය නිල සංචාරයක් සඳහා කොළඹ වරායට අද (19) පෙරවරුවේ සේන්දු වුණා.

කොළඹ වරායට පැමිණි මෙම සබ්මැරීනය නාවික හමුදා සම්ප්‍රදායානුකූලව පිළිගනු ලැබුවේ ශ්‍රී ලංකා නාවික හමුදාව විසින්.

09 වන ජාත්‍යන්තර යෝගා දිනය සැමරීම වෙනුවෙන් මෙහෙයුම් සංචාරයක නිරත වීම සඳහා ‘වාගීර්’ සබ්මැරීනය මෙලෙස මෙරටට පැමිණ තිබෙනවා.

ලබන 22 වනදා දක්වා සබ්මැරීනය කොළඹ වරායේ නවතා තැබෙන අතර, සබ්මැරීනයේ මෙහෙයුම් ක්‍රියාකරීත්වය පිළිබඳව ශ්‍රී ලංකා නාවික හමුදා නිලධාරීන් පිරිසකට දැනුවත් කිරීමේ වැඩසටහනක් ද පැවැත්වීමට නියමිතයි.

එමෙන්ම මෙම සබ්මැරීනය පාසල් ළමුන් සහ නරඹන්නන් සඳහා ප්‍රදර්ශනයට විවෘත කිරීමට ද සැලසුම්කර ඇති බව සඳහන්.

මීටර 67.5ක දිගකින් සමන්විත මෙම සබ්මැරීනයේ අණදෙන නිලධාරී ලෙස කමාන්ඩර් දිවාකර් එස් කටයුතු කරණු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
1
+1
1
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇමරිකාවෙන් දුන්න හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාරගත් අයුරු..ජනපති යානා ඔක්කොම බලයි
02:18
Video thumbnail
වැස්සෙන් පාසලට යන පාර වැහිලා..උදැල්ලක් අරගෙන පොලිස් නිලධාරියා කරපු දේ
00:46
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග
00:31
Video thumbnail
නිරුක්ෂගෙන් ප්‍රසාද් සර්ට සැර සත්තමක් - සජිත් එක්ක පරිප්පු ඇට දීලා අලි එලවන්න දෙන්න හොඳයි
06:47
Video thumbnail
උඹලා මොකක් ඇන්දත් හෙ#ළුවෙන් කියලා ජනතාව දන්නවා හොඳට - සෙංකෝලේ අරගෙන විකාරයක්නේ නැටුවේ
12:20
Video thumbnail
ජනපතිගේ වීඩියෝ එකක් පෙන්නලා සජිත් දුන්න සැර ටොක්ක - කියපු දේ කරන්න කාලය ඇවිත්
12:50
Video thumbnail
විපක්ෂ නායකට යකා නගියි - ආණ්ඩුවට සැරටම දෙයි - අද තියෙන්නේ තනි පක්ෂ පාලනයක්
13:41
Video thumbnail
ලංකාවේ ක්‍රීඩාව අයිති රටේ මිනිසුන්ට - සංගම්වලට හිතුමතේ මේක වට්ටන්න බෑ
03:55
Video thumbnail
වාහන සේරම නවත්තලා යෝග්‍යතා පරීක්ෂණ කළ අයුරු - "කෝ ලයිට්..සර් අපි රෑට යන්නේ නෑ බස් එකේ"
04:23
Video thumbnail
FIFA ලෝක කුසලානය උඩියටිකුරු කළ තතු මෙන්න - තරගයක් තුළ 04 පාරක් ගිනස් වාර්තා පොතට ගිය මෙසී
02:12