උග්‍ර ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින පකිස්ථානය පසුගියදා පාකිස්තානු රුපියල් ට්‍රිලියන 14.5 (USD බිලියන 50) අයවැයක් එළිදක්වනු ලැබුවා.
ඒ, ණය සම්බන්ධ ස්වෛරී පැහැර හැරීමේ වැඩිවන අවදානමද නොතකමින්.
කෙසේ වෙතත් අයවැයෙහි වැඩි ප්‍රමාණයක් ආවරණය කර කර ගැනීමට නියමිතව ඇත්තේ අරමුදල් ණයට ගැනීමෙන් බවයි Nikkei Asia වාර්තා කළේ.
ආණ්ඩුව වගකිවයුතු අයවැයක් සකස් කර ඇති බව පාකිස්ථාන මුදල් ඇමති ඉෂාක් ඩාර් අවධාරණය කළ ද ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් තීරණාත්මක සහය ලබා ගැනීමට එය රටට උදව් නොකරන බවට විශේෂඥයින් සහ නිලධාරීන් අනතුරු අඟවා තිබෙනවා.
එක් තීරයක් එක් මාවතක් මුල පිරුම යටතේ චීනය අතීතයේ දී පකිස්ථානයට ඩොලර් බිලියන 50ක ආධාර කිරීමට පොරොන්දු වී තිබූ අතර, එය එහි ආර්ථික අර්බුදය “ස්ථාවර” කරනු ඇති බවටයි මත පළ වුණේ.
ඒ, සම්බන්ධයෙන් ද පාකිස්ථානය බලාපොරොත්තු වූ තරම් සුබවාදී ප්‍රතිචාරයක් චීනයෙන් ලැබී තිබුණේ නැහැ.
දැනට ද ණය නැවත සකස් කිරීම සඳහා පකිස්ථානයේ ඉල්ලීමට චීනය එකඟ වන බවට කිසිදු ඇඟවීමක් නොමැති බව ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙකු ප්‍රකාශ කර තිබෙනවා.
ප්‍රගතිය සඳහා ඇති එකම බලාපොරොත්තුව දැනටමත් ප්‍රචණ්ඩත්වය දක්වා වර්ධනය වී ඇති උග්‍රවන දේශපාලන අර්බුදය මේ වසරේ විසඳීම බව විශේෂඥ මතයයි.




