නව අයවැයට පකිස්ථානය අපේක්ෂා කරන අයුරින් චීන සහාය ලැබෙයිද ?

උග්‍ර ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින පකිස්ථානය පසුගියදා පාකිස්තානු රුපියල් ට්‍රිලියන 14.5 (USD බිලියන 50) අයවැයක් එළිදක්වනු ලැබුවා.

ඒ, ණය සම්බන්ධ ස්වෛරී පැහැර හැරීමේ වැඩිවන අවදානමද නොතකමින්.

කෙසේ වෙතත් අයවැයෙහි වැඩි ප්‍රමාණයක් ආවරණය කර කර ගැනීමට නියමිතව ඇත්තේ අරමුදල් ණයට ගැනීමෙන් බවයි Nikkei Asia වාර්තා කළේ.

ආණ්ඩුව වගකිවයුතු අයවැයක් සකස් කර ඇති බව පාකිස්ථාන මුදල් ඇමති ඉෂාක් ඩාර් අවධාරණය කළ ද ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් තීරණාත්මක සහය ලබා ගැනීමට එය රටට උදව් නොකරන බවට  විශේෂඥයින් සහ නිලධාරීන් අනතුරු අඟවා තිබෙනවා.

එක් තීරයක් එක් මාවතක් මුල පිරුම යටතේ චීනය අතීතයේ දී පකිස්ථානයට ඩොලර් බිලියන 50ක ආධාර කිරීමට පොරොන්දු වී තිබූ අතර, එය එහි ආර්ථික අර්බුදය “ස්ථාවර” කරනු ඇති බවටයි මත පළ වුණේ.

ඒ, සම්බන්ධයෙන් ද පාකිස්ථානය  බලාපොරොත්තු වූ තරම් සුබවාදී ප්‍රතිචාරයක් චීනයෙන් ලැබී තිබුණේ නැහැ.

දැනට ද ණය නැවත සකස් කිරීම සඳහා පකිස්ථානයේ ඉල්ලීමට චීනය එකඟ වන බවට කිසිදු ඇඟවීමක් නොමැති බව ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙකු ප්‍රකාශ කර තිබෙනවා.

ප්‍රගතිය සඳහා ඇති එකම බලාපොරොත්තුව දැනටමත් ප්‍රචණ්ඩත්වය දක්වා වර්ධනය වී ඇති උග්‍රවන දේශපාලන අර්බුදය මේ වසරේ විසඳීම බව විශේෂඥ මතයයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රතුගල නව ආදිවාසී නායක තනතුරට පුත් නිශාන්ත කුමාර ඇත්තන් පත් කළ හැටි..මෙයාට ශක්තියක් තියෙනවා
03:20
Video thumbnail
රතුගල ආදිවාසී නායකයා සැමගේ සෝසුසුම් මැද අවසන් කටයුතු වූ අයුරු..මහ සෙනඟක් ඇවිත්
07:11
Video thumbnail
කපිල චන්ද්‍රසේනගේ සිරුරු කොටස් රසායනාගාර පරීක්ෂණවලට..මෙන්න එහි නවතම දර්ශන
02:22
Video thumbnail
වාහනයක් පදවනවනම් මේක අනිවාර්යෙන් බලන්න..කිසිම වාහනයක නෑ Fire Extinguisher එකක්
02:13
Video thumbnail
18% මිල වැඩි කිරීම රජය ගත්තු කප්පමක්..විදුලි බිල වැඩිවීම ගැන සජිත් කට අරියි
04:49
Video thumbnail
හැකර්ලගේ ප්‍රහාර තව දුරටත් අනාගතේ වෙන්න පුළුවන්..හැකර්ලා නවත්තන්න ලේසි න නෑ l Wasantha Samarasinghe
04:51
Video thumbnail
අම්පිටියේ හිමි හදිසියේම මහ සෙනඟක් එකතු කරයි..රට හදන්න පුළුවන් මීළඟ ජනපති දිලිත් ජයවීර
02:25
Video thumbnail
කපිල චන්ද්‍රසේනගේ එළොව යාම නිසා පොහොට්ටුව බය වෙලාද ?"ඔව් අපි බයයි"
03:42
Video thumbnail
PUCSL එක ගල් අඟුරු වංචාව පැත්තේ හිටියේ..විදුලි බිල ඉහළ යාම නිසා අතුලට යකා ආරූඪ වෙයි
06:27
Video thumbnail
පසන් කස්තුරිගෙන් ආණ්ඩුවට සැර සත්තමක්..හිටපු ජනපති මහින්දට ජම්පරේ අදින්න වෙයිද ?
01:38