න්‍යෂ්ටික අවි ගැන රුසියානු ජනපතිගෙන් අනාවරණයක්

රුසියාව, බෙලරූස් රාජ්‍යයේ න්‍යෂ්ටික අවි ස්ථාන ගතකර ඇතැයි රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් ප්‍රකාශ කර තිබෙනවා.

රුසියාවේ භූමියකට හෝ රාජ්‍යයට තර්ජනයක් ඇත්නම් ඒවා භාවිත කරන බවයි රුසියානු ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ශාන්ත පීටර්ස්බර්ග් ජාත්‍යන්තර ආර්ථික සංසදයේ කථිකාවතකින් පසු නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඔහු මේ බව සඳහන් කර තිබෙනවා.

කෙසේ වෙතත් යුක්‍රේනයට ප්‍රහාර එල්ල කිරීම සඳහා න්‍යෂ්ටික අවි භාවිතා කිරීමට සැලසුම් කරන බවට කිසිදු දැනුම්දීමක් පුටින් සිදු කර නොමැති බව සඳහන්.

බෙලරූස් රාජ්‍යය ප්‍රධාන වශයෙන් රුසියාවේ මිත්‍ර රාජ්‍යයක් වන අතර පසුගිය 2022 වසරේ පෙබරවාරි මාසයේදී පුටින්ගේ යුක්රේනය ආක්‍රමණය ආරම්භ කිරීමේ මධ්‍යස්ථානයක් ලෙස ද බෙලරූස් රාජ්‍යය කටයුතු කර තිබුණා.

රුසියානු ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබුණේ රුසියානු න්‍යෂ්ටික අවි උපායමාර්ගික ලෙස ස්ථාපිත කිරීමට පියවර ගන්නා බවයි.

උපක්‍රමශීලී න්‍යෂ්ටික අවි යනු යුධ පිටියේ භාවිතා කිරීමට හෝ සීමිත ප්‍රහාරයක් සඳහා යොමු කරනු ලබන පද්ධති වනවා.

ඒවා සැලසුම් කර ඇත්තේ පුළුල් විකිරණශීලී බලපෑමක් ඇති නොකර නිශ්චිත ප්‍රදේශයක සතුරු ඉලක්ක විනාශ කිරීම සඳහා යි.

කුඩාම උපායශීලී න්‍යෂ්ටික අවි ටොන් එකක් පමණ බරින් හෝ ඊට අඩු විය හැකි අතර විශාලතම ඒවා කිලෝ ටොන් 100ක් තරම් විශාල විය හැකියි.

1945 වසරේ හිරෝෂිමා වෙත ඇමරිකා එක්සත් ජනපදය හෙලූ පරමාණු බෝම්බය කිලෝටොන් 15ක බරින් යුක්ත වුණා.

මේ අතර රුසියානු නායක ව්ලැද්මීර් පුටින් අප්‍රිකානු රාජ්‍ය නායකයින් ශාන්ත පීටර්ස්බර්ග්හිදී හමුවීමට නියමිතව තිබෙනවා.

අප්‍රිකානු නායකයින් රුසියාවට සහ යුක්රේනයට ඉදිරිපත් කරන සාම වැඩපිළිවෙලේ කොටසක් ලෙස සිකුරාදා කියෙව් වෙත ගොස් සාකච්ඡා කරනු ලැබුවා.

කෙසේ වෙතත්, ඔවුන් නගරයේ සිටියදී රුසියානු මිසයිල ප්‍රහාරයක් ද එල්ල වී තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
03:27:24
Video thumbnail
පුලතිසිපුරයට ගිහින් ජනපති ගොවියන්ට දුන් සහතිකය - වී අලෙවි මණ්ඩලයට දීපු සතයක්වත් ආණ්ඩුවට එපා
11:06
Video thumbnail
හිරගෙවල් පෙන්නලා අපිව බය කරන්න බෑ
11:53
Video thumbnail
කවුරුත්ම කළබල වෙන්න එපා පියවරෙන් පියවර විසඳනවා - මේ අවුරුද්දට 1035000 වැව් හදනවා..ඇත්ද ?
10:49
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
02:47:40
Video thumbnail
නාමල්ගේ ගමන හිරේ දාලා නවත්වන්න බෑ
05:40
Video thumbnail
තෙල්, ගෑස් හිඟවෙයි කිව්වා..හැබැයි එක තෙල් පෝළිමක් ඇතිවුණේ නෑ - පවුල් පිටින්ම ආපු ඒවා අහුවෙනවා හොද
08:45
Video thumbnail
ජනපති අනුර රැළියෙන් පිටව ගිය හැටි - මිනිස්සු පොරකකා ජනපති ළඟට එයි
02:36
Video thumbnail
නාමල් හිරේ ඉඳන් යැව්ව පණිවුඩය
09:08
Video thumbnail
රට එක්සේසත් කළ ජාතියේ ආදරණීය අප්පච්චී මහින්ද රාජපක්ෂ...
00:16