ප්‍රධාන මාර්ගයක අලුත්වැඩියා කටයුතු මාස 03කින් නිම කරන්න ජනපතිගෙන් උපදෙස්

ඔරුගොඩවත්ත – අඹතලේ මාර්ග කොටසෙහි (Low level Road) අලුත්වැඩියා කටයුතු මාස 03ක් ඇතුළත අවසන් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අදාළ අංශ වෙත උපදෙස් ලබාදී තිබෙනවා.

මෙම ව්‍යාපෘතිය ප්‍රමාදවීමට බලපා ඇති කරුණු වෙන් වෙන්ව අධ්‍යයනය කරමින් මතුව ඇති ගැටලු කඩිනමින් විසඳීමට කටයුතු කරන ලෙසටයි ජනාධිපතිවරයා බලධාරීන්ට දැනුම් දී ඇත්තේ.

ව්‍යාපෘතියේ කටයුතු අඩාලවීමට ජනතා ගැටලු බලපා ඇත්නම් ඒවා විසඳා ගැනීමට මැදිහත්වන ලෙස ද ප්‍රදේශයේ දේශපාලන අධිකාරිය වෙත ද උපදෙස් දී තිබෙනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම උපදෙස් ලබා දුන්නේ ඔරුගොඩවත්ත – අඹතලේ මාර්ග කොටස (Low level Road) අලුත්වැඩියා කිරීමේ ව්‍යාපෘතියේ ප්‍රගති සමාලෝචන සාකච්ඡාවට අද (16) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී එක්වෙමින්.

විදේශාධාර මත මාර්ග සංවර්ධන අධිකාරිය විසින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන අතර සමස්ත මාර්ග කොටසේ දිග කිලෝ මීටර් 7.7ක්.

මෙම වසරේ මැයි මාසය වන විට මෙහි පළමු අදියරේ ඉදිකිරීම් කටයුතුවල භෞතික ප්‍රගතිය 85%ක් වන අතර දෙවන අදියරේ ඉදිකිරීම්වල භෞතික ප්‍රගතිය 80%ක් ලෙසටයි වාර්තා වන්නේ.

2016 වසරේ ජනවාරි මාසයේ දී ආරම්භ වූ මෙම ව්‍යාපෘතිය 2020 වසරේ දී අවසන් කිරීමට නියමිතව තිබුණ ද අදාළ කොන්ත්‍රාත් සමාගමේ දුෂ්කරතාවයන්, ව්‍යාපෘතිය නිසා ඉවත් කිරීමට සිදුවූ නිවාස සඳහා වන්දි ලබාදීම, අදාළ මාර්ගය ඔස්සේ එලන ලද ජලනළ නිසා මතුවු ගැටලු හා වෙනත් පොදු ගැටලු කිහිපයක් හේතුවෙන් ව්‍යාපෘතියේ කටයුතු නියමිත කාලසීමාව තුළ අවසන් කිරීමට නොහැකි වීම සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රටට තියන එකම විකල්පය සජබයයි - ජනතාව අසරණ වෙලා ඉන්නේ
02:52
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47
Video thumbnail
බිහිසුණු දුම්‍ රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ දිවංගත රණවිරුවෙකුගේ මව්පියන්ට යුද්ධ හමුදාධිපතිගෙන් උපහාර
02:03
Video thumbnail
සුරේෂ් සලේ ගැන කිසි සාක්ෂියක් නෑ..ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක්..ශානිගේ තනි තීන්දුවෙන් සලේ ඇතුළට දැම්මේ ?
17:38