කොළඹ ජාතික රෝහලේ හෙදියක්‌ මියයයි

කොළඹ ජාතික රෝහලේ හෙද නිලධාරිනියක් රෝහල් කාමරයක අභිරහස් අන්දමින් පෙරේදා (10) මියයෑම සම්බන්ධයෙන් මරදාන පොලිසිය පරීක්‍ෂණ ආරම්භ කර තිබේ.මෙලෙස මියගොස් ඇත්තේ අඹන්පොළ බැලූන්ගල පන්සල පාරේ පදිංචිව සිටි 28 හැවිරිදි විවාහක කාන්තාවකි.

හෙද නිලධාරිනිය රෝහලේ 40 වැනි වාට්ටුවේ සේවයට පැමිණ එහි කාමරයකට ගොස් බිමවැටී සිටියදී හෙද නිලධාරිනියක දැක පසුව ඇය රෝහලේ හදිසි ප‍්‍රතිකාර ඒකකය වෙත ඇතුල් කළ අවස්ථාවේ මියගොස් තිබේ.

මැය කිසියම් එන්නතක් ශරීරගත කර ගැනීමෙන් මෙය සිදුකර ගන්නට ඇතැයි සැකකරන බව රෝහල් ප‍්‍රකාශිකාවක් පැවසුවාය. මෙයට හේතුවී ඇත්තේ රෝහලේ වෛද්‍යවරයෙකු යැයි කියන පුද්ගලයෙකු සමග පවත්වාගෙන ගිය අනියම් ඇසුරක් යැයි හෙළිවී ඇතැයි පොලිස් නිලධාරියෙක් පැවසීය.

මියගිය හෙද නිලධාරිනියට වෛද්‍යවරයා යැයි පවසන පුද්ගලයා විසින් එවන ලද වට්ස්ඇප් කෙටි පණිවුඩ කිහිපයක් හෙද නිලධාරිනියගේ සැමියාට දැක ගන්නට ලැබී තිබේ. පසුව ඔවුන් දෙදෙනා අතර ආරවුලක් ඇතිවී තිබේ.

අනතුරුව සැමියා ඇගෙන් දික්කසාද වන බවට ලිපියකට අත්සනක් නොගෙන ඇය ඇගේ දෙමාපියන්ට භාරදී තිබේ. පෙරේදා (10) ඇය සේවයට විත් තම සහෝදර නිලධාරිනියන්ට පිටතට ගොස් පැමිණෙන බව පවසා කාමරයට ගොස් එන්නත විදගන්නට ඇතැයි සැකකරන බවද එම නිලධාරියා කීය.

මියගිය හෙද නිලධාරිනියේ හදිසි මරණ පරීක්‍ෂණය ඊයේ (11) කොළඹ නාගරික හදිසි මරණ පරීක්‍ෂක මොහොමඞ් අෂ්රෆ් රූමි මහතා හමුවේ පැවැත්විණි. මරදාන පොලිසියේ පොලිස් කොස්තාපල් මර්වින් මහතා වැඩිදුර විමර්ශන සිදු කරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහ රෑ ඇතෙකු සහ අලියෙක් නිවසකට කඩා පැනලා කරපු දේ
00:55
Video thumbnail
මගී ජීවිත තුට්ටුවකට දාලා බස් මහපාරේ කරන සෙල්ලම බලන්නකෝ
00:35
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.07.01
01:05:26
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53