මරණයට විනාඩි 7කට පෙර බිරිඳට ඇමතුමක්

වැගන් ආර් රථයක් තුළ පිළිස්සී තිබීයදී සොයාගත් මළසිරුර සම්බන්ධයෙන් වන පොලිස් පරීක්ෂණ මේවනවිට කඩිනමින් ක්‍රියාත්මක වනවා.

කළුබෝවිල, භාතිය මාවතේ පදිංචි නිසාර් මොහොමඩ් සක්ෂාන් නමැති 34 හැවිරිදි  ව්‍යාපාරිකයෙක්  බවට හඳුනාගෙන ඇති අතර සිද්ධිය පිළිබඳ අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව ගල්කිස්ස වැඩබලන මහෙස්ත්‍රාත්වරිය විසින් අදාළ ස්ථානය නිරීක්ෂණය කිරීමද සිදු වුණා. ඉකුත් 10 වැනිදා රාත්‍රි ආහාර ලබාගැනීම සඳහා ගොස් ආපසු සිය මාමණ්ඩියට අයත් ව්‍යාපාරික ස්ථානයකට මොහු මෝටර් රථයෙන්ම පැමිණ ඇති අතර එම ස්ථානයේ ඔවුන්ගේ ව්‍යාපාරික කටයුතුවල යෙදෙන ගෝලයන්ද නතර වී සිට තිබෙනවා.

මෙම පුද්ගලයා මියයන්නට විනාඩි 7කට කලින් පානදුරේ සිටින සිය බිරිය සමඟ දුරකථනයෙන් කතාබස්කර ඇති බවද හෙළි වී තිබුණා. ඒ ඊයේ (11ද) දින පැවැත්වීමට නියමිතව තිබූ විවාහ මංගල්‍යයකට අවශ්‍ය කේක් ලබාගැනීම පිළිබඳවයි. ව්‍යාපාරිකයා මෙම ස්ථානයට පැමිණ ඇත්තේ කිසිවකු විසින් ගෙන එනු ලැබූ කේක් ලබාගැනීමට බව මූලික පරීක්ෂණයේදී හෙළිවී තිබුණා.

මියගිය ව්‍යාපාරිකයාගේ රථයේ පිටුපස අසුනේ පෙට්රල් පිරවූ කෑන් එකක්ද තිබී ඇති බවට තොරතුරු වාර්තා වනවා. එමෙන්ම මියගිය පුද්ගලයාගේ ජංගම දුරකථනයට අදාළ විශ්ලේෂණ වාර්තාවක්ද ලබාගැනීමට පොලිසිය අධිකරණය මඟින් කටයුතු කර තිබෙනවා. මේ අතර සත්‍ය වශයෙන්ම මියගොස් ඇත්තේ නසාර් නමැති ව්‍යාපාරිකයාද යන්න තහවුරු කරගැනීම සඳහා මියගිය පුද්ගලයාගේ මවගේ හා අනෙකුත් ඥාති පාර්ශ්වයේ රුධිර සාම්පල ලබාගෙන මියගිය පුද්ගලයාගේ මළසිරුරෙන් ලබාගත් රුධිර සාම්පලද සමඟ ඩී.එන්.ඒ. පරීක්ෂණයට යොමු කිරීමට නියමිතයි. මියගිය පුද්ගලයා අධික ලෙස සිගරැට් පානයට පුරුදු වී සිටි අයෙකි.

පෙර පුවත – තරුණ ව්‍යාපාරිකයා ගැන අලුත්ම හෙළිදරව්ව

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09