AFC Banner
Empty Ad
Empty Ad

ඕස්ට්‍රේලියාවේ බස් රථ අනතුරකින් 10ක් ජීවිතක්ෂයට (ඡායාරූප)

ඕස්ට්‍රේලියාවේ නිව්සවුත් වේල්ස් ප්‍රාන්තයේ බස් රථයක් මෝටර් රථයක ගැටී සිදු වූ අනතුරකින් පුද්ගලයින් 10 දෙනෙකු මියගොස් තිබෙනවා.

මෙම අනතුරින් තවත් පුද්ගලයින් 20 දෙනෙකු වැඩි පිරිසක් තුවාල ලබා රෝහල්ගත කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මංගල උත්සවයකට සහභාගී වී යළි පැමිණෙමින් සිටි පිරිසක් රැගත් බස් රථයක් මෙලෙසඅනතුරට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ.

ඕස්ට්‍රේලියානු අගමැති ඇන්තනී ඇල්බනීස් අනතුරින් මියගිය අය වෙනුවෙන් සිය ශෝකය ප්‍රකාශ කර තිබෙනවා.

බස් රථයේ රියදුරු ලෙස කටයුතු කළ 58 හැවිරිදි පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මංගල උත්සවයට සහභාගීවීම සඳහා අදාළ පිරිස එම බස් රථය කුලී පදහම මත ලබාගෙන ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

download 1
Wedding bus crash kills 10 injures 25 in Australia
130062318 306d8fda49265ba127d96a162bedd15cb9387b9f
skynews australia bus crash 6184619
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
3
+1
25
+1
3
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?