රතු කුරුසේ වාහනයක අංක තහඩු සවිකළ සුපිරි ජීප් රියක් බියගම ව්‍යාපාරිකයෙකුගේ නිවසේ

රතු කුරුස සංවිධානයට අයත් වාහනයක ලියාපදිංචි අංක තහඩු සවි කරන ලද ලෑන්ඩ් කෘසර් වර්ගයේ ජීප් රථයක් බියගම ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගේ නිවසකින් සොයාගත් බව පොලිසිය පවසනවා.

රුපියල් ලක්ෂ 80ක් පමණ වටිනා ලෑන්ඩ් කෘසර් වර්ගයේ ජීප් රථයක් මෙලෙස සොයා ගැනුණු බවයි පානදුර වලාන මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකය සඳහන් කළේ.

නීතිවිරෝධී අයුරින් මෙරටට ආනයනය කළ ලෑන්ඩ් කෘසර් වර්ගයේ ජීප් රථයක් ව්‍යාජ ලේඛන සකස්කර බියගම ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු පරිහරණය කරන බවට පොලිසියට තොරතුරක් ලැබී තිබෙනවා.

එම තොරතුර අනුව සිදුකළ වටලිමක දීයි අදාළ රථය මෙලෙස සොයාගෙන ඇත්තේ.

එලෙස සොයාගත් ජීප් රථයේ එන්ජිම සහ චැසි අංක පරීක්ෂා කිරීමේ දී ඒවා ව්‍යාජ ලෙස කොටා ඇති බවට අනාවරණය වී තිබෙනවා.

අනතුරුව රථයේ වර්තමාන හිමිකරුවන ව්‍යාපාරිකයාගෙන් ඊට අදාළ ලිපි ලේඛන ඉල්ලා සිටීමේ දී ඔහු සතුව කිසිදු ලිපි ලේඛනයක් නොතිබූ බව මූලික විමර්ශනවලදී අනාවරණය වූ බවයි පොලිසිය සඳහන් කළේ.

ව්‍යාපාරිකයාගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී කඩවත ප්‍රදේශයේ පුද්ගලයෙකුගෙන් මෙම ජීප් රථය ඊට අදාළ ලිපි ලේඛන ලබාදීමේ පොරොන්දුව මත මීට මාස 08 කට පමණ පෙර රුපියල් ලක්ෂ 50ක මුදලකට මිලදී ගත් බවයි පවසා ඇත්තේ.

මේ සම්බන්ධයෙන් විමර්ශන සිදුකර මෙම ජාවාරමට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට කටයුතු කර බවයි පොලිසිය සඳහන් කළේ.

ජීප් රථය බියගම පොලීසිය වෙත භාරදී ඇති අතර, පානදුර වලාන මධ්‍යම දුෂණ මර්ධන ප්‍රහාරක බලකාය මේ සම්බන්ධයෙන් පරීක්ෂණ වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොහොට්ටුවේ තරුණියක් ජනපතිව සැරටම අමතයි - අනුරට ඕන ඕන විදිහට කරන්න දෙන්නේ නෑ
09:11
Video thumbnail
ව්‍යවස්ථා සංශෝධන නෙමෙයි, අලුත් ව්‍යවස්ථාවක්ම හදන්න
02:15
Video thumbnail
එදා චාමර සහ අද චාමර - GL ගැන කිව්ව කතා
00:59
Video thumbnail
අනුරාධපුර පූජා භූමි සංවර්ධන සැලැස්ම ආරම්භ කරන්න ජනපතිගෙන් උපදෙස්
05:39
Video thumbnail
ආණ්ඩුව වමට සිග්නල් දාලා දකුණට යන්නේ - අධිකරණය බාල්දු කරන්න හදනවා
05:56
Video thumbnail
අපි හැමෝම දැන් සතුටින් ඉන්නේ - කනවා නෙමෙයි ලෙව කනවා
07:02
Video thumbnail
ජනාධිපතිට අභියෝගයක් - සජබයේ නව සංවිධායක ගේම ඉල්ලයි
03:47
Video thumbnail
මරික්කාර් ආණ්ඩුවට දාපු කින්ඩිය - මේ ආණ්ඩුව මැතිවරණයට බයයි
02:12
Video thumbnail
රට වෙනුවෙන් දිවි පිදූ රණවිරුවාට හමුදාපතිගෙන් උත්තමාචාරයක්
06:04
Video thumbnail
'ද ෆිනෑන්ස්' තැන්පත්කරුවන් 6300කට තාම සාධාරණයක් ඉටුවෙලා නෑ
06:21