AFC Banner
Empty Ad
Empty Ad

නවීන් දිසානායක සබරගමුව පළාත් ආණ්ඩුකාර ධුරයට

හිටපු අමාත්‍ය නවීන් දිසානායක මහතා සබරගමුව පළාත් ආණ්ඩුකාරවරයා ලෙස පත් කිරීමට පියවර ගෙන තිබෙනවා.

ජනාධිපති උපදේශක රුවන් විජේවර්ධන සඳහන් කළේ ලබන අඟහරුවාදා (13) සිට මෙම පත් කිරීම බලාත්මක වන බවයි.

සබරගමුව පළාත් ආණ්ඩුකාරවරයා ලෙසට කටයුතු කළ ටිකිරි කොබ්බෑකඩුව මහතා පසුගිය 8 වනදා එම ධුරයෙන් ඉල්ලා අස්වුණා.

ඔහු ප්‍රකාශ කළේ ඉල්ලා අස්වීමට අදාළ ලිපිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත යොමු කළ බවයි.

සබරගමු පළතේ 12වන ආණ්ඩුකාරවරයා වශයෙන් පත්කරනු ලැබු ටිකිරි කොබ්බෑ කඩුව මහතා එම ධුරයේ වැඩ භාරගනු ලැබුවේ 2019 වසරේ නොවැම්බර් 25 වනදායි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
3
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?