සංහිඳියාවේ ක්‍රියාකාරී සැලැස්මට අදාළ නීති කෙටුම්පත් කිරීම් කඩිනම් කරන්න – ජනපතිගෙන් උපදෙස්

සංහිඳියාව සඳහා වන ක්‍රියාකාරී සැලැස්ම ක්‍රියාත්මක කිරීමට අදාළ නීති කෙටුම්පත් කිරීමේ කටයුතු කඩිනම් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අදාළ අංශවලට උපදෙස් දී තිබෙනවා.

ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දුන්නේ සංහිඳියාව සඳහා වන ක්‍රියාකාරී සැලැස්ම පිළිබඳ ඊයේ (08) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදීයි.

නීති සම්පාදනය, ආයතනික ක්‍රියාකාරකම්, ඉඩම් ගැටලු, සිරකරුවන් නිදහස් කිරීම, බලය විමධ්‍යගත කිරීම යන ප්‍රධාන ක්ෂේත්‍ර 05ක් යටතේ ක්‍රියාත්මක කරන ලද වැඩසටහන්වල ප්‍රගතිය මෙහිදී සමාලෝචනය කෙරුණා.

සත්‍ය හා ප්‍රතිසන්ධාන කොමිසම (TRC) ක්‍රියාත්මක කිරීම, ජාතික ඉඩම් සභාවක් පිහිටුවීම සහ ජාතික ඉඩම් ප්‍රතිපත්තියක් සකස් කිරීම, අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාලය වඩාත් ඵලදායී අන්දමින් පවත්වාගෙන යාම, එහි ඩිජිටල්කරණ කටයුතු අවසන් කිරීම සහ මේ දක්වා තොරතුරු අනාවරණය කර ගත නොහැකි අතුරුදන් වූවන් සඳහා නොපැමිණීමේ සහතික නිකුත් කිරීමේ ක්‍රියාවලිය කඩිනම් කිරීම පිළිබඳව ද සාකච්ඡාවට ලක් වී තිබෙනවා.

එමෙන්ම වන්දි ගෙවීමේ කාර්යාලය ස්ථාපිත කිරීම, ජාතික සමගිය සහ සංහිඳියාව සඳහා වූ කාර්යාලය ස්ථාපිත කිරීම යන කාර්යයන් සම්බන්ධයෙන් දැනට ගෙන යන වැඩපිළිවෙළ ඉදිරි මාස දෙක තුනක කාලය තුළ අවසන් කර, ඒ පිළිබඳ වාර්තාවක් ලබා දෙන ලෙසටයි ජනාධිපතිවරයා අදාළ පාර්ශ්ව වෙත උපදෙස් දුන්නේ.

ඉඩම් ගැටළු විසඳීම සඳහා ක්‍රියාත්මක යාන්ත්‍රණය කෙරෙහි ද මෙම සාකච්ඡාවේ දී අවධානය යොමු වූ අතර අවතැන් වූවන් නැවත පදිංචි කිරීම, රාජ්‍ය අංශයේ පරිහරණය යටතේ පවතින පෞද්ගලික ඉඩම් නිදහස් කිරීම, මහවැලි ඉඩම් සම්බන්ධ ගැටලු නිරවුල් කිරීමට කඩිනම් පියවර ගැනීමේ අවශ්‍යතාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අවධාරණය කරනු ලැබුවා.

සිරකරුවන් නිදහස් කිරීම සහ සිරකරුවන්ට සමාව දීම සම්බන්ධයෙන් සවිස්තර වාර්තාවක් අධිකරණ අමාත්‍යාංශය හරහා ඉදිරිපත් කරන ලෙසටයි මෙහිදී ජනාධිපතිවරයා අදාළ නිලධාරීන්ට දැනුම් දුන්නේ.

බලය විමධ්‍යගත කිරීම, පළාත් මට්ටමින් ක්‍රියාත්මක සංවර්ධන සැලසුම් සහ පළාත් ඔම්බුඩ්ස්මන්වරයෙකු පත්කිරීම සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡාවට ලක් කෙරුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහා පරිමාණ ගංජා වගාවක් හම්බෙගමුව පොලිසිය වටලයි
00:27
Video thumbnail
පස් දෙනෙකුට ජීවිතය අහිමි කළ බිහිසුණු අනතුරට පෙර කට්ටිය හිනා වෙවී සතුටින් හිටිය හැටි
03:12
Video thumbnail
පොලිසියට චණ්ඩි පාට් දාපු පුද්ගලයාව පොලිසියෙන් කුදලන් ගිය හැටි
01:25
Video thumbnail
රටට තියන එකම විකල්පය සජබයයි - ජනතාව අසරණ වෙලා ඉන්නේ
02:52
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47