සුදු වෑන් නඩුවේ සාක්ෂිකරුවෙකු අත්අඩංගුවට ගන්නැයි නියෝග

සුදු වෑන් නඩුවේ සාක්ෂිකරුවෙකු අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් ඔහු අත්අඩංගුවට ගන්නා ලෙස කොළඹ මහාධිකරණය වරෙන්තු නිකුත් කර තිබෙනවා.

මෙම නඩුව අද කැඳවූ අවස්ථාවේ දී නඩුවේ පළමුවන සාක්ෂිකරු වශයෙන් නම් කර සිටින සරත් කුමාර නමැත්තා අධිකරණයේ පෙනී නොසිටි බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයෙකු අධිකරණය හමුවේ ප්‍රකාශ කළේ තම සේවාදායකයාට ආරක්ෂාව සම්බන්ධයෙන් ගැටලූවක් පවතින බැවින් අධිකරණය හමුවට පැමිණිය නොහැකි වූ බවයි.

මෙහිදී විනිසුරුවරයා ප්‍රශ්නයක් යොමු කරමින් සාක්ෂිකරු අධිකරණය හමුවට පැමිණි සඳහා අපේක්ෂා කරන්නේ කුමන ආකාරයේ ආරක්ෂාවක් දැයි විමසුවා.

ඊට අදාළව නීතිඥවරයා විසින් පැහැදිලි පිළිතුරක් ලබා දුන්නේ නැහැ.

ඉදිරිපත් වන කරුණු සම්බන්ධයෙන් සෑහීමකට පත්විය නොහැකි බව සඳහන් කළ විනිසුරුවරයා අනතුරුව අදාළ සාක්ෂිකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි දන්වා වරෙන්තුවක් නිකුත් කළා.

මෙහි දී රජයේ නීතිඥවරයා ඇමතු විනිසුරුවරයා කියාසිටියේ මෙම නඩුව දිගින් දිගටම කැඳවීමෙන් පලක් නොවන බව පෙනී යන බවයි.

එම නිසා පළමුවන සාක්ෂිකරු නොමැතිව මෙම නඩුව පවත්වාගෙන යාමට ඇති හැකියාව සොයා බලන ලෙසත් මෙහිදී විනිසුරුවරයා රජයේ නීතිඥවරයාට දැනුම් දුන්නා.

වරෙන්තු නිකුත් කළ විනිසුරුවරයා නඩු විභාගය සැප්තැම්බර් මස 01 වනදා දක්වා කල් තැබීමට ද නියම කළා.

පසුගිය ජනාධිපතිවරණය සමයේ සුදුවෑන් වලින් පුද්ගලයින් පැහැරගෙන යාම ඇතුළු චෝදනා සම්බන්ධයෙන් මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා එවක ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට අගතියක් සිදු කළේ යැයි චෝදනා කර හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න සහ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති මොහොමඩ් රූමි යන විත්තිකරුවන්ට එරෙහිවයි මෙම නඩුව ගොනුකර ඇත්තේ.

2019 වසරේ නොවැම්බර් 10 වනදා කොළඹ පැවති අදාළ මාධ්‍ය සාකච්ඡාව හරහා එවක ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට අගතියක් සිදු කිරීමේ අරමුණින් බොරු සාක්ෂි නිර්මාණය කිරීම, ජනාධිපතිවරණයේ ප්‍රතිඵලවලට බලපෑමක් ඇතිවිය හැකි ආකාරයේ දූෂිත ක්‍රියාවක් සිදු කිරීම සම්බන්ධයෙන් දණ්ඩ නීති සංග්‍රහය යටතේ හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න සහ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති මොහොමඩ් රූමි යන විත්තිකරුවන් දෙදෙනාට එරෙහිව මෙම චෝදනා එල්ල කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මතක තියාගන්න අනුර කුමාර, නාමල්ව නවත්වන්න බෑ
01:08
Video thumbnail
මහින්දට බැහැලා යන්නත් ඉඩ නෑ, විශාල සෙනඟක් වටකරගනී
01:47
Video thumbnail
තරුණයෙක් සුදු ඉරමත අනතුරට ලක් කළ ත්‍රීවිල් එක
00:15
Video thumbnail
ජනපති අනුර පොළොන්නරුවේ රැළියෙන් පිටව ගිය හැටි
01:19
Video thumbnail
මේක එලවන්න ඕනිලු..එලවන්න අනේ පව් - මෛත්‍රිය, අනුකම්පාව නෑ නිසි දඬුවම් දෙනවා
06:24
Video thumbnail
නාමල් නැති රැළියට යෝෂිත ආපු හැටි
00:59
Video thumbnail
මහින්දගේ ඇස් දෙකට පේන්න නාමල්ව ජනාධිපති කරන්න
02:52
Video thumbnail
මීට කලින් ආණ්ඩු කුඩුකාරයෝ බලා ගන්න ආණ්ඩු - ලොකු මිනිහෙක්ගේ ගෙයක් නාය යන තැන්වල හදන්නේ නෑනේ
04:28
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
03:27:24
Video thumbnail
පුලතිසිපුරයට ගිහින් ජනපති ගොවියන්ට දුන් සහතිකය - වී අලෙවි මණ්ඩලයට දීපු සතයක්වත් ආණ්ඩුවට එපා
11:06