මුරවත්තේ කබරයා පොලිස් සිර මැදිරියේදී තුවාල සිදුකර ගනී

කළුතර බන්ධනාගාර නිලධාරීන් භාරයේ සිටියදී පළා ගිය සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන පානදුර උතුර පොලිස් සිර මැදිරියේ රදවා සිටියදී හිස සිරමැදිරියේ යකඩ දොරෙහි වද්දා තුවාල සිදුකර ගැනීම හේතුවෙන් පානදුර මූලික රෝහලට ඇතුලත් කර තිබෙනවා.

මුරවත්තේ කබරයා යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන සැකකරු පානදුර මුරවත්ත ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි අයෙක්.

රන්මාල කොල්ලකෑම් ඇතුළු අපරාධ කිහිපයක් සම්බන්ධයෙන් චෝදනා එල්ලවී සිටි සැකකරු මීට මාස කිහිපයකට පෙර අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු කළුතර මල්වත්ත රිමාන්ඩ් බන්ධනාගාරයේ රඳවා තිබුණා.

එහිදී අසනීප වීම හේතුවෙන් කළුතර ශික්ෂණ රෝහලට ඇතුලත් කර බන්ධනාගාර නිලධාරීන් භාරයේ ප්‍රතිකාර ලබමින් සිටියදී පැනගොස් සැඟව සිට ඇති බවයි පොලිසිය ප්‍රකාශ කළේ.

සැකකරු ඊයේ (06) පානදුර දිග්ගල ප්‍රදේශයේ රැඳී සිටින බවට ලැබුණු තොරතුරක් මත පොලිස් කණ්ඩායමක් ඔහු අත්අඩංගුවට ගෙන ඇතැයි සඳහන්.

ඒ අනුව සැකකරු පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා පානදුර උතුර පොලිස් සිරමැදිරියේ රඳවා සිටියදී එහි යකඩ දොරෙහි හිස වද්දාගෙන තුවාල සිදුකරගෙන ඇති බව පොලිසිය ප්‍රකාශ කළා.

අනතුරුව පානදුර මූලික රෝහලට ඇතුලත් කළ සැකකරු විශේෂ පොලිස් ආරක්ෂාවක් යටතේ ප්‍රතිකාර ලබමින් සිටින අතර ඔහු පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අවුරුදු 40 ක් වෙනතුරු ත්‍රීවීල් පදින්න බෑ.. රජය ගන්න අලුත්ම තීරණය ගන ඇමති නලින් හේවගේ හෙළිකරයි.
00:07
Video thumbnail
නාමල් ආණ්ඩුවට අනතුරු අගවයි - අවු: 2ක් සද්දෙ වහලා හිටියා..ජනපති යට ගහන්න හදනවා
05:39
Video thumbnail
අවසන් මොහොතේ තම වෛද්‍යවරයා වෙනුවෙන් පවා ගී ගැයූ නන්දා මාලනිය..
00:39
Video thumbnail
නුවර වැවට පැ#න කාන්තාවක් බේරාගත් මෙහෙයුම - මොනවා වෙලාද මේ මිනිස්සුන්ට ?
02:09
Video thumbnail
නුවර වැවට ජම්ප් එකක් දැම්ම තරුණියව බේරාගන්න දිවි පරදුවට තැබූ කොල්ලෝ ටිකට රෙස්පෙක්ට්..
02:25
Video thumbnail
යතුරුපැදියක් - ලොරියක වැදී 25ස් හැවිරිදී තරුණයා එතනම එළොව යයි - බයික් එකත් කුඩේ කුඩු
00:45
Video thumbnail
කාලගුණය උඩු යටිකුරු වන ලකුණු..ඉදිරියේදී වැසි වැඩිවෙයි - සුළං තත්ත්වයේ වැඩිවීමක්
03:40
Video thumbnail
පෙරහැරේ පිටුපසින් දුටු අපූරු දසුන... පෙරහැර මැද කැමරා ඇසක් වූ දියවඩන නිලමේ
00:10
Video thumbnail
ජොන්ස්ටන් ආණ්ඩුවට රිදෙන්නම දෙසයි..මෙයාලා පට්ටපල් බොරු කිව්වේ"මහින්ද ගත්ත චෙක් කෝ දැන් "
04:38
Video thumbnail
තව ටික දවසක් බලන් ඉමු, හන්දියක් හන්දියක් ගාණේ කියපු හොරු ටික අල්ලනකල්..
00:14