බසය සාපෙළ ලියූ සිසුවා බිළිගනී

හොරොව්පොතාන කපුගොල්ලෑව මාර්ගයේ පළවෙනි කිලෝමීටර් කණුව ආසන්නයේ දී යතුරුපැදියක් බස්රථයක මුහුණට මුහුණ ගැටී අද (11) දහවල් සිදු වූ අනතුරකින් බරපතළ තුවාල ලැබූ යතුරුපැදියේ ගමන් ගත් පාසල් සිසුවෙකු හොරොව්පොතාන රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇතැයි හොරොව්පොතාන පොලිසිය කියයි.
 
මෙලෙස මියගොස් ඇත්තේ හොරොව්පොතාන මොරගොඩ මූකලාන ප්‍රදේශයේ පදිංචිව සිට හොරොව්පොතාන රුවන්වැලි මධ්‍ය මහා විද්‍යාලයෙ 11 ශ්‍රේණියේ අධ්‍යාපනය ලබමින් සිටී මානික්කුලම්ලාගෙ කණිෂ්ක මධුවන්තද සිල්වා නැමැති 16 හැවිරිදි සිසුවෙකි. ඔහු ඊයේ (10) අවසන් වූ අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිට ඇති බව පොලීසිය කියයි.
 
හොරොව්පොතාන නගරයේ සිට කපුගොල්ලෑව මාර්ගයේ වාගොල්ලාකඩ දක්වා ගමන්කර ඇති පෞද්ගලික බස් රථය  එම මාර්ගයේ  පලවෙනි කිලෝමීටර් කණුව ආසන්නයේ දී ඉදිරියෙන් එක පෙළට ගමන් ගත් ට්‍රැක්ටරයක් සහ කැබ් රථයක් පසුකර යාමට උත්සාහ කර ඇති බවත් ඒ මොහොතේ ඉදිරියෙන් යතුරුපැදියෙන් පැමිණ ඇති පාසල් සිසුවා බස් රථයේ මුහුණට මුහුණ වැදී ඇති බවත් පරීක්ෂණ පවත්වන පොලිසිය වැඩිදුරටත් කියයි.
 
බස් රථයේ රියදුරු ගේ නොසැලකිලිමත් රිය ධාවනය හේතුවෙන් මෙම අවාසනාවන්ත අනතුර සිදුව ඇති බව පවසන පොලිසිය අනතුරෙන් සිසුවාගේ හිසට සිදුවූ බරපතළ තුවාල නිසා මෙම මරණය සිදුවන්නට ඇති බවට ද සැක කරයි.
 
සිද්ධිය සම්බන්ධයෙන් බස් රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන අද (11) කැබිතිගොල්ලෑව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණ අතර ස්ථානීය මරණ පරීක්ෂණයද කැබිතිගොල්ලෑව මහෙස්ත්‍රාත් වරයා විසින් අද (11) සවස සිදු කිරීමට නියමිතය.

– පැතුම් දර්ශන



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනාධිපතිතුමා පුළුවන්නම් ඔය පුටුවට මාව ගෙන්න ගනින් - ඔය Logic දාපන් මට
02:45
Video thumbnail
දන් බත් කාලා බුදු බණවලින් ග#න්න එන්න එපා - සිවුරට අත තියලා වෙච්ච දේ දැක්කනේ..
02:39
Video thumbnail
අපි හිරේ දැම්මත්, ජම්පරේ ඇන්දුවත් සටන අත් හරින්නේ නෑ - උන්වහන්සේ අපි වෙනුවෙන් හිරබත් කනවා
04:07
Video thumbnail
මහා සංඝ රත්නය ඥානසාර හිමි වෙනුවෙන් මහනුවර සිට අරඹපු පා ගමන - දහස් ගණනක් දළඳා මාළිගාවට එකතුවෙයි
01:31
Video thumbnail
හරියට කරනවනම් කරපල්ලා..නැත්තම් දාලා පලයල්ලා - අනුරලා රජ වෙන්න ඉස්සර අරිහත් ධජයේ හැංඟිලා හිටියේ
09:57
Video thumbnail
මෛත්‍රී ගුණරත්න ආණ්ඩුවට දෙහි ක#පයි - සදාචාරයට පටහැනි දේවල් මේ ජනපති කරන්නේ
04:07
Video thumbnail
අනේ දෙයියනේ..අද ජාතියේ මුරදේවතාවන්ට ග#න ගැ#හිල්ල - සිවුරට අත තියනවනම් සියපාරක් හිතන්න ඕනි
03:09
Video thumbnail
චීවරය ගැන කට ඇරිය රාජිත - බුදුහාමුදුරුවෝ ගියේ නෑ රාජමාළිගාවලට..විලිලැජ්ජා නැති කතාද මේ
05:21
Video thumbnail
රාජ්‍ය බැංකුවේ මුදල් පෞද්ගලික ගිණුමට දාගත්ත පුද්ගලයට වසර 35ක සිරදඬුවම්
02:20
Video thumbnail
මහ රෑ නිවසට කඩා පැන්න අලියා කරපු දේ - පලයන් අප්පච්චි මගේ..පලයන් - හොඳ දෙයියනේ..
03:51