විදේශ රැකියා දෙන බව පවසා කළ වංචාව

ලියාපදිංචි විදේශ රැකියා නියෝජිත ආයතනයක් විසින් සකස් කරන ලද බවට හුවා දැක්වෙන ව්‍යාජ අත් පත්‍රිකා භාවිතා කරමින් විදේශ රැකියාවන් සදහා පිටත් කර යැවීම සදහා කාන්තාවන් බදවා ගත් පුද්ගලයෙකුව විදේශ සේවා නියුක්ති කාර්යංශයේ විශේෂ විමර්ශණ ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගෙන ඇත්තේ රත්ගම – නයාගොඩ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්.ඉකුත් 05 වැනිදා ගාල්ල – රත්ගම ප්‍රදේශයේ දේවාලයක් ආසන්නයේදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

තම ආයතනයේ නාමය භාවිත කරමින් කිසියම් අයෙකු විදේශ රැකියා ඇති බව දැක්වෙන අත් පත්‍රිකා බෙදා හරිමින් සිටින බව බද්දේගම ප්‍රදේශයේ ලියාපදිංචි විදේශ රැකියා නියෝජිත ආයතනයක හිමිකරුවෙකු විසින් විදේශ සේවා නියුක්ති කාර්යංශයට පැමිණිළි කර ඇත.එම පැමිණිල්ල සම්බන්ධයෙන් විමර්ශණ කටයුතු සිදු කිරීමෙන් අනතුරුව අත්අඩංගුවට ගැනීම සිදු වී තිබේ.

උපාය දූතයෙකු යොදවා කර ඇති විමර්ශණයකින් අනතුරුව අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.සැකකරු කාලයක් තිස්සේ නීත්‍යාණුකූල නොවන ආකාරයට කාන්තාවන්ව රැකියාවන් සදහා විදේශ ගත කිරීමේ කටයුතු සිදු කර ඇති බවට සැකකරන්නේ යැයි වැටලීම කළ නිලධාරීන් සදහන් කරයි. සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ රත්ගම ප්‍රදේශයේ දේවාලයක් ආසන්නයේදීය.තමන් විසින් රැකියාවන් සදහා විදේශ ගත කරන කාන්තාවන්ට සෙත් පතා ශාන්ති කර්ම සිදු කරන බවද සැකකරු පවසා ඇත. සැකකරු අත්අඩංගුවට පත්ව ඇත්තේ එවැනි ශාන්ති කර්මයක් සදහා පැමිණ සිටි මොහොතෙදීයි.

විදේශ සේවා නියුක්ති කාර්යංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති සැකකරු ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉරිපත් කිරීමෙන් අනතුරුව මෙම මස 15 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
3
+1
2
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.24
00:00
Video thumbnail
ගුවන් හමුදා කඳවුරේ නිලධාරීන්ව බියට පත් කළ අලියා
00:55
Video thumbnail
හෂීෂ් මත්ද්‍රව්‍ය සමඟ 18 හැවිරිදි තරුණියක් ගුවන්තොටේ දී කොටුවෙයි
01:27
Video thumbnail
හිතපු නැති විදිහට ඩෙංගු පැතිරෙනවා - පාලනය කරගන්න බැරුව ඉන්නේ
10:57
Video thumbnail
දයාසිරි උදෙන්ම කථානයාක එක්ක ගේම ඉල්ලයි
00:59
Video thumbnail
ඩ්‍රයිවර්ට එකපාරටම ෆිට්ස් හැදිලා ලංගම බස් රථය මුහුණ දුන් බිහිසුණු අනතුර
02:04
Video thumbnail
ලාල් කාන්තලා බත් ද කන්නේ - ඇට පිටින් ගංජා ගහලා වගේ කතා කරන්නේ
05:43
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.23
01:19:16
Video thumbnail
ඇමරිකාවෙන් දුන්න හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාරගත් අයුරු..ජනපති යානා ඔක්කොම බලයි
02:18
Video thumbnail
වැස්සෙන් පාසලට යන පාර වැහිලා..උදැල්ලක් අරගෙන පොලිස් නිලධාරියා කරපු දේ
00:46