විදේශ රැකියා දෙන බව පවසා කළ වංචාව

ලියාපදිංචි විදේශ රැකියා නියෝජිත ආයතනයක් විසින් සකස් කරන ලද බවට හුවා දැක්වෙන ව්‍යාජ අත් පත්‍රිකා භාවිතා කරමින් විදේශ රැකියාවන් සදහා පිටත් කර යැවීම සදහා කාන්තාවන් බදවා ගත් පුද්ගලයෙකුව විදේශ සේවා නියුක්ති කාර්යංශයේ විශේෂ විමර්ශණ ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගෙන ඇත්තේ රත්ගම – නයාගොඩ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්.ඉකුත් 05 වැනිදා ගාල්ල – රත්ගම ප්‍රදේශයේ දේවාලයක් ආසන්නයේදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

තම ආයතනයේ නාමය භාවිත කරමින් කිසියම් අයෙකු විදේශ රැකියා ඇති බව දැක්වෙන අත් පත්‍රිකා බෙදා හරිමින් සිටින බව බද්දේගම ප්‍රදේශයේ ලියාපදිංචි විදේශ රැකියා නියෝජිත ආයතනයක හිමිකරුවෙකු විසින් විදේශ සේවා නියුක්ති කාර්යංශයට පැමිණිළි කර ඇත.එම පැමිණිල්ල සම්බන්ධයෙන් විමර්ශණ කටයුතු සිදු කිරීමෙන් අනතුරුව අත්අඩංගුවට ගැනීම සිදු වී තිබේ.

උපාය දූතයෙකු යොදවා කර ඇති විමර්ශණයකින් අනතුරුව අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.සැකකරු කාලයක් තිස්සේ නීත්‍යාණුකූල නොවන ආකාරයට කාන්තාවන්ව රැකියාවන් සදහා විදේශ ගත කිරීමේ කටයුතු සිදු කර ඇති බවට සැකකරන්නේ යැයි වැටලීම කළ නිලධාරීන් සදහන් කරයි. සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ රත්ගම ප්‍රදේශයේ දේවාලයක් ආසන්නයේදීය.තමන් විසින් රැකියාවන් සදහා විදේශ ගත කරන කාන්තාවන්ට සෙත් පතා ශාන්ති කර්ම සිදු කරන බවද සැකකරු පවසා ඇත. සැකකරු අත්අඩංගුවට පත්ව ඇත්තේ එවැනි ශාන්ති කර්මයක් සදහා පැමිණ සිටි මොහොතෙදීයි.

විදේශ සේවා නියුක්ති කාර්යංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති සැකකරු ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉරිපත් කිරීමෙන් අනතුරුව මෙම මස 15 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතරගම දේවාලයට අයත් ඉඩමකදී තරුණයෙක් වෙ# තබා ඝා#නය කරලා - එහි පරික්ෂණ සිදුකරන අයුරු
01:18
Video thumbnail
විහාර මහාදේවී උද්‍යානයේ භික්ෂු සත්‍යග්‍රහයේ නවතම දර්ශන - සම්බුද්ධ පූජාව පූජා කරයි
03:08
Video thumbnail
නාමල් සුවඳ අරගෙන ගමින් ගමට එනවා - පාපිසි කුණු බක්කියට දාන කාලය හරි..අපි ආණ්ඩුව එක්ක හැප්පෙනවා
06:55
Video thumbnail
තලල්ල වෙරළෙන් සොයාගත් මලුවල අයිස් තිබෙන බවට සැකයක් - වෙරළට දැඩි ආරක්ෂාවක් දමා ඇති අයුරු
01:41
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි..බෙංගාල බොක්කේ සුළි කුණාටු තත්ත්වයක් ?
06:11
Video thumbnail
රට ආරක්ෂා කරනවා කියලා ඇවිත් බෞද්ධ ආගමට ග#නවා - අපිට නඩු දැම්මට අපි බය වෙන්නේ නෑ
04:52
Video thumbnail
මුළු කළුතරම සලිත කරමින් වෙරළ තීරයෙන් හමුවූ නාඳුනන නිසල සිරුර
00:37
Video thumbnail
අනුරාධපුර පූජා නගරයට වෙන්න යන දේ මෙන්න..ප්‍රබල හෙළිදරව්වක් - රුවන්වැලිසෑය නිකම් ස්මාරකයක් කරලා
07:19
Video thumbnail
සත්‍යග්‍රහය නවත්තන්න කාටවත් බලයක් නෑ..බොරු ප්‍රකාශවලට රැවටෙන්න එපා - මෛත්‍රී සැරටම දෙයි
04:23
Video thumbnail
භික්ෂු සත්‍යග්‍රහයට සහය වෙන්න මෛත්‍රී ගුණරත්න එයි - "බය වෙන්න එපා..මේක තනි කරන්නේ නෑ"
04:01