Update – දේවගැති ජෙරොම්ගේ පෙත්සම සලකාබැලීම කල් යයි

තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා දේවගැති ජෙරොම් ප්‍රනාන්දු විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම සඳහා ජුලි මස 28 වනදා දක්වා කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළා.

අදාළ පෙත්සම අද එස්. තුරෙයිරාජා, කුමුදුනී වික්‍රමසිංහ සහ ශිරාන් ගුණරත්න යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

එම අවස්ථාවේදී අතරමැදි පෙත්සමක් ඉදිරිපත් කළ පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් ඇතුළු පිරිස වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් සිය සේවාදායකයින් මීට පෙර පෙත්සම්කාර දේවගැතිවරයා සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඉල්ලමින් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළ බවත් එම මූලික අයිතිවාසිකම් පෙත්සම ජුලි මස 28 වනදා යළි කැඳවීමට නියමිතව තිබෙන බවත් පැවසුවා.

එම මූලික අයිතිවාසිකම් පෙත්සම ඉකුත් 24 වනදා අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේ දී පෙත්සම්කාර දේවගැතිවරයා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත සහ දණ්ඩ නීති සංග්‍රහය යටතේ විමර්ශන සිදුකරන බවට නීතිපතිවරයා විසින් අධිකරණය හමුවේ ප්‍රතිඥාවක් ලබාදුන් බව ජනාධිපති නීතිඥවරයා පැවසුවා.

එසේ තිබියදී තමන්ව අත්අඩංගුවට ගැනීම වැලැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා පෙත්සම්කාර දේවගැතිවරයා විසින් පෙත්සමක් ඉදිරිපත් කිරීම විමර්ශන කටයුතු වලට බාධාවක් බවත් එම පෙත්සම සලකා බැලීමට අධිකරණයට හැකියාවක් නොමැති බවත් ජනාධිපති නීතිඥවරයා පැවසුවා.

පෙත්සම්කාර දේවගැතිවරයා සිය ප්‍රකාශය තුළින් බෞද්ධ, හින්දු, ඉස්ලාම් යන ආගම් සහ ආගමික විශ්වාසයන්ට බරපතළ ලෙස ප්‍රහාර එල්ල කර ඇති බවත් ඔහු කියා සිටියා

ඒ, අනුව පෙත්සම්කාර දේවගැතිවරයාගේ මූලික අයිතිවාසිකම් පෙත්සම සම්බන්ධයෙන් තම සේවාදායකයින් දැඩි විරෝධය පළ කර සිටින බවත් ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා කියාසිටියා.

පෙත්සම්කාර දේවගැතිවරයාගේ ආධ්‍යාත්මික නායකයා ලෙස සැලකෙන ඌබට් ඒන්ජල් නමැත්තාට රන් ජාවාරම මෙන්ම මුදල් විශුද්දිකරණය සම්බන්ධයෙන් බරපතළ චෝදනා එල්ල වී තිබෙන බවට වාර්තා පළ වී ඇති බවත් ඔහු සිය නීති විරෝධී කටයුතු රටවල් 14 ක පමණ ව්‍යාප්ත කර තිබෙන බවත් ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන්නා.

මෙම ඌබට් ඒන්ජල් නමැත්තා ශ්‍රී ලංකාවට ද පැමිණ ඇති බවත් පෙත්සම්කාර දේවගැතිවරයාගේ “මිරකල් ඩ්‍රෝම් ” නැමැති යාඥා මධ්‍යස්තානය ඉදිකිරීම සඳහා රුපියල් බිලියන 3.3 ක ට වැඩි මුදලක් වැය කර තිබෙන බවත් සඳහන් කළ ජනාධිපති නීතිඥ ජයවර්ධන මහතා මෙවැනි විශාල මුදලක් මෙම කටයුතු සඳහා යෙදවුණු ලැබුවේ කෙසේද යන්න පිළිබඳව විමර්ශන සිදුවිය යුතු බවත් පැවසුවා.

ඒ, අනුව තම සේවාදායකයන්ට ද නඩු විභාගය සඳහා මැදිහත් වී කරුණු ඉදිරිපත් කිරීමට අවසර දෙන ලෙසයි ජනාධිපති නීතිඥවරයා වැඩිදුරටත් අධිකරණයෙන් ඉල්ලා සිටියා.

එම ඉල්ලීමට පෙත්සම්කාර දේවගැති ජෙරොම් ප්‍රනාන්දු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න සහ නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ප්‍රියන්ත නාවාන යන මහත්වරු විරෝධය පළ කළේ නැහැ.

ඒ, අනුව අතරමැදි පෙත්සම ඉදිරිපත් කළ ඇල්ලේ ගුණවංශ හිමියන් ඇතුළු පිරිසට මෙම පෙත්සම් විභාගය සදහා මැදිහත් වී කරුණු ඉදිරිපත් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අවසර ලබාදුන්නා.

ඉන් අනතුරුව පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රියන්සි අර්සකුලරත්න මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම තම පෙත්සමට කරුණු දැක්වීම සඳහා වසර දෙන ලෙස ඉල්ලා සිටියා.

එම අවස්ථාවේදී සාමාජික විනිසුරු ශිරානි ගුණරත්න සඳහන් කළේ අද දින නියම වී තිබෙන්නේ අතරමැදි පෙත්සමට අදාළ කරුණු සලකා බැලීම පමණක් බවයි.

ඉන් අනතුරුව තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා දේවගැති ජෙරොම් ප්‍රනාන්දු විසින් ඉදිරිපත් කළ පෙත්සම සලකා බැලීම සඳහා ජුලි මස 28 වන දා කැඳවන ලෙසයි අධිකරණය අද (05) නියම කළේ.

ඊට අමතරව පෙත්සමට අදාළ විරෝධතා තිබේනම් අද සිට සති තුනක් තුළ ගොනු කිරීමට පියවර ගන්නා ලෙස ද අධිකරණය විසින් පාර්ශවකරුවන්ට දැනුම් දුන්නා.

පෙත්සම්කාර දේවගැතිවරයා කියා සිටින්නේ ඉකුත් අප්‍රේල් මස 30 වන දා පැවැත් වූ දේව මෙහෙයකදී තමන් විසින් පළ කරන ලද මතයක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි.

ඊට අදාලව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර තමන්ව සැකකරුවකු ලෙස නම් කිරීමට පොලිසිය කටයුතු කර තිබෙන බවත් පෙත්සම්කරු කියා සිටියා.

ඒ, අනුව තමන්ට එරෙහිව සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත සහ දණ්ඩ නීති සංග්‍රහය යටතේ පොලිසිය විසින් පරීක්ෂණ ආරම්භ කර තිබෙන බව පවසන පෙත්සම්කරු තමන් විසින් පලකළ මතය තුළින් අදාළ වරදවල් උද්ගත නොවන බවත් පෙත්සම්කරු කියා තිබෙනවා.

තමන් විසින් පළ කරන ලද මතය තුළින් ආගමික අසමගියක් නිර්මාණය වන බව පොලිසිය විසින් ප්‍රකාශ කළද ඒ බව තහවුරු කෙරෙන සිද්ධීන් හෝ සාක්ෂි කිසිවක් පොලිසිය විසින් අධිකරණය හමුවේ ගොනු කර නොමැති බවත් පෙත්සම්කරු කියා සිටියා.

ඒ, අනුව පොලිසිය විසින් තමන්ව නීති විරෝධී ලෙස අත්අඩංගුවට ගැනීමට සූදානම් වන බවත් එම දේවගැතිවරයා සිය පෙත්සමෙන් ප්‍රකාශ කර තිබෙනවා.

මේ තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් මෙම පෙත්සම විභාග කොට අවසන් තීන්දුවක් ප්‍රකාශයට පත් කරන තුරු තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් වග උත්තරකරුවන් වෙත නිකුත් ලෙසත් ඉල්ලමින් පෙත්සම ඉදිරිපත් කර තිබෙනවා.

Update – 2023.06.05, 12.25PM

පාස්ටර් ජෙරොම්ගේ මූලික අයිතිවාසිකම් පෙත්සම කැඳවයි

තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා දේවගැති ජෙරොම් ප්‍රනාන්දු විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම අද (05) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවනු ලැබුවා.

එය කැඳවනු ලැබුවේ එස්.තුරෙයිරාජා, කුමුදුනි වික්‍රමසිංහ සහ ශිරාන් ගුණරත්න යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල ඉදිරියේයි.

එහිදී අතරමැදි පෙත්සමක් ඉදිරිපත් කළ ඇල්ලේ ගුණවංශ හිමියන් ඇතුළු පිරිසක් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන කරුණු දැක්වීමට අවස්ථාව අයැද සිටියා.

එම ඉල්ලීමට පෙත්සම්කාර ජෙරොම් ප්‍රනාන්දු දේවගැතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න විරෝධය පළ කළා.

මේ පිළිබඳ කරුණු විමසීම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් සුළු වෙලාවකට කල් තබනු ලැබුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මුළු තලවකැලේම ජනතාව භීතියට පත්කළ බස් නැවතුමේ බිහිසුණු සිදුවීම - ටවුන් එකේ ඉන්න බෑ
02:14
Video thumbnail
මහා දරුණු දේශපාලන කල්ලි අපි පලවා හැරියේ - අපිට ලැබුණේ අඩිය නැති ආර්ථිකයක් තිබුණ රටක්
10:53
Video thumbnail
මහින්ද මහත්තයා දකුණේ කියද්දි ගැම්මක් තිබුණා - නීතිය සැමට උඩින් කිව්වා..අද කෝ ආයෝජකයෝ ?
10:02
Video thumbnail
අධිබලැති විදුලි රැහැන් කණුවක නැගලා මනුස්සයෙක් දාපු සෙල්ලම - "පාන්දර ඉදලා ඉන්නේ..කෑගැහුවා"
02:02
Video thumbnail
දියවඩන නිලමේගෙන් පෙරහර ගැන විශේෂ ප්‍රකාශයක්..ඉතා විනයගරුකව පෙරහර නරඹන්න
02:08
Video thumbnail
ආනවිළුන්දාව අක්කර ගණනක් විනාශ කළ ගින්න ගැන හෙළිදරව්වක් - හිතාමතා කරපු වැඩක්ද ?
04:34
Video thumbnail
නන්දා මාලනිය සිංදුවෙන් කියපු දේ එළියේ කියන්න ගිහින් මම ඇතුළට ගියේ - මට නඩු අඩුවෙනවා
05:10
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27