පොසොන් වන්දනාවේ ආ තරුණයින් දෙදෙනෙක් ජල රකුසාට බිළි

දෙහිඅත්තකණ්ඩිය – හේනානිගල දකුණ වැවේ දිය නාමින් සිටි තරුණයින් දෙදෙනෙකු අද (04) අලුයම දියේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ගාල්ල, හබරාදුව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 19 සහ 20 යන වයස්වල පසු වූ තරුණයින් දෙදෙනෙක්.

මෙම තරුණයින් දෙදෙනා තවත් පිරියක් සමඟ පොසොන් වන්දනාවේ පැමිණ ඇති බවයි වාර්තා වුණේ.

මොවුන් දෙදෙනා වැවට බැස දිය නාමින් සිටිය දී මෙලෙස දියේ ගිලී ඇති අතර, අසල සිටි පිරිස උදව් ඉල්ලා කෑ ගැසීමත් සමඟ එහි පැමිණි ප්‍රදේශවාසීන් විසින් තරුණයින් ගොඩට ගෙන රෝහල් ගත කිරීමට කටයුතු කර තිබෙනවා.

කෙසේ වෙතත් ඔවුන් දෙහිඅත්තකණ්ඩිය රෝහල වෙත රැගෙන යාමේ දී ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

මිය ගිය තරුණයින් දෙදෙනාගේ මෘත ශරීර දෙහිඅත්තකණ්ඩිය රෝහලේ තැන්පත් කර ඇති අතර, දෙහිඅත්තකණ්ඩිය පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනුර සර්, ඔයාට ගොඩාක් පිං - නේපාල කෙල්ලෙක් සිංහලෙන්ම ස්තූති කරයි
01:35
Video thumbnail
බුදු අම්මෝ කියවුණා.. නූලෙන් නේද ජීවිතේ..
00:31
Video thumbnail
ජනාධිපතිතුමා පාරේ යද්දිත් මිනිස්සුන්ගේ හිත්වලට දැනෙන සතුට බලන්න..
00:17
Video thumbnail
ටිල්වින්ටත් නඩු නෑ, අනුරටත් නඩු නෑ - රටේ දියුණුව වැළැක්වූවේ ජවිපෙ
03:47
Video thumbnail
ජනතාව වෙනුවෙන් මන් මැ#න්නත් බය නෑ - චාමරට යකා ආවේශ වෙයි
16:11
Video thumbnail
බලාගෙන හිටියා වජිරයට කොහොමද දඩුවම් කරන්නේ කියලා. ලබන සිංහල අවුරුද්දට කලින් මේ ආණ්ඩුව ඉවරයි..
00:20
Video thumbnail
වජිර කතාව පටන්ගන්න යද්දී එකපාරටම පිරිසක් වේදිකාවට ගොඩවෙයි
04:04
Video thumbnail
බුලත් අත සම්පූර්ණ වෙන්නේ දුම්කොල තිබ්බොත්.. දැන් දුම්කොලත් අල්ලනවා ඉවරයි ඉවරයි සංස්කෘතිය ඉවරයි..
00:18
Video thumbnail
හොඳට හිතේ තියාගන්න.. ලියලා තියාගන්න.. එළවනවා එළවනවාමයි...
00:11
Video thumbnail
ලපයි සිපයි JVPකාරයොන්ට බය නෑ - මගේ බල්ලව විතරයි තාම අල්ලස් එකට ගෙනාවේ නැත්තේ
07:15