පොසොන් වන්දනාවේ ආ තරුණයින් දෙදෙනෙක් ජල රකුසාට බිළි

දෙහිඅත්තකණ්ඩිය – හේනානිගල දකුණ වැවේ දිය නාමින් සිටි තරුණයින් දෙදෙනෙකු අද (04) අලුයම දියේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ගාල්ල, හබරාදුව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 19 සහ 20 යන වයස්වල පසු වූ තරුණයින් දෙදෙනෙක්.

මෙම තරුණයින් දෙදෙනා තවත් පිරියක් සමඟ පොසොන් වන්දනාවේ පැමිණ ඇති බවයි වාර්තා වුණේ.

මොවුන් දෙදෙනා වැවට බැස දිය නාමින් සිටිය දී මෙලෙස දියේ ගිලී ඇති අතර, අසල සිටි පිරිස උදව් ඉල්ලා කෑ ගැසීමත් සමඟ එහි පැමිණි ප්‍රදේශවාසීන් විසින් තරුණයින් ගොඩට ගෙන රෝහල් ගත කිරීමට කටයුතු කර තිබෙනවා.

කෙසේ වෙතත් ඔවුන් දෙහිඅත්තකණ්ඩිය රෝහල වෙත රැගෙන යාමේ දී ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

මිය ගිය තරුණයින් දෙදෙනාගේ මෘත ශරීර දෙහිඅත්තකණ්ඩිය රෝහලේ තැන්පත් කර ඇති අතර, දෙහිඅත්තකණ්ඩිය පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
4
+1
0
+1
1
+1
10
+1
3
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?