මුහුදු කූඩැල්ලන් ඇල්ලූ චීන කතුන් දෙදෙනාට වැඩ වරදියි

මුහුදු කූඩැල්ලන් තිදෙනෙක් අල්ලාගෙන රැගෙන යමින් සිටි විදෙස් ජාතික කාන්තාවන් දෙනෙනෙක් සමුද්‍ර ජාතික උද්‍යානයේ නිලධාරින් විසින් සිය භාරයට ගෙන තිබෙනවා.

මෙලෙස සමුද්‍ර ජාතික උද්‍යානයේ නිලධාරීන්ගේ භාරයට ගෙන ඇත්තේ අවුරුදු 53 සහ 33 යන වයස්වල පසුවන චීන කාන්තාවන් දෙදෙනෙක් බවයි වාර්තා වන්නේ.

මොවුන් දෙදෙනා සංචාරයක් සඳහා මෙරටට පැමිණ හික්කඩුව ප්‍රදේශයේ නතරව සිට, හික්කඩුව සමුද්‍ර ජාතික උද්‍යානයෙන් මුහුදු කූඩැල්ලන් අල්ලාගෙන යමින් සිටියදී ලද තොරතුරක් අනුව අදාළ නිලධාරීන්ගේ භාරයට ගෙන තිබෙනවා.

අනතුරුව මොවුන් දෙදෙනා ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් ලක්මිණි විදානගමගේ වෙත ඉදිරිපත් කිරීමෙන් පසු එක අයෙකුට රුපියල් අනූපන්දහස දඩයක් මත නිදහස් කිරීමටයි නියෝග කර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
4
+1
1
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්