පොසොන් පොහොයට අනුරපුර යන්න විශේෂ බස්රථ සේවාවක් අද සිට

පොසොන් පොහොය නිමිත්තෙන් අද (02) සිට ලබන 05 වනදා දක්වා විශේෂ බස් සේවා ක්‍රියාත්මක බව ලංකා ගමනාගමන මණ්ඩලය සඳහන් කරනවා.

දිවයිනේ ප්‍රධාන නගරවල සිට අනුරාධපුරය දක්වා මෙම විශේෂ ප්‍රවාහන සේවා ක්‍රියාත්මක බව ගමනාගමන මණ්ඩලය වැඩිදුරටත් පැවසුවේ.

මේ අතර අද (02) සිට අනුරාධපුර සහ කොළඹ අතර විශේෂ දුම්රිය ගමන්වාර 12ක් ක්‍රියාත්මක කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවා.

එම දෙපාර්තමේන්තුව අද උදෑසන නිවේදනය කළේ උදෑසන 8.55ට කොළඹ කොටුවේ සිට කුරුණෑගල බලා ධාවනයට නියමිත දුම්රියේ ගමනාන්තය අනුරාධපුරය දක්වා දීර්ඝ කර ඇති බවයි.

යාල්දේවී දුම්රියේ මගී ධාරිතාව ඉක්මවා යෑම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?