හොරණ – කනන්විල කුඹුරු ඉඩම් ගොඩකළ අයට කෘෂි ඇමති නියමයෙන් නීතිය තදට

හොරණ, කනන්විල ප්‍රදේශයේ කුඹුරු ඉඩම් කිහිපයක් එක්තරා පුද්ගලයෙකු බලාත්කාරයෙන් පස් පුරවා ගොඩකරන බවට කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීරට පැමිණිලි ඉදිරිපත්ව තිබෙනවා.

ගොවිජන පනත යටතේ කුඹුරු ඉඩම් ගොඩකිරීම මේ වනවිට සම්පුර්ණයෙන්ම තහනම් කර ඇති බැවින් හොරණ, කනන්විල ප්‍රදේශයේ වගා කළ හැකි කුඹුරු ඉඩම් ගොඩකරන පුද්ගලයා සම්බන්ධව තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරන ලෙසයි කෘෂිකර්ම අමාත්‍යවරයා ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දී ඇත්තේ.

ඒ, අනුව මෙම ඉඩම් ගොඩකිරීම සදහා කිසියම් නිලධාරියෙක් මැදිහත් වීමක් හෝ අනුබලදීමක් ඇත්දැයි සොයා බලා ඔවුන්ට එරෙහිව විනය පියවර ගන්නා ලෙස ද අමාත්‍යවරයා උපදෙස් දී තිබෙනවා.

මේ අනුව දින කිහිපයක් තිස්සේ එක්තරා පුද්ගලයෙක් විසින් සිදුකරන ලද මෙම කුඹුරු ඉඩම් ගොඩකිරීම නැවැත්වීම සඳහා ගොවි ජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ නිලධාරින් මැදිහත් වී පියවර ගත් බව, එම දෙපාර්තමේන්තුව කෘෂිකර්ම අමාත්‍යවරයා දැනුවත් කර ඇති බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්