මිය ගිය බිරිඳගේ සිරුර හොර රහසේම ගෙවත්තේ වළදැමූ දෙවන සැමියා අත්අඩංගුවට

ඝාතනය කර වළදමන්නට ඇතැයි සැකකෙරෙන දෙදරු මවකගේ මළ සිරුරක් අනුරාධපුර මහේස්ත්‍රාත්වරයාගේ නියෝගය මත ගොඩගෙන පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා අධිකරණ වෛද්‍යවරයා වෙත යොමුකර තිබෙනවා.

මෙලෙස ගොඩගෙන ඇත්තේ විජේපුර – පණ්ඩුකාභය මාවතේ පදිංචිව සිටි අවුරුදු 50ක් පමණ වයසේ පසු වූ කාන්තාවකගේ මළ සිරුරක් බවයි වාර්තා වන්නේ.

ඝාතනයට ලක්ව ඇති බවට සැකකෙරන අදාළ කාන්තාව මීට වසර 09කට පමණ පෙර සිය නීත්‍යනුකූල සැමියා සහ දරුවන්ගෙන් වෙනත් පුද්ගලයෙකු සමඟ පැමිණ අනුරාධපුර – විජයපුර ප්‍රදේශයේ නිවසක එකට ජීවත්ව ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

අදාළ කාන්තාවගේ මරණය සම්බන්ධයෙන්, අවුරුදු 39ක දෙවන සැමියා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අසනීප තත්ත්වයක් හේතුවෙන් නිවස තුළදීම මෙම කාන්තාව ජීවිතක්ෂයට පත් වූ බවත් අනතුරුව ඇයගේ සිරුර ගෙවත්තේම වළ දැමූ බවත් සැකකාර දෙවන සැමියා මියගිය කාන්තාවගේ බාල සහෝදරයාගේ බිරිඳට පවසා ඇති බවයි වාර්තා වන්නේ.

ඒ, අනුව අදාළ සිද්ධිය සම්බන්ධයෙන් මැදවච්චිය පොලිසියට ලද පැමිණිල්ලකට අනුව සැකකාර දෙවන සැමියා අත්අඩංගුවට ගෙන වැඩිදුර පරීක්ෂණ සඳහා අනුරාධපුර පොලිසිය වෙත භාරදීමට කටයුතු කර තිබෙනවා.

මෙම මරණය සම්බන්ධ වැඩිදුර පරීක්ෂණ අනුරාධපුර පොලිසිය විසින් සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
3
+1
2
+1
3
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්