ශ්‍රී ලංකන් ගුවන් සේවය ප්‍රතිව්‍යුහගත කිරීමට සැලසුම්

ශ්‍රී ලංකාවට වැඩි ප්‍රතිලාභ අත්වන පරිදි ශ්‍රී ලංකන් ගුවන් සේවය ප්‍රතිව්‍යුහගත කිරීමට රජය බලාපොරොත්තු වන බව වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය ගරු නිමල් සිරිපාල ද සිල්වා පවසනවා.

වරාය සහ ගුවන් සේවා පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ සභාපතීත්වය දරමිනුයි ඔහු මේ බව සඳහන් කළේ.

ජාත්‍යන්තර මූල්‍ය විශේෂඥයන්ගේ උපදෙස් අනුව ශ්‍රී ලංකන් ගුවන් සේවය ප්‍රතිව්‍යුහගත කළ යුතු බවට කැබිනට් මණ්ඩලයේදී සාකච්ඡා වූ බවත් ඒ අනුව ලසාඩ් සමාගමට වගකීම පැවරී ඇති බවත් ඇමැතිවරයා ප්‍රකාශ කළා.

රටට වැඩි ප්‍රතිලාභයක් ඇති කර ගැනීම සඳහා මෙම කාර්ය සිදු කළ යුතු බවට රජය ඍජු ස්ථාවරයක සිටින බවයි ඔහු කියාසිටියේ.

ශ්‍රී ලංකාවේ ගුවන් ගමන්වලදී ගමනාන්තයන් ඇතුළු ගොඩබැස්සවිය හැකි රටවල් තීරණය සදහා අයිතියක් ඇති බැවින් මෙකී සියලු කරුණු සැලකිල්ලට ගැනීමට අපේක්ෂා කරන බව ද මෙහිදී අනාවරණය වුණා.

එබැවින් ප්‍රතිව්‍යුහගත කීරීමේදී ඒ සදහා භාවිත කළ හැකි හවුල්කාරිත්වයන් සම්බන්ධයෙන් බොහෝ විකල්ප තිබෙන බවත් ඉතා වාසිදායික ක්‍රමවේදයක් අනුගමනය කරන බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නා.

ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ඇතිව දේශපාලනඥයන් නොවන වෙනම විද්වත් කමිටුවක් මුදල් අමාත්‍යාංශයෙන් මේ වන විට පත්කර තිබෙනවා.

ප්‍රතිව්‍යුහගත කිරීම සිදු කළ යුතු ආකාරය පිළිබඳව මෙම කමිටුව ලසාඩ් සමාගම සමඟ සාකච්ඡා කරමින් කරමින් සිටින අතර රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් එම කමිටුව තීරණ ගනු ඇති බයි අමාත්‍යවරයා සඳහන් කළේ.

ඒ සමගම යාපනය ගුවන් තොටුපළ වෙත දැනට සතියකට දින හතරක් ගුවන් සේවා ක්‍රියාත්මක වන බවත් එය සතියේ දින හතක් දක්වා වැඩි කිරීමට ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස්වරයා සමඟ සාකච්ඡා කර ඇති බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

යාපනය ගුවන් තොටුපළේ ධාවන පථය දීර්ඝ කිරීම සඳහා ඉන්දියාවෙන් ණය මුදලක් අපේක්ෂා කරන බවත්, ණය පහසුකම ලැබුණු පසු ගුවන් තොටුපළ පුළුල් කිරීමේ කටයුතු සිදු කළ හැකි බවත් ඔහු පෙන්වා දුන්නා.

මෙම රැස්වීමේදී සීමාසහිත ශ්‍රී ලංකා නැව් සංස්ථාව, ජයබහාලුම් පර්යන්ත සමාගම, සිවිල් ගුවන් සේවා අධිකාරිය, ගුවන්තොටුපළ සහ ගුවන් සේවා (ශ්‍රී ලංකා) පෞද්ගලික සමාගම, ශ්‍රී ලංකන් එයාර්ලයින් සමාගම ආදී ආයතනවල ක්‍රියාකාරිත්වය පිළිබඳව ද සාකච්ඡා කර තිබෙනවා. මෙම ආයතන මගින් ඉදිරිපත් කර තිබූ වාර්ෂික වාර්තාවලට ද අනුමතිය හිමි වුණා.

මීට අමතරව, කාරක සභාව වෙත යොමු කරන ලද 2010 අංක 14 දරන සිවිල් ගුවන් සේවා පනත යටතේ අමාත්‍යවරයා විසින් සාදන ලද නියෝග 2 ක්ද 1971 අංක 52 දරන වෙළද පනත යටතේ නියෝග 13 ක්ද 1972 අංක 10 දරන නැව් නියෝජිතයන්ට, නැව් බඩු ගෙන යන්නන්ට, යාත්‍රා ක්‍රියාකරුවන් නොවන පොදු ප්‍රවාහකයන්ට සහ කන්ටේනර් මෙහෙයුම්කරුවන්ට බලපත්‍ර ලබා දීමේ පනත යටතේ අමාත්‍යවරයා විසින් සාදන ලද එක් නියෝගයකටද කාරක සභාවේ අනුමැතිය හිමිවී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මාතර ඇතුළු ප්‍රදේශ රැසකට මහ වැසි ඇදහැලුණු හැටි
01:26
Video thumbnail
සාගරිකා පීලි ප#නී - දුම්රිය ගමනා ගමනයට බාධා
00:47
Video thumbnail
බසයකට නැගීමට උත්සහගත් මගියකු බසයෙන් ඇද වැ#ටෙන අයුරු
00:10
Video thumbnail
සාම පාගමන මදකට නතරවී ළමයෙකුට දැක්වූ අනුකම්පාව බලන්නකෝ
00:46
Video thumbnail
මාධ්‍යයේ කටවල් වහන්න නම් ලෑස්ති වෙන්න එපා..මේ වගකීමෙන් ජනපතිට බැහැර වෙන්න බෑ
02:59
Video thumbnail
සාම පාගමන මදකට නතරවී භික්ෂූන් වහන්සේලා ළමයෙකුට දැක්වූ අනුකම්පාව බලන්නකෝ
01:09
Video thumbnail
ලැජ්ජයි විතරක් නෙවෙයි විලි ලැජ්ජයි වර්තමාන ආණ්ඩුවේ තත්ත්වය..මේවා ජනපතිගේ මුදල් නෙවෙයිනේ
06:00
Video thumbnail
වාද්දූව දුම්රිය ස්ථානය ආසන්නයේ සාගරිකා පීලි පනී - දුම්රිය ගමනා ගමනයට බාධා
01:19
Video thumbnail
ගමන් ගත් බසයකට නැගීමට උත්සහගත් මගියකු බසයෙන් ඇද වැටෙන අයුරු
00:32
Video thumbnail
Number Plate එකේ ගහල තිබ්බ Province එක අයින් කරන්න හේතුව මෙන්න..දැන් යුද්දය ඉවරයිනේ..අවශ්‍ය නෑනේ
02:33