දණහිසේ ආබාධයට ප්‍රතිකාර ගන්න පැමිණි කුවේට් ව්‍යාපාරිකයාට කටුනායකදී අකරතැබ්බයක්

වායු රයිෆලයක් රැගෙන කුවේට් රාජ්‍යය බලා යාමට පැමිණි කුවේට් ජාතිකයෙකු ගුවන් තොටුපොළ ආරක්ෂක අංශ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගුවන් තොටුපොළ පොලිසිය වෙත භාර දී තිබෙනවා.

මෙම පුද්ගලයා මෙරටින් මිළදී ගත් වායු රයිෆලයක් සිවිල් ගුවන් සේවා අධිකාරියේ අවසරය නොමැතිව කුවේට් රාජ්‍යය බලා රැගෙන යාමට ඊයේ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.

සලීම් මොහොමඩ් නැමැති 75 හැවිරිදි මෙම කුවේට් ජාතිකයා එරට සාප්පු හිමි ව්‍යාපාරිකයෙක් බව සඳහන්.

ඔහු ඊයේ (31) සවස 06.15ට කුවේට් රාජ්‍යය බලා පිටත්ව යාමට නියමිතව තිබූ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ UL – 229 දරණ ගුවන් යානය අපේක්ෂාවෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.

ඔහු රැගෙන ආ ගමන් මල්ලක් තුළ මෙම වායු රයිෆලය තිබූ අතර එය කටුනායක ගුවන් තොටුපොළ පිටත්වීමේ පර්යන්තයේ දෙවන ආරක්ෂක කපොල්ලෙහි පිහිටි පරිලෝකන යන්ත්‍රය මගින් අනාවරණය කර ගෙන තිබෙනවා.

මේ සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වූ සැනින් ගුවන් තොටුපොළ ආරක්ෂක නිලධාරීන් මෙම ගුවන් මගියා සහ එම වායු රයිෆලය කටුනායක ගුවන් තොටුපොළ පොලිසියේ නිලධාරීන් වෙත භාර දීමට පියවර ගෙන තිබුණා.

ඔහු මෙරටට පැමිණ ඇත්තේ තම දණහිසේ ආබාධයක් සඳහා ප්‍රතිකාර ලබා ගැනීම වෙනුවෙන්.

මෙම වායු රයිෆලය ගිනි අවියක් නොවන බවත් එය ශ්‍රී ලංකාව තුළ භාවිතා කිරීමට ආරක්ෂක අමාත්‍යාංශයෙන් නිකුත් කළ බලපත්‍රයක් ද ඔහුට හිමි බවත් කටුනායක ගුවන් තොටුපොළ පොලිසිය කළ විමර්ශනවල දී අනාවරණය වී තිබෙනවා.

එහෙත් ඔහුට මෙම අවිය ගුවන් මගින් රැගෙන යාම සදහා ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය මගින් නිකුත් කළ අවසර පත්‍රයක් නොමැති වීම හේතුවෙනුයි මෙම අත් අඩංගුවට ගැනීම සිදු කර ඇත්තේ.

පසුව මේ පිළිබඳව වැඩිදුර විමර්ශනවලින් අනතුරුව කටුනායක ගුවන් තොටුපොළ රාජ්‍ය බුද්ධි සේවය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය මෙම අවිය ගුවන් මගින් එරටට ගෙන යාමට අවසර ලබා දීමත් සමඟ මෙම කුවේට් ජාතිකයා වෙත මෙම වායු රයිෆලය නිදහස් කර තිබෙනවා.

ඒ අනුව ඔහු හෙට (02) කටුනායක ගුවන් තොටුපොළෙන් කුවේට් රාජ්‍යය බලා පිටත්ව යාමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
0
+1
13
+1
0
+1
1
+1
4
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග - Fleet Broadband චන්ද්‍රිකා සන්නිවේදන පද්ධතියක්
00:55
Video thumbnail
"මීහ#ක් ටික අලුත් විකාරරූපි දර්ශනයක් ගෙනයනවා"ප්‍රසාද්ගේ දැඩි ප්‍රකාශයට නලින්ද සැරටම කිව්ව දේ
01:36
Video thumbnail
ජපානයට යන්න කලින් මේ කරුණු අනිවාර්යයෙන් දැනගන්න! | 2026 Update - ජපානයේ රැකියා අවස්ථා වැඩි වෙයි
03:48
Video thumbnail
අතුරුදහන් වූවන්ගේ පවුල්වලින් මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණිල්ලක් - සාධාරණයක් වෙනකල් සටන් කරනවා
03:38
Video thumbnail
නාවින්න බස් නැවතුමේදී රියදුරන් හා කොන්දොස්තරවරුන්ගේ අහඹු මත්ද්‍රව්‍ය පරීක්ෂාවක්
03:45
Video thumbnail
ඇමතිලා භාවිත කළ කොළඹ නිල නිවාසවලට මොකද වෙන්නේ? අමු කැලෑවෙලා තියෙන්නේ..ගේට්ටු කැඩිලා
02:02
Video thumbnail
සෙංකෝලය ගිල්ලත් නඩු අහන වේගය අඩුවෙන්නේ නෑ
02:46
Video thumbnail
යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:32
Video thumbnail
යල කන්නයේ වී මිලදී ගැනීමේ සැලසුම් පිළිබඳ ජනපති ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාව
01:19
Video thumbnail
ඉන්ධන මිල අඩුවීම ගැන නලින්ද හෙළිකරයි - සහනය ඉවත් කළොත් මිල තව ඉහළ යනවා
02:43