ආදීවාසීන්ගෙන් රටටම ආදර්ශමත් වැඩක්

මගේ ගමේ මගේ පරම්පරාවේ මිනිස්සු එක වේලක වැය කරන මුදල් එකතු කරලා මිහින්තලේ පොසොන් සැමරුම සැමරීමට ආධාර කරන්න සූදානම් වෙලා ඉන්නවා.රටේ අර්බුදයක් අහේනියක් තියෙනවා කියලා රජයට මිහින්තලේ පොසොන් සැමරුම මග ඇර ඉන්න බෑ. මේ සිද්ධිය ලෝකයට ගියාම අපිට ලොකු අපකිර්තියක් යැයි ආදිවාසී නායක විශ්ව කිර්ති වනස්පතී ඌරුවරිගයේ වන්නිලා ඇත්තන් පවසයි.

මෙවර පොසොන් ජාතික උත්සවය පැවැත්වෙන මිහින්තලා පුදබිමට විදුලි ආලෝකය ලබාදිය නොහැකි බවට රජයේ වගකිවයුතු නිළධාරින් පැවසීමත් සමඟ පොසොන් උත්සවය සංවිධානය කර ගැනිම වෙනුවෙන් ආධාර එකතු කර ගැනිම වෙනුවෙන් මහ සඟරුවන පිඬු සිඟා වැඩිම සම්බන්ධයෙන් ආදිවාසී නායක විශ්ව කිර්ති වනස්පතී ඌරුවරිගයේ වන්නිලා ඇත්තන් මේ බව පැවැසීය.

ආදිවාසී නායක වන්නිලා ඇත්තන් අදහස් දකවමින් මිහින්තලාව කියලා කථා කරන්නේ මේ රටේ ලොකු ඉතිහාසයක් තියෙන, බුදු රජානන් වහන්සේගේ නිර්මල දහම මේ රටට ඉස් ඉස්සෙල්ලාම රැගෙන ආපු ස්ථානය. දන්න ඉතිහාසයක් ඉදලාම මිහින්තලාවේ පොසොන් පෙරහර, පොසොන් උත්සවය සැමරුම සමරනවා. මම දන්න විදියට ඒක මේ රටේ ඉතිහාස ගත වේච එකක්. හැබැයි මේ අවුරුද්දේ එතැන ලොකු අර්බුදයක් තිබෙනවා. මට මේ දිනවල දැනගන්න ලැබෙනවා දකින්න ලැබෙනවා මිහින්තලාවේ නායක ස්වාමින් වහන්සේ ලොකු කරදරයකට පත් වෙලා ඉන්නවා. ඇත්ත වශයෙන්ම මේ ගැන නායක ස්වාමින් වහන්සේට වැඩියෙන් ආන්ඩුවට ලොකු වගකීමක් තියෙනවා. මේ රටේ බුද්ධශාසන අමාත්‍යාංශයක් තියෙනවා. සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයක් කියලා එකක් තියෙනවා. ඇත්ත වශයෙන්ම රටේ අර්බුදයක් අහේනියක් කියලා එකක් තියෙනවා. එහෙම තිබ්බා කියලා රජයට ඒ ගැන නොසලකා ඉන්න මග ඇර ඉන්න බැහැ.

මම දැක්කා නායක ස්වාමින් වහන්සේ දානයට පිඬු සිඟා වඩිනවා. මේක රටක් හැටියට ජාතියක් හැටියට අපට ගැලපෙන දෙයක් නෙවෙයි. මේ රටේ තියෙන ආන්ඩුව විදියට ඒ ගැන සොයලා බලන්න ඕන. එහෙම සොයා බලලා මේ වගේ වටිනා උත්සව වටිනා අවස්ථා ආරක්ෂා කිරිම ආණ්ඩුවට තියෙන වගකීමක්. අමාරුවෙන් හරි කීයක් හරි එකතු කරලා හෙට දවසේදී එම මුදල් නායක ස්වාමින්වහන්සේට බාර දෙන්න සූදානමින් ඉන්නවා “ යැයි පැවසීය



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු කැබිනට් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය විසින් රචිත යුධ දෙකකට උර දී කෘතිය ගැන සිදුකළ විශේෂ සාකච්ඡාව
34:01
Video thumbnail
බෙල්ලන්විල පෙරහැරට ගිය සජිත් සහ දිලිප් - මාරුවෙන් මාරුවට කරඬුව වඩම්මන හැටි බලන්නකෝ
02:08
Video thumbnail
වනජීවී ඡායාරූප ශිල්පීන් යැයි කියාගත් පිරිස කාවන්තිස්සට කරන කැත වැඩේ - පන්නද්දි කට්ටිය හතර අතේ යයි
01:02
Video thumbnail
අධිකරණය ගැන කියලා සජිත් ආණ්ඩුවට හොඳ පදෙන්ම දෙසයි - ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරන්න වරමක් නෑ
11:38
Video thumbnail
නාමල් - ඇමති නලින්ද එකට හමුවූ මොහොත
01:20
Video thumbnail
පාඨලීගේ බඩේ වැදුණ අලියාගේ හොඩේ
00:24
Video thumbnail
ඇතුන් බලන්න ගිය විපක්ෂ නායක සජිත්
02:25
Video thumbnail
ඇයි මෙයා වාසනා ළඟ තියන්නේ නැත්තේ ?ඇතුන් බලන්න ගිය විපක්ෂ නායක සජිත්
02:53
Video thumbnail
උද්ඝෝෂණ කරලා වතුර ගැ#වම හැංගිච්ච කෙනෙක්නේ ජනපතිතුමා - මෙයා හෙල්ලිලා යන්නේ..බයවෙලා
03:00
Video thumbnail
JVPට බඩේ අමාරුවක් හැදුනත් පාරට බැස්සා - වී ගොවියා වෙනුවෙන් වැඩිපුරම පාරට බැස්සේ JVP එක
06:17