කුකුළු මස්, මාළු සහ බිත්තර මිල ගණන් සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බව පාරිභෝගිකයින් පවසනවා.
ඊට අමතරව එළවළුවල මිල ගණන් ද සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
රුපියල් 1,000ත් 1,200ත් අතර මිලකට පැවති කුකුළු මස් කිලෝවක මිල මේ වනවිට රුපියල් 1,500ත් 1,600ත් දක්වා ඉහළ ගොස් ඇති බව වෙළඳපොළ ආරංචි මාර්ග පවසනවා.
එමෙන්ම මත්ස්‍ය වෙළෙඳපොළේ මත්ස්‍ය මිල ගණන් ද සාමාන්‍ය ලෙස මිල ඉහළ ගොස් ඇති අතර, තලපත් කිලෝවක් රුපියල් 2,700ක්, කෙලවල්ලා කිලෝවක් රුපියල් 1,900ක්, බලයා කිලෝවක් රුපියල් 1,400ක් සාලයෝ කිලෝවක් රුපියල් 600ක් වැනි ඉහළ මිලකට අලෙවි වන බවයි වෙළඳපොළ තොරතුරු වාර්තා සඳහන් කළේ.
බිත්තර සඳහා පාලන මිලක් පැවතිය ද වෙළෙඳපොළේ තවදුරටත් සුදු බිත්තරයක් රුපියල් 55කට ආසන්න මිලකට මේ වනවිට අලෙවි වන අතර, රතු බිත්තරයක් අලෙවි වන්නේ රුපියල් 60කට ආසන්න මිලකටයි.
මෙවැනි තත්ත්වයක් මත පාරිභෝගිකයින් පවසන්නේ රජය මැදිහත්ව භාණ්ඩවල මිල ගණන් අඩු කිරීමට කටයුතු කරන ලෙසටයි.
මේ අතර මෙලෙස භාණ්ඩ මිල ගණන් ඉහළ යාම පිළිබඳව අමාත්‍ය මණ්ඩලයේ අවධානය යොමුව ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන අද (30) පැවති අමාත්‍යමණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී සඳහන් කළා.














MARA HINGANA HORA MUSLAYO 225 APE WIYADAMIN APE BADHU SALLI WALIN SEPATA KALA BEELA FUN ARAGENA MEDIA WALIN APITAMA KINDIYA DAGNA INNAWA MISAK MEWATA WEDA KARANNE NAHE. MUNTA MULU JANATHAWA GENAMA THIYENNE WAYIRAYAK, UNTA NELUWA NISA. EYI UNTA NELUWE EHEMA WENNA HETHUWA UNGEMA WERADHI BAWA UN DANNAWA, PILIGANNE NAHE.PALI GANNAWA