AFC Banner
Empty Ad
Empty Ad

චෙන්නායි සුපිරි රජවරු රජ කරවූ IPL අවසන් මහා තරග රාත්‍රිය (ඡායාරූප)

පසුගියවර ශූරයින් වූ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම පරාජය කරමින් 2023 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ශූරතාව හිමිකර ගන්නට ප්‍රබල චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට අද (30) අලුයම හැකියාව ලැබුණා.

අවසන් මහා තරගය පැවති අහමදාබාද් ක්‍රීඩාංගණයට පතිත වූ මහ වැසි මැද පැවති මෙම තරගයෙන් ඩක්වත් ලුවිස් න්‍යායට අනුව චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම ජයගත්තේ කඩුලු 05කින්.

දෙපිළටම තීරණාත්මක මෙම තරගයේ කාසිය වාසිය හිමිකර ගැනීමට චෙන්නායි නායක මහේන්ද්‍ර සිං දෝණිට වාසනාව හිමි වූ අතර, එම අවස්ථාවෙන් ඔහු තීරණය කළේ පළමුව පන්දුවට පහරදීමේ අවස්ථාව ගුජරාට් ටයිටන්ස් ක්‍රීඩකයින්ට ලබාදීමටයි.

ඒ, අනුව ඉදිරි සැලැස්ම ක්‍රියාත්මක කිරීමේ අරමුණින් දෝණි ගත් එම තීරණයට ප්‍රබල පිළිතුරක් සපයන්නට ගුජරාට් පිතිකරුවන් සමත් වුණේ නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 04ක් දැවී ලකුණු 214ක දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කරමින්.

21 හැවිරිදි යොවුන් ක්‍රීඩක ශායි සුදර්ශන් වටා ගොඩනැඟුණු ගුජරාට් ඉනිම ශක්තිමත් කරමින් ආරම්භක පිතිකරු වෘද්ධිමාන් සහා ලකුණු 54ක් රැස් කළා.

ඔහු සමඟ ඉනිමේ වටිනාම සබඳතාව ගොඩනැඟූ ශායි සුදර්ශන් ලකුණු 96ක් රැස් කළේ පන්දු 47කට පමණක් මුහුණ දෙමින්.

පන්දු යැවීමේ දී මේ වනවිට ඉන්දියාව තුළ සුපිරි තරුවක් බවට පත්ව ඇති මතීෂ පතිරණ ගුජරාට් ඉනිමේ කඩුලු 02ක් බිඳ දැමූ අතර, දීපක් චාහර් සහ රවීන්ද්‍ර ජඩේජා එක් කඩුල්ල බැඟින් බිඳ දැමුවා.

ඒ, අනුව ගුජරාට්ය් ක්‍රීඩකයින් සිය ඉනිම අවසන් කළේ අයි.පී.එල්. අවසන් මහා තරගයක දී කණ්ඩායමක් රැස්කළ ඉහළම ලකුණු සංඛ්‍යාව වාර්තා කරමින්.

අනතුරුව පන්දු 120ක් තුළ ලකුණු 215ක දැවැන්ත ඉලක්කයක් හඹායාමට චෙන්නායි ආරම්භක පිතිකරණ යුගළය පිටියට පිවිසි අතර, චෙන්නායි ඉනිමේ මුල් පන්දු තුන යවා අවසන් වෙද්දී අහමදාබාද් නුවර නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයට මහ වැසි පතිත වුණා.

ඒ, හේතුවෙන් තරගය මධ්‍යම රාත්‍රී 12.10 දක්වා කල් දැමීමටයි සිදු වුණේ.

කෙසේ වෙතත් වර්ෂාව අවසන්වීමෙන් පසු ක්‍රීඩාංගණය භාර සහාය කාර්ය මණ්ඩලය තරගය යළි ආරම්භ කිරීම වෙනුවෙන් ක්‍රීඩාංගණය සකසන ආකාරය පිළිබඳව බොහෝ දෙනෙකුගේ අවධානයට යොමු වුණා.

පැය කිහිපයක පමාවකින් පසු තරගය ආරම්භ වුණේ චෙන්නායි කණ්ඩායමට ඩක්වත් ලුවිස් න්‍යායට අනුව පන්දුවාර 15ක් තුළ ලකුණු 171ක ඉලක්කයක් හිමිකර දෙමින්.

ඒ, අනුව අදාළ ඉලක්කය හඹා යාමේ දී ආරම්භක පිතිකරු ඩෙවොන් කොන්වේ ලකුණු 47ක් රැස්කළ අතර, ශිවම් ඩුබේ නොදැවී ලකුණු 32ක් රැස්කළා.

තරගයේ ජය දෙපිළටම දෝලනය වෙමින් පැවති අවස්ථාවේ පිටියට පිවිසි, සිය අවසන් අයි.පී.එල්. තරගය සඳහා ක්‍රීඩා කළ අම්බටි රයිදු පන්දු 08ක් තුළ වේගවත් ලකුණු 18ක් රැස්කළා.

තීරණාත්මක මෙම තරගයේ අවසන් පන්දුවාරය වන විට ජයග්‍රහණය දෙපිළටම සම සමව පැවති අතර, ඒ අනුව අවසන් පන්දුවාරය තුළ ජයග්‍රහණය වෙනුවෙන් චෙන්නායි පිළට ලකුණු 13ක් අවශ්‍යව පැවතියා.

ඒ, අනුව එම පන්දුවාරය යැවීමේ වගකීම තරගාවලිය තුළ ගුජරාට් කණ්ඩායමේ සාර්ථකම පන්දු යවන්නා වූ මෝහිත් ෂර්මා වෙත භාරකිරීමට හර්දික් පාණ්ඩ්‍යා කටයුතු කළා.

මෝහිත් ෂර්මා එම පන්දුවාරයේ පළමු පන්දු 04 තුළ දී තමන්ට පැවරූ වගකීම අකුරටම ඉටු කළේ ලකුණු 03ක් පමණක් ලබා දෙමින්.

ඒ, අනුව ජයග්‍රහණය වෙනුවෙන් චෙන්නායි පිළට අවසන් පන්දු දෙක තුළ ලකුණු 10ක ඉලක්කයක් හිමිව තිබුණේ අවසන් මහා තරගයේ උණුසුම විඳගැනීමට එක්රොක්ව සිටි මිලියන සංඛ්‍යාත ප්‍රේක්ෂකයින්ගේ හදවත් මොහොතකට නතර කරමින්.

එහිදී චෙන්නායි සියලු බලාපොරොත්තු තම කර මතට ගත් සුපිරි ක්‍රීඩක රවීන්ද්‍ර ජඩේජා අවසන් පන්දු දෙකට හයේ පහරක් සහ හතරේ පහරක් එල්ලකරමින් තීරණාත්මක අවසන් මහා තරගයේ ජය චෙන්නායි දෙසට රැගෙන ඒමට සමත් වුණා.

එත් සමඟ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම ගුජරාටය පරාජය කරමින් කඩුලු 05ක ජයක් හිමකර ගත්තේ තම පස්වන අයි.පී.එල්. ශූරතාව සිය දෝතට ගනිමින්.

එහිදී අවසන් මහා තරගයේ වීරයා ලෙස චෙන්නායි ආරම්භක පිතිකරු ඩෙවොන් කොන්වේ සම්මාන ලැබූ අතර, පුරා මාස එක හමාරක පමණ කාලයක් පැවති මෙම තරගාවලියේ වීරයා බවට, තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා වූ ශුබ්මන් ගිල් සම්මානයට පාත්‍ර වුණා.

b230c3ec 0674 45a5 8b00 a9f05c40b5a6
fc0a181c ebde 4fd0 8345 5903099e966b
b41854b2 d6e6 494c 8c21 e7dcebe7c96d
e91007bf 1e3f 4e2d af49 29850f7616c6
e8c0eeac cc3d 498d 8d4c c772c5dcd476
2a34269e 7c9c 4474 b0c5 97bff7efda83
5df446b4 cce2 41c7 b8c3 73f261f057fd
8edef44b 28fe 40a0 9ab7 828ee5214bef
76cebc8b 3445 43a8 85a1 53a3544a2ed2
f31ffbc8 c864 48de 96ad 78aba94de81e
c79f7c15 3a31 4e2b 8597 d426e2be27b6
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
12
+1
2
+1
4
+1
3
+1
1
+1
3
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?