බුදු දහමට අපහාස කළ කාන්තාව සමග රට යන්න තවත් අයෙක් ඇවිත්

අද අලුයම කටුනායක ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගනු ලැබූ නටාෂා එදිරිසූරිය නැමැති කාන්තාව සම්බන්ධයෙන් නාරාහේන්පිට පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් විමර්ශන ආරම්භ කර තිබෙනවා.

බෞද්ධ ආගමට, බෞද්ධ සහ කිතුණු පාසැල්වලට මෙන්ම ඒවායේ ඉගෙනුම ලබන සිසුවියන්ට අපහාස වන පරිදි ” මෝඩාභිමානය ” නැමැති වැඩසටහනක් ඉදිරිපත් කළ මෙම කාන්තාව අද අලුයම සිංගප්පූරුව බලා පිටත්ව යාම සඳහා කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියදී යි ආගමන විගමන නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත භාර දෙනු ලැබුවේ.

මෙම කාන්තාව විදේශ ගත වීමට පැමිණීමේදී අත්අඩංගුවට ගන්නා ලෙස නාරාහේන්පිට පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් කටුනායක ආගමන විගමන නිලධාරීන් වෙත ලිඛිත ඉල්ලීමක් කර තිබූ බව සඳහන්.

ඒ අනුව ඇය ඊයේ (27) රාත්‍රී 11.30 ට පමණ කටුනායක ගුවන් තොටුපළ පිටත්වීමේ පර්යන්තයේ දී ආගමන විගමන නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා .

31 හැවිරිදි මෙම කාන්තාව ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචිකාරියක් බව සඳහන්.

ඇය අද (28) දින අලුයම 12.05ට මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර බලා කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව යෑමට නියමිතව තිබූ මැලේසියානු ගුවන් සේවයේ MH- 178 දරන ගුවන් යානය අපේක්ෂාවෙනුයි පැමිණ තිබුණේ.

බුදු දහමට අපහාස වන ප්‍රකාශ කළ මෙම කාන්තාව සමග පිටත්ව යාම සඳහා හෙන්නායක මුදියන්සේලාගේ පැතුම් බණ්ඩාර එගොඩවත්ත නම් අයෙකු ද කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබූ බව සඳහන්.

එහෙත් ඇය අත්අඩංගුවට ගැනීමෙන් පසුව ඔහු ද සිය ගුවන් ගමන අතහැර ආපසු පිටත්ව ගොස් තිබෙනවා.

මොවුන් දෙදෙනා මෙම මැලේසියානු ගුවන් යානයෙන් ක්වාලාලම්පූර් නුවර වෙත ගොස් එතැන් සිට වෙනත් ගුවන් යානයකින් සිංගප්පූරුව බලා පිටත්ව යාමට සැළසුම් කර කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ සිටි බවටයි හෙළිවී ඇත්තේ.

අත්අඩංගුවට ගත් කාන්තාව අලුයම 01.20ට පමණ කටුනායක ගුවන් තොටුපළ ආගමන විගමන නිලධාරීන් විසින් නාරාහේන්පිට පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් වෙත භාර දීමට පියවර ගෙන තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
10
+1
0
+1
57
+1
1
+1
2
+1
6
+1
3
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තාත්තට නඩු, අම්මට නඩු, මල්ලිට නඩු - කතාකරන්න කළින් නඩුවලින් නිදහස් වෙලා එන්න
07:37
Video thumbnail
අධිකරණයේ බලය ජනපති නතු කරගන්න යන්නේ ? - සියල්ල යටපත් කරගෙන ඉන්නේ කුමන්ත්‍රණයකට
08:16
Video thumbnail
සිල්ලර වැඩ කරලා ගොවියාව නවත්වන්න බෑ - සෙල්ලම් දාන්න එන්න එපා
06:31
Video thumbnail
චීන සහෝදරත්වයේ සෙනෙහස රැගෙන චීන තානාපති දිලිත්ගේ ගමට
05:45
Video thumbnail
පරණ මන්තරයම ජප කරන්න හදන්නේ දෙවෙනි ඉනිම ජයග්‍රහණය කරන්න - ජනපතිට කිසිම දැක්මක් නෑනේ
04:34
Video thumbnail
සජිත් ජනාධිපති වුණා නම්, අද මන් විනාඩියක්වත් පාර්ලිමේන්තුවේ ඉන්නේ නෑ
09:52
Video thumbnail
ගොවියෝ එකතුවෙලා මේ ආණ්ඩුව පෙරළනවා
07:58
Video thumbnail
ආණ්ඩුව ගෙදර යන්න ලෑස්ති වෙන්න
01:25
Video thumbnail
ලොකු මිනිස්සුන්ටත් හිතන්න දෙයක් කියලා දුන්න පුංචි දරුවෝ ටික - යාළුකමට දෙන්න පුළුවන් හොඳම උදාහරණය
03:54
Video thumbnail
මොණරාගලට ඇදහැළුණු අයිස් වැස්ස
01:21