රජය ණය නොගෙ වූ නිසා පොහොර සැපයුම්කරුවන් ගොවීන්ගෙන් හූරා කාලා

2021 මහ කන්නයේ සිට මෙරට ගොවීජනතාවට ලබාදීමට ආනයනය කරන ලද කාබනික හා රසායනික පොහොර සඳහා පොහොර සැපයුම්කරුවන්ට ණය වශයෙන් ගෙවීමට තිබූ මුදලින් රුපියල් මිලියන 18,000ක් මේ වනවිට ගෙවා ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර සඳහන් කරනවා.

තවත් රුපියල් මිලියන 2000ක් පමණ මුදලක් එම සැපයුම්කරුව වෙත ගෙවීමට ඇති බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

ඊයේ (25) පස්වරුවේ කාෂිකර්ම අමාත්‍යාංශයේ දී පැවැති පොහොර සැපයීමේ ක්‍රියාවලිය පිළිබඳ සාකච්ඡාවක දී අමාත්‍යවරයා මෙම කරුණු අනාවරණය කළා.

2022 යල කන්නයේ දී පුද්ගලික අංශය විසින් යූරියා පොහොර මිටියක් රුපියල් 40,000කට ආසන්න මුදලකට අලෙවි කරනු ලැබුවේ ඔවුන්ට රජයෙන් අය විය යුතු ණය මුදල් නොගෙවීම හේතුව නිසා බවයි අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කර ඇත්තේ.

ඒ, අනුව එම පොහොර සැපයුම්කරුවන්ට රජයෙන් අය විය යුතු මුදල රටේ ගොවීන්ගෙන් අය කිරීමට වැඩි මුදලට යුරියා පොහොර අලෙවි කිරීමට කටයුතු කර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

කෙසේ වෙතත් මේ වනවිට ඔවුන්ට ගෙවීමට තිබු ණය මුදල්වලින් සියයට 90කටත් වඩා රජය විසින් ගෙවා දැමීමත් සමඟ මේ වනවිට යූරියා පොහොර මිටියක මිල රුපියල් 10,000 දක්වා අඩු කිරීමට හැකියාව ලැබී ඇති බවයි කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කළේ.

ලබන මස මුල් සතියේ මෙරටට ලැබෙන යූරියා පො‌හොර මෙට්‍රික් ටොන් 31,200ක තොගයත් සමඟ ඩොලරයට‌ සාපේක්ෂව රුපියලේ අගය ඉහළ යාමේ වාසිය සහ ලෝක වෙළෙඳපොළේ යූරියා පොහොර මිල අඩු වීමේ වාසිය ගොවි ජනතාවට ලබාදීමට රජය කටයුතු යොදා ඇති අතර, ඒ අනුව යූරියා පොහොර මිටියක මිල තවදුරටත් අඩු කිරීමට පියවර ගන්නා බව ද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට නාමල් රිදෙන්නම දෙයි
09:51
Video thumbnail
Covid කාලයේ මේ ආණ්ඩුව තිබ්බනම් මිනිස්සුන්ට දෙවියන්ගෙම පිහිටයි - ආණ්ඩුවේ අයට කිසිම දැණුමක් නෑ
03:23
Video thumbnail
කොරියානු හිටපු තානාපතිවරයා සහ නාමල් අතර විශේෂ හමුවක් - මහින්දගේ කාලයේ කළ වැඩ ගැනත් හොඳ කියයි
02:05
Video thumbnail
මාර්ගයෙන් ඉවතට පැන උඩුයටිකුරු වුණු මෝටර් රථය
00:59
Video thumbnail
චාමර සම්පත්ගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් - ආණ්ඩුවට කඩේ යන අය පත්වීම් දෙනවා
10:59
Video thumbnail
වෑන් රථයක් - ලොරි රථයක ගැටී සිදුවූ බිහිසුණු අනතුරෙන් දෙදෙනෙක් රෝහලේ - CCTV කැමරාවේ සටහන්වූ අයුරු
01:40
Video thumbnail
76 සාපයක් වෙලා නෑ - ජනාධිපතිතුමාම පිළිගත්තා
03:07
Video thumbnail
හෙක්ටර් ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න දෙසයි - Clean Sri Lanka වැඩසටහන අද ෆේල්
12:42
Video thumbnail
අපිට සහනයක් ලබාදෙන්න දෙයියනේ - රජයට කියලා බැරිම තැන දෙයියන්ට කියන මිනිස්සු
05:08
Video thumbnail
තඹුත්තේගම උණුසුම් තත්ත්වයක්..මාලිමාව බලයට ආවේ අපේ පු# එල්ලිලා - අර්බුදයෙන්මයි ගෙදර යවන්නේ
07:38