වෙඩි වැදීමෙන් මිය ගිය ඇතාගේ දළ යුගලය කපාගෙන ගිහින් (ඡායාරූප)

වෙඩි වැදීමෙන් මිය ගිය ඇතකුගේ දළ යුගලය කිසියම් පුද්ලයකු විසින් කපා සොරාගෙන යාමේ සිද්ධියක් රිටිගල වනසත්ව අඩවියට අයත් පලුගස්වැව, කොකටියගොල්ල ප්‍රදේශයෙන් වාර්තා වනවා.

ඊයේ (19) දින මෙම දළ ඇතා මිය ගොස් ඇති අතර, ඒ බව දැක ඇති ප්‍රදේශවාසීන් ඒ බව රිටිගල වනජීවී කාර්යාලයට දැන්වීමට පියවර ගෙන තිබුණා.

ඒ අනුව වහාම ක්‍රියාත්මකවී ඇති වනජීවී නිලධාරීන් හැකි ඉක්මණින් එම ස්ථානයට ළඟාවීමට කටයුතු කර තිබූ අතර,ඒ වනවිටත් කිසියම් පුද්ගලයකු මිය ගොස් සිටි ඇතාගේ දළ යුගලය කපා ගෙන ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

සිද්දිය සම්බන්ධයෙන් මේ වනවිට රිටිගල වන සත්ව අඩවි ආරක්ෂක කාර්යාලය මඟින් පොලිසියට ද පැමිණීලි කර තිබෙනවා.

මෙලෙස මිය ගොස් ඇත්තේ කවුඩුල්ල හා මින්නේරිය ජාතික උද්‍යානවල හා රිටිගල ආශ්‍රිතව සැරිසැරූ ‘කෝලිත’ නම් දළ ඇතා බවයි වනජීවී නිලධාරීන් අනුමාන කරන්නේ.

වයස අවුරුදු 15ක් පමණ වන මෙම දළ ඇතාට අඩි 02ක පමණ දිගකින් යුත් හොදින් වැඩෙමින් පැවැති දළ යුගලයක් හිමිව තිබූ බවත් එම ඇතා සංචාරක ආකර්ශණය දිනා ගෙන සිටි ඇතෙකු බවයි වනජීවී නිලධාරීන් සඳහන් කළේ.

මිය ගිය ඇතාගේ පශ්චාත් මරණ පරීක්ෂණය අනුරාධපුර, පණ්ඩුලගම වනජීවී පශු වෛද්‍ය උදේශිකා මධුවන්ති විසින් අද (20) දිනයේ සිදු කෙරුණා.

එහිදි අනාවරය වූයේ එම ඇතාට මින් දින කිහිපයකට පෙර වෙඩි වැදීමක් සිදුව ඇති බවයි.

ඇතාගේ බඩ ආශ්‍රිත ප්‍රදේශයට එල්ලව තිබූ එම වෙඩි පහරින් සතවයාගේ බඩවැල් ආශ්‍රිතව ඇති වූ තුවාල ඔඩු දිවීම හේතුවෙන් ඇති වූ තත්ත්වයක් මත එම මිය ගොස් ඇති බවයි පැවති පශ්චාත් මරණ පරීක්ෂණයේ දී තහවුරු වී ඇත්තේ.

ඇතා මිය යාමෙන් පසු දළ යුගලය කපා රැගෙන යාමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් සොයා රිටිගල වනසත්ව අඩවි ආරක්ෂක කාර්යාලය සහ හබරණ පොලිසිය මේ වනවිට විමර්ශණ ආරම්භ කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
1
+1
0
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වාහන සේරම නවත්තලා යෝග්‍යතා පරීක්ෂණ කළ අයුරු - "කෝ ලයිට්..සර් අපි රෑට යන්නේ නෑ බස් එකේ"
04:23
Video thumbnail
FIFA ලෝක කුසලානය උඩියටිකුරු කළ තතු මෙන්න - තරගයක් තුළ 04 පාරක් ගිනස් වාර්තා පොතට ගිය මෙසී
02:12
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග - Fleet Broadband චන්ද්‍රිකා සන්නිවේදන පද්ධතියක්
00:55
Video thumbnail
"මීහ#ක් ටික අලුත් විකාරරූපි දර්ශනයක් ගෙනයනවා"ප්‍රසාද්ගේ දැඩි ප්‍රකාශයට නලින්ද සැරටම කිව්ව දේ
01:36
Video thumbnail
ජපානයට යන්න කලින් මේ කරුණු අනිවාර්යයෙන් දැනගන්න! | 2026 Update - ජපානයේ රැකියා අවස්ථා වැඩි වෙයි
03:48
Video thumbnail
අතුරුදහන් වූවන්ගේ පවුල්වලින් මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණිල්ලක් - සාධාරණයක් වෙනකල් සටන් කරනවා
03:38
Video thumbnail
නාවින්න බස් නැවතුමේදී රියදුරන් හා කොන්දොස්තරවරුන්ගේ අහඹු මත්ද්‍රව්‍ය පරීක්ෂාවක්
03:45
Video thumbnail
ඇමතිලා භාවිත කළ කොළඹ නිල නිවාසවලට මොකද වෙන්නේ? අමු කැලෑවෙලා තියෙන්නේ..ගේට්ටු කැඩිලා
02:02
Video thumbnail
සෙංකෝලය ගිල්ලත් නඩු අහන වේගය අඩුවෙන්නේ නෑ
02:46
Video thumbnail
යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:32