කැනඩා අගමැතිගේ චෝදනා ශ්‍රී ලංකාව ප්‍රතික්ෂේප කරයි

ශ්‍රී ලංකාවේ යුද ගැටුම් පැවති සමයේ සිදු වූ ජන සංහාරය පිළිබඳව කැනේඩියානු අග්‍රාමාත්‍ය ජස්ටින් ටෘඩෝ පසුගිය 18 වනදා දින සිදු කළ සාවද්‍ය ප්‍රකාශය තරයේ ප්‍රතික්ෂේප කරන බව විදේශ කටයුතු අමාත්‍යංශය පවසනවා.

රටක ප්‍රමුඛ පෙළේ නායකයකු මෙවැනි වගකීම් විරහිත සහ පක්ෂග්‍රාහී ප්‍රකාශයන් සිදු කිරීම හේතුවෙන් සාමය සහ සංහිඳියාව ප්‍රවර්ධනය කිරීම වෙනුවට කැනඩාව සහ ශ්‍රී ලංකාව තුළ අසමගිය සහ වෛරය ව්‍යාප්ත වන බවයි අමාත්‍යංශය නිවේදනය කළේ.

වෛරී, සාවද්‍ය තොරතුරු සහ අන්තවාදී අදහස් ප්‍රවර්ධනය කරන ගෝලීය වේදිකාවක් බවට කැනඩාව පත් කිරීමෙන් වළකින ලෙසත්, විකෘති කරුණු මත පදනම්ව ශ්‍රී ලංකාව කෙරෙහි දක්වන අනවශ්‍ය අවධානය නවතාලන ලෙසත් ශ්‍රී ලංකාව කැනඩාව සහ එහි නායකයන්ගෙන් ඉල්ලා සිටිනවා.

මෙම ක්‍රියාව, “ලොව පුරා මානව හිමිකම් සුරකිමු” යනුවෙන් කැනේඩියානු අග්‍රාමාත්‍යවරයා සිදු කර ඇති අරමුණට පටහැනි බවයි විදේශ අමාත්‍යංශය සඳහන් කළේ.

කැනඩාව තුළ තම පැවැත්ම තහවුරු කරගැනීමේ අරමුණින් සාවද්‍ය තොරතුරු පතුරුවා හරිමින් ව්‍යාජ වෛරයක් නිර්මාණය කිරීමට වෙහෙසෙන, දේශාපාලනීකරණයට ලක් වූ ශ්‍රී ලංකා විරෝධී කොට්ඨාශ ‘ජන සංහාරය’ පිළිබඳව හිතාමතා නිර්මාණය කර ඇති මෙම පදනම් විරහිත ප්‍රකාශය ශ්‍රී ලංකාව දැඩි ලෙස ප්‍රතික්ෂේප කරනවා.

සමාජ මාධ්‍ය වේදිකා ඇතුළුව විවිධාකාරයෙන් පළ වන දුස්තොරතුරු හරහා ඉස්මතු වන අන්තරායන්ට එරෙහිව මුළු ලොවම සටන් කරන මොහොතක මෙවැනි ක්‍රියාමාර්ගවලට එළඹීමෙන් වළකින ලෙසට ඉල්ලා සිටින බව ද එම නිවේදනයේ සඳහන්.

දශක තුනකට අධික කාලයක් මුළුල්ලේ ලොව කුරිරුතම ත්‍රස්තවාදී සංවිධානයක් වන “එල්ටීටීඊ” සංවිධානය මෙහෙයවූ ත්‍රස්තවාදය හේතුවෙන් මෙරට සෑම ප්‍රදේශයකම විසූ දමිළ, මුස්ලිම්, සිංහල යන සියලුම ජන කොටස් පීඩාවට ලක් වුණා.

මෙකී සියලුම ජන කොට්ඨාශවල ජීවනාලිය හා ප්‍රජාජන්ත්‍රවාදී අයතීන් යටපත් කෙරුණු අතර ශ්‍රී ලංකාවේ සහ විදේශීය නායකයන් මෙන්ම මධ්‍යස්ථ දමිළ නායකයන් ද එල්ටීටීඊ සංවිධානය විසින් ම්ලේච්ඡ ලෙස ඝාතනය කරනු ලැබුවා.

මෙම ත්‍රස්තවාදී සංවිධානය පරාජය කිරීම හේතුවෙන් මෙරට ආරක්ෂාව සහ ස්ථාවරත්වය ගොඩනැගීමට අවස්ථාව උදා වූ බවයි අමාත්‍යංශය පෙන්වා දෙන්නේ.

කැනඩාව ඇතුළු ප්‍රජාතන්ත්‍රවාදී රටවල් කිහිපයක එල්ටීටීඊ සංවිධානය තවදුරටත් තහනම් කර තිබෙනවා. මෙරට ස්වෛරීභාවය, ඒකීයභාවය සහ භෞමික අඛණ්ඩතාව ආරක්ෂා කිරීම සඳහා ඉදිරියට පැමිණි ශ්‍රී ලාංකික රණවිරුවන් රැසක් ඝාතනයට ලක් වූ අතර තවත් බොහෝ දෙනෙකු ආබාධිත තත්ත්වයට පත් වුණා.

ශ්‍රී ලංකාව සහ කැනඩාව අතර හරවත් සහ අන්‍යෝන්‍ය වශයෙන් ශක්තිමත් සබඳතාවක් පවත්වන ශ්‍රී ලාංකික සම්භවයක් සහිත කැනේඩියානු ප්‍රජාව හරහා දෙරටේ සබඳතා ශක්තිමත් වී ඇති අතර කැනඩාවේ සහ විදේශ රටවල ප්‍රජාවන් ධ්‍රැවීකරණයට ලක් නොවන පරිදි මෙම වේදිකාව භාවිතා කරන ලෙසත්, මිනිසුන් අතර මිත්‍රත්වයේ සහ සහජීවනයේ බැඳීම් නිර්මාණය කිරීමට දායක වන ලෙසත් කැනේඩියානු රජයෙන් සහ එහි නායකයින්ගෙන් ඉල්ලා සිටින බවයි විදේශ අමාත්‍යංශය ප්‍රකාශ කළේ.

වර්තමානයේ දී ශ්‍රී ලංකාව මුහුණ දෙන සමාජ-ආර්ථික අභියෝග මධ්‍යයේ වුවද, ශ්‍රී ලංකාව සියලු ප්‍රජාවන් සහ සියලු ජන කොටස් අතර ස්ථාවරත්වය සහ ප්‍රකෘතිමත්භාවය වර්ධනය කිරීම සහ ප්‍රතිසන්ධානය වැඩි දියුණු කිරීම සඳහා විශිෂ්ඨ උත්සාහයක් දරා තිබෙනවා. මෙම ප්‍රයත්නය සඳහා ජාත්‍යන්තර ප්‍රජාව මෙරටට ලබා දුන් සහයෝගය බෙහෙවින් අගය කරන බවයි අමාත්‍යංශය කියාසිටියේ.

ශ්‍රී ලංකාව සහ කැනඩාව යන රාජ්‍යයන් ද්විත්ත්වය, පොදු ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම්, ආයතන සහ සම්ප්‍රදායන් අනුගමනය කිරීමටත්, සෙසු පුරවැසියන්ගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම සඳහා සාමය සහ සමෘද්ධිමත්භාවය ප්‍රවර්ධනය කිරීම සඳහාත් කැපව සිටිනවා.

එබැවින්, දිගුකාලීන ද්විපාර්ශ්වික සහ සංවර්ධන හවුල්කරුවකු වන කැනඩාව සමඟ අන්‍යෝන්‍ය ගෞරවයෙන් කටයුතු කිරීමට අපේක්ෂා කරන ශ්‍රී ලංකාව, සිය ජනතාවගේ සහ අනාගත පරම්පරාවේ සෞභාග්‍ය සුරක්ෂිත කිරීමෙහිලා අවධානය යොමු කර ඇති ජාතික අවශ්‍යතාවට හානි එල්ල නොවන ආකාරයේ ප්‍රකාශ සිදු කිරීමට කටයුතු කරන ලෙසටයි කැනඩාවෙන් ඉල්ලා සිටින්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
7
+1
1
+1
4
+1
4
+1
3
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග - Fleet Broadband චන්ද්‍රිකා සන්නිවේදන පද්ධතියක්
00:55
Video thumbnail
"මීහ#ක් ටික අලුත් විකාරරූපි දර්ශනයක් ගෙනයනවා"ප්‍රසාද්ගේ දැඩි ප්‍රකාශයට නලින්ද සැරටම කිව්ව දේ
01:36
Video thumbnail
ජපානයට යන්න කලින් මේ කරුණු අනිවාර්යයෙන් දැනගන්න! | 2026 Update - ජපානයේ රැකියා අවස්ථා වැඩි වෙයි
03:48
Video thumbnail
අතුරුදහන් වූවන්ගේ පවුල්වලින් මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණිල්ලක් - සාධාරණයක් වෙනකල් සටන් කරනවා
03:38
Video thumbnail
නාවින්න බස් නැවතුමේදී රියදුරන් හා කොන්දොස්තරවරුන්ගේ අහඹු මත්ද්‍රව්‍ය පරීක්ෂාවක්
03:45
Video thumbnail
ඇමතිලා භාවිත කළ කොළඹ නිල නිවාසවලට මොකද වෙන්නේ? අමු කැලෑවෙලා තියෙන්නේ..ගේට්ටු කැඩිලා
02:02
Video thumbnail
සෙංකෝලය ගිල්ලත් නඩු අහන වේගය අඩුවෙන්නේ නෑ
02:46
Video thumbnail
යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:32
Video thumbnail
යල කන්නයේ වී මිලදී ගැනීමේ සැලසුම් පිළිබඳ ජනපති ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාව
01:19
Video thumbnail
ඉන්ධන මිල අඩුවීම ගැන නලින්ද හෙළිකරයි - සහනය ඉවත් කළොත් මිල තව ඉහළ යනවා
02:43