රට ඩිජිටල් ආර්ථිකයක් කරා ගෙන යාමේ වැඩපිළිවෙළ වේගවත් කරනවා – ජනපති

රට ඩිජිටල් ආර්ථිකයක් කරා ගෙන යාමේ වැඩපිළිවෙළ වේගවත් කිරීම පිළිබඳ මසක් තුළ වර්තාවක් ලබාදෙන ලෙස විෂයභාර රාජ්‍ය අමාත්‍යවරයා ඇතුළු නිලධාරීන්ට තමා උපදෙස් ලබා දුන් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ කොළඹ 08, ඇල්විටිගල මාවතේ ස්ථාපිත කෙරුණු ඩරාස් ප්‍රධාන මුලස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමින්.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බදු ආදායම් අය කරගැනීම සඳහා ස්ථාපිත කර ඇති ආදායම් පරිපාලන කළමනාකරණ තොරතුරු පද්ධතිය හෙවත් රැමිස් (RAMIS) පද්ධතිය පිළිබඳව ද මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා කියා සිටියේ 1993 වසරේ අග්‍රමාත්‍යවරයා ලෙස ද තමා ඒ පිළිබඳ සාකච්ඡා කළ බවයි.

නමුත් 2023 තවමත් ඒ පිළිබඳ සාකච්ඡා කරමින් සිටීම කණගාටුවට කරුණක් බව පෙන්වා දුන් ජනාධිපතිවරයා රට ඩිජිටල් ආරථිකයක් කරා ගෙන යාමේ වැඩපිළිවෙළ කිසිසේත් ප්‍රමාද කළ යුතු නැති බවත් එය වේගවත් කරන තරමට ප්‍රතිඵල අත්කරගත හැකි බවත් ප්‍රකාශ කළා.

පීත්ත පටිය කැපීමෙන් අනතුරුව ඩිජිටල් ඵලකය ආලෝකවත් කරමින් ඩරාස් මුලස්ථානය නිල වශයෙන් විවෘත කළ ජනාධිපතිවරයා එය නිරීක්ෂණය කිරීමට ද එක් වූ අතර එහි අධ්‍යක්ෂ මණ්ඩලය සමඟ සාකච්ඡාවක ද නිරත වී තිබෙනවා.

ශ්‍රී ලංකාවේ ඩිජිටල්කරණය වේගවත් කිරීම සඳහා සැබෑ “ඊ -වාණිජ්‍ය” යුගයේ ආරම්භය සනිටුහන් කරමින් ඩරාස් ආයතනය ශ්‍රී ලංකාවේ ස්ථාපිත කිරීම පිළිබඳව අලිබබා සමාගම වෙත සිය ස්තූතිය පළ කරන බවයි ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා….

“ ශ්‍රී ලංකාවේ ඩරාස් ස්ථාපිත කිරීමෙන් පෙන්නුම් කරන්නේ ශ්‍රී ලංකාව තුළ ඊ-වාණිජ්‍යය සඳහා ඇති අවස්ථාවත්, ඒ සඳහා මාර්ගය පෙන්වා දීමත් බව කිව හැකියි.

අප දැන් සිටින්නේ ඊ-වාණිජ්‍ය යුගයකයි, එහෙත් අපේ රට තුළ ඊ-වාණිජ්‍යය ආරම්භ කිරීම ප්‍රමාද වුණා. මෙම ඩිජිටල්කරණ ක්‍රියාවලිය ආරම්භ කර වේගවත් කරන්නේ කෙසේද සහ ඒ සඳහා මාර්ගය සකස් කරන්නේ කෙසේද යන්න පිළිබඳව රාජ්‍ය අමාත්‍යතුමාත්, මමත්, ලේකම්තුමාත් තවත් නිලධාරීන් කිහිප දෙනෙකුත් එක්ව සාකච්ඡා කළා. ඒ අනුව ඩිජිටල් ආර්ථිකය සම්බන්ධයෙන් වාර්තාවක් මාසයක් ඇතුලතදී ලබා දෙන ලෙස මම ඔවුන්ට දැනුම් දුන්නා.

රට තුළ ඩිජිටල් ආර්ථිකයක් ඇති කිරීම සඳහා අවශ්‍ය සෑම උත්සාහයකම අප නිරත වෙනවා. අපිට අමුතුවෙන්ම මෙම ක්‍රියාවලිය ප්‍රතිනිර්මාණය කිරීමේ අවශ්‍යතාවක් තිබෙනවා කියා මම හිතන්නේ නැහැ. මොකද දකුණු ඉන්දියාවේ, තමිල්නාඩුවේ මේ තාක්ෂණික පද්ධතිය අපට පහසුවෙන් භාවිතා කළ හැකි වේවි කියා මම හිතනවා. මේ සම්බන්ධයෙන් ඉන්දියාව සමඟ සාකච්ඡා කිරීමට මම සූදානම්. ශ්‍රී ලංකාවේ අප බොහෝ දෙනෙක් කතා කරන දෙමළ සහ ඉංග්‍රීසි ඔවුන්ට අදාළ භාෂා වන නිසා තවදුරටත් අපට වැඩ කිරීම ඉතා පහසු වෙනවා.

ආදායම් පරිපාලන කළමනාකරණ තොරතුරු පද්ධතිය (RAMIS) උදාහරණයට ගත් විට මම 1993 අගමැති ලෙස කටයුතු කරන විට ද ඒ පිළිබඳව කථා කළා. නමුත් 2023ත් අප තවම ඒ පිළිබඳ සාකච්ඡා කරනවා. ඒ අනුව හිතාගන්න පුළුවන් අප මෙම කටයුතු සඳහා කොපමණ කාලයක් ගත කර තිබෙනවාද කියා. මට වගේම පාර්ලිමේන්තුවට ද අවශ්‍යව ඇත්තේ RAMIS ඇතුළු රට ඩිජිටල් ආර්ථිකයක් කරා ගෙන යාමේ කටයුතු මේ වසර අවසන්වන විට අවසන් කිරීමටයි. වේගවත් ගමනක් යන තරමට එය වඩා ප්‍රතිඵලදායකයි.

ඩිජිටල් ආර්ථිකය සහ හරිත ආර්ථිකය සමග අප සමාන්තරව ගමන් කළයුතුයි. අද ආසියාවේ හරිත ආර්ථිකය ව්‍යාපාරයක් බවට පත්ව තිබෙනවා. ඒ ව්‍යාපාරය ඩොලර් ට්‍රිලියන 5ක් වටිනවා. දැන් අපට ට්‍රිලියන 5ක් අවශ්‍ය නැහැ. බිලියන කිහිපයක් ලැබුනා නම් ඇති. එසේ නම් මෙම වැඩපිළිවෙළ සමඟ අප ඩිජිටල් යුගයට ගමන් කරමු. ඒ සඳහා අපි කිසි සේත්ම පසුබට විය යුතු නැහැ.

මෙය ආරම්භය පමණයි. ඩරාස් හි සේවය කරන ඔබ සියලු දෙනාම එම ඩිජිටල් ආර්ථිකය ගොඩනැගීමට අපට සහාය වනු ඇතැයි මම විශ්වාස කරනවා. මේ සම්බන්ධයෙන් ඔබට කිසියම් අදහසක් ඇත්නම් රාජ්‍ය අමාත්‍යවරයාට ලබා දෙන ලෙස මම ඉල්ලා සිටිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපිට බොන්නවත් හරියට වතුර නෑ - රජයෙන් අපිට විසඳුමක් ලබාදෙන්න
03:53
Video thumbnail
මහා පරිමාණ ගංජා වගාවක් හම්බෙගමුව පොලිසිය වටලයි
00:27
Video thumbnail
පස් දෙනෙකුට ජීවිතය අහිමි කළ බිහිසුණු අනතුරට පෙර කට්ටිය හිනා වෙවී සතුටින් හිටිය හැටි
03:12
Video thumbnail
පොලිසියට චණ්ඩි පාට් දාපු පුද්ගලයාව පොලිසියෙන් කුදලන් ගිය හැටි
01:25
Video thumbnail
රටට තියන එකම විකල්පය සජබයයි - ජනතාව අසරණ වෙලා ඉන්නේ
02:52
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26