බාල වයස්කාර සහෝදරයින් තිදෙනා 12 හැවිරිදි දරුවෙක් අමානුෂිකව ඝාතනය කරලා

බාල වයස්කාර සහෝදරයින් තිදෙනෙකු එක්ව තවත් බාලවයස්කාර පිරිමි දරුවෙකු අමානුෂිකව ඝාතනය කළ පුවතක් අසල්වැසි ඉන්දියාවෙන් වාර්තා වනවා.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 12 හැවිරිදි වියේ පසු වූ පිරිමි දරුවෙක් වන අතර, වයස අවුරුදු 16,14 සහ 11 යන වයස්වල පසුවන සහෝදරයින් තිදෙනෙක් මෙම අපරාධය සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

ඉන්දියාවේ මාධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයේ සෙයෝනි ප්‍රදේශයේ දී මෙම අපරාධය සිදුව ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කළේ.

සැකකාර බාල වයස්කරුවන් තිදෙනා විසින් 12 හැවිරිදි මිතුරාගේ ගෙළ බයිසිකල් දම්වැලකින් සිරකර, ඔහුගේ හිස මතට ගලක් දමා අනතුරුව තියුණු පිහියකින් ගෙල කපා මෙම ඝාතනය සිදුකර ඇති බවයි පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත්තේ.

අනතුරුව ඔවුන් සිරුර පොලිතින් උරයක දමා නිවස අසල තිබූ ගල් ගොඩකට විසිකර ඇති අතර, කාන්තාවක් විසින් ලේ තැවරී තිබූ පොලිතින් බෑගයක් දැක ඒ පිළිබඳව පොලිසියට කළ දැනුම් දීමකින් අනතුරුවයි ඝාතනයට ලක් වූ දරුවාගේ සිරුර සොයාගෙන ඇත්තේ.

සිද්ධිය සම්බන්ධයෙන් සැකකාර පිරිමි ළමුන් තිදෙනා අත්අඩංගුවට ගැනීමෙන් නතුරුව අධිකරණයට ඉදිරිපත්කර ඇති අතර, එහිදී ඔවුන් දින 14ක කාලයක් විශෝධන මධ්‍යස්ථානයක රැඳවීමට නියෝග කර තිබෙනවා.

සැකකාර පිරිමි ළමුන් තිදෙනා පසුගිය ඉරිදා අදාළ 12 හැවිරිදි දරුවා ගම්මානයේ පාළු ස්ථානයකට කැඳවාගෙන ගොස් මෙලෙස ඝාතනය කර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

පැරණි ආරවුලක් මෙම අමානුෂික ඝාතනය පිටුපස ඇති බවට පරීක්ෂණ පවත්වන පොලිසිය සැක පළකරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
14
+1
3
+1
8
+1
29
+1
7
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුව බැලුවේ පාලු ගෙදර වළං බිඳින්න..චාමර සම්පත් ගැම්මට කිව්ව කතාව
02:28
Video thumbnail
රට හොරුන්ට බාරදීපු තත්ත්වය හෙළිකරනවා හෙට..දැවැන්ත මැයි රැලිය හෙට l Ajith Perera
01:36
Video thumbnail
කුඩා දරුවෙකු හා කතක් රෝහල් ගත කළ බස් රථ අනතුර
00:25
Video thumbnail
ඉරාන් ඇතුළු සෙට් එක වැඩ භාරගන්න පැමිණෙන අයුරු
01:27
Video thumbnail
ඉරාන් හිනාවකුත් දාගෙන ගැම්මට වැඩ භාරගන්න එන හැටි..
02:10
Video thumbnail
ජාතික ජන බලවේගයේ මැයි දින රැළිවලට රට පුරා පිරිස් සැරසෙන අයුරු
01:23
Video thumbnail
බලපත්‍ර කොන්දේසි කැඩු වැලි ලොරි 18ක් පොලිස් බාරයට..පැටවිය හැකි වැලි ප්‍රමාණයට වඩා වැලි පටවලා
03:23
Video thumbnail
බස් රථ දෙකක් එකිනෙක වැදී සිදුවූ බිහිසුණු අනතුරෙන් කුඩා දරුවෙකු හා කතක් රෝහලේ
00:49
Video thumbnail
"අපි ශම්මිව පැන්නුවා"ක්‍රිකට් ආයතනය ඉදිරිපිටට පිරිසක් ජාතික කොඩි උස්සන් ඇවිත් ගත්ත Fun එක
05:31
Video thumbnail
කොටුව දුම්රියපොළ ඉදිරිපිට උණුසුම් තත්ත්වයක් - රුසියාවෙන් දුන්න සහන ගන්නේ නැත්තේ ඇයි ?මොකටද බය ?
06:28