බාල වයස්කාර සහෝදරයින් තිදෙනා 12 හැවිරිදි දරුවෙක් අමානුෂිකව ඝාතනය කරලා

බාල වයස්කාර සහෝදරයින් තිදෙනෙකු එක්ව තවත් බාලවයස්කාර පිරිමි දරුවෙකු අමානුෂිකව ඝාතනය කළ පුවතක් අසල්වැසි ඉන්දියාවෙන් වාර්තා වනවා.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 12 හැවිරිදි වියේ පසු වූ පිරිමි දරුවෙක් වන අතර, වයස අවුරුදු 16,14 සහ 11 යන වයස්වල පසුවන සහෝදරයින් තිදෙනෙක් මෙම අපරාධය සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

ඉන්දියාවේ මාධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයේ සෙයෝනි ප්‍රදේශයේ දී මෙම අපරාධය සිදුව ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කළේ.

සැකකාර බාල වයස්කරුවන් තිදෙනා විසින් 12 හැවිරිදි මිතුරාගේ ගෙළ බයිසිකල් දම්වැලකින් සිරකර, ඔහුගේ හිස මතට ගලක් දමා අනතුරුව තියුණු පිහියකින් ගෙල කපා මෙම ඝාතනය සිදුකර ඇති බවයි පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත්තේ.

අනතුරුව ඔවුන් සිරුර පොලිතින් උරයක දමා නිවස අසල තිබූ ගල් ගොඩකට විසිකර ඇති අතර, කාන්තාවක් විසින් ලේ තැවරී තිබූ පොලිතින් බෑගයක් දැක ඒ පිළිබඳව පොලිසියට කළ දැනුම් දීමකින් අනතුරුවයි ඝාතනයට ලක් වූ දරුවාගේ සිරුර සොයාගෙන ඇත්තේ.

සිද්ධිය සම්බන්ධයෙන් සැකකාර පිරිමි ළමුන් තිදෙනා අත්අඩංගුවට ගැනීමෙන් නතුරුව අධිකරණයට ඉදිරිපත්කර ඇති අතර, එහිදී ඔවුන් දින 14ක කාලයක් විශෝධන මධ්‍යස්ථානයක රැඳවීමට නියෝග කර තිබෙනවා.

සැකකාර පිරිමි ළමුන් තිදෙනා පසුගිය ඉරිදා අදාළ 12 හැවිරිදි දරුවා ගම්මානයේ පාළු ස්ථානයකට කැඳවාගෙන ගොස් මෙලෙස ඝාතනය කර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

පැරණි ආරවුලක් මෙම අමානුෂික ඝාතනය පිටුපස ඇති බවට පරීක්ෂණ පවත්වන පොලිසිය සැක පළකරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
14
+1
3
+1
8
+1
29
+1
7
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සෝමාවතියේ චෛත්‍යය මළුව ජල කඳින් ය#වෙලා..මහ ජලකඳ මැද්දේ අලියෙක් සෙල්ලම් කරන හැටි
01:13
Video thumbnail
සර් මට පොල්ලක් කැඩෙනකම් ගැ#වා - මාව වෙව්ලුවා..මව කඳුළු වගුරමින් දරුවාට වූ අසාධාරණය හෙළිකරයි
07:10
Video thumbnail
ආණ්ඩුව ඔක්කොම අනාගන්නවා - කිසිම සැලැස්මක් නෑ
07:09
Video thumbnail
76ක පාලනය ඇතුළත ඖෂධ බ්‍රිතාන්‍ය ප්‍රමිතියෙන් පහළට ගෙනාවේ නෑ..ජීවිතය ඉල්ලගෙන එන ලෙඩාව ම# දාන ආණ්ඩුවක්
12:38
Video thumbnail
දින 23කට පසු උඩරට මැණිකේ බදුල්ලෙන් අඹේවෙල දක්වා ගමන් අරඹයි..අත්දැකීම විඳගන්න සිය ගාණක් අද එකතුවෙලා
02:10
Video thumbnail
මේ කියන්නේ උඹලා බෙහෙත් බීලා මැ#යල්ලා නැත්තම් නොබී මැ#යල්ලා කියලද? විෂ වුණොත්ලු පියවරක් ගන්න වෙන්නේ
05:34
Video thumbnail
සුදු ජාතික කාන්තාවෝ මැද්දෙ සමන්තයි,සංචාරක නි.ඇමතියි පපරේ සද්දෙට දැම්ම සුපිරිම සුපිරි ඩාන්ස් එක
01:35
Video thumbnail
මිහින්තලේ හිමිගෙන් ආණ්ඩුවට සැර අවවාදයක්..විකාර කියවන්නේ නැතුව..රට වැ#ච්ච ප්‍රපාතයෙන් ගොඩ ගන්න
01:21
Video thumbnail
රා ලොරියට,ලංගමයේ ආ මගීන් දෙදෙනෙකු ගැ# එක් අයෙකු එළොව යයි.."තාම හුස්ම තියෙනවා - ඉක්මනට අරන් යමන්"
05:04
Video thumbnail
Kasthirama | වත්මන් දේශපාලන තත්ත්වයේ වි-පාක්ෂික කියවීම - කස්තිරම විශේෂ වැඩසටහන සජිවීව
01:13:05


?