යල කන්නයේ වී අස්වනු ලැබෙන තෙක් සත්ව ආහාරවලට සහල් තොග දෙන්න එපා – කෘෂි ඇමති

සත්ව ආහාර සඳහා සහල් යොදා ගැනීම සම්බන්ධව සාකච්ඡාවක් ඊයේ (15) කෘෂිකර්ම අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත් වුණා.

2023 යල කන්නයේ වී අස්වනු ලැබෙන තෙක් සත්ව ආහාර සඳහා දැනට පවතින සහල් තොග යොදා ගැනීමට නිර්දේශ ලබා නොදෙන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර එහිදී නිලධාරින්ට උපදෙස් දී තිබෙනවා.

2021 මහ කන්නයේ රසායනික පොහොර තහනමත් සමඟ මෙරට බඩඉරිඟු වගාවේ අස්වැන්න මෙට්‍රික් ටොන් 90,000ක් දක්වා අඩුවීම හේතුවෙන් 2022 වර්ෂයේ දී සත්ව ආහාර සඳහා අවශ්‍ය බඩඉරිඟු විශාල හිඟයක් ඇති වුණා.

ඒ, අනුව 2022 වසර තුළ මෙරටට බඩඉරිඟු ප්‍රමාණය මෙට්‍රික් ටොන් ලක්ෂ දෙකක් ආනයනය කිරීමටයි කටයුතු කරනු ලැබුවේ.

2023 වර්ෂයේ ජනවාරි සිට අප්‍රෙල් මස දක්වා මෙරටට බඩඉරිඟු මෙට්‍රික් ටොන් 27,867ක් ආනයනය කර ඇති අතර, පසුගිය මහ කන්නයේ දී මෙට්‍රික් ටොන් 187,000ක අස්වැන්නක් ලැබී තිබෙනවා.

මෙවර යල කන්නයේ දී මෙට්‍රික් ටොන් 67,000ක අස්වැන්නක් අපේක්ෂාකරන අතර 2023 වර්ෂය සඳහා සමස්ත බඩඉරිගු අවශ්‍යතාවය මෙට්‍රික් ටොන් ලක්ෂ 05ක්.

කෙසේ වුව ද දැනට පවතින බඩඉරිඟු ප්‍රමාණය අනුව සත්ව ආහාර සැකසීම සඳහා තවත් මෙට්‍රික් ටොන් 217,633ක් අවශ්‍යව තිබෙනවා.

මෙම බඩඉරිඟු ප්‍රමාණය සඳහා සහල් යොදා ගැනීමේ හැකියාවක් ඇතත් යල කන්නයේ අස්වනු නෙලාගන්නා තෙක් පවතින සහල් හා වී තොග සත්ව ආහාර සඳහා යොදා නොගන්නා ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර දැනුම් දුන්නා.

පසුගිය යල හා මහ කන්නයේ අස්වැන්න සහ මෙවර යල කන්නයේ වී අස්වැන්නත් ඇතුළත්ව රට තුළ මෙට්‍රික් ටොන් මිලියන 05ක වී අස්වැන්නක් රට තුළ පවතිනු ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය අපේක්ෂා කරනවා.

නමුත් යල කන්නයේ වගා කටයුතු දැනට සිදුවෙන නිසා අපේක්ෂිත වී අස්වැන්න ලැබෙන තෙක් නිවැරදිව අස්වනු පුරෝකථනය කිරීම සිදු කළ නොහැකියි.

නමුත් වී මෙට්‍රික් ටොන් මිලියන 05ක අස්වනු ඉළක්කය 2023 දී ලබා ගැනීමට හැකි වුවහොත් සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ 05ක අතිරික්තයක් ඇති වනවා.

එම ප්‍රමාණය සත්ව ආහාර සඳහා යොදාගැනීමට හැකියාව ඇතැයි ද මෙම සාකච්ඡාවේ දී අවධාරණය වුණා.

කෙසේ වුව ද යල කන්නයේ වී අස්වනු ලැබෙන තෙක් දැනට පවතින සහල් තොග සත්ව ආහාර සඳහා යොදාගැනීමට කටයුතු නොකරන ලෙස අමාත්‍යවරයා නිලධාරින්ට උපදෙස් දී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු
01:18
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු - සුනඛයන් දාලා පරික්ෂා කරයි
02:22
Video thumbnail
වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන සිදුවූ අනතුරකින් 07ක් රෝහලේ - අධිබලැති කණුවකුත් කඩාගෙන ගිහින්
01:30
Video thumbnail
සෙවනගල සීනි කර්මාන්තශාලාව ගැන සභාපතිගෙන් හෙළිදරව්වක් - කඩාකප්පල්කාරි වැඩ කරන්න එපා
07:55
Video thumbnail
යාපහුව රාජධානිය ප්‍රතිනිර්මාණය කරන්න රජයෙන් මුදල් වෙන් කළා - කෞතුකාගාරයක් දාන්න නියමිතයි
05:10
Video thumbnail
සජිත් හෙළිකරපු ආණ්ඩුවේ ගිනස් වාර්තාව - මේ ආණ්ඩුව සම්මානලාභී බොරුකාරයෝ
04:51
Video thumbnail
පිටි මිල වැඩි කිරීම නිසා මිනිස්සුන්ට යකා නගියි - බැරිනම් දමලා පලයල්ලා..ආණ්ඩුවක් නෙවෙයි පාන්ඩුවක්
03:33
Video thumbnail
තිරිඟු පිටි මිල ඉහළ යෑම ගැන වෙළෙඳ නියෝජ්‍ය ඇමති මාධ්‍යට හෙළිකල දේ - වැඩි වෙන්න හේතු කිහිපයක් තියෙනවා
03:58
Video thumbnail
ඡන්දයට කළින් තුන්වේලම හිටියේ චැනල් ඉස්සරහා..එතකොට දිරෙව්වා - ජනතාවට දැන් ආණ්ඩුව දිරවන්නේ නෑ
01:09
Video thumbnail
කිසිදු රාජ්‍ය නායකයෙක් මේ ව්‍යාපෘතියට මෙච්චර උදව් කළේ නෑ - හිමි නමක් ජනපතිට ප්‍රශංසා කරයි
04:41