මියගිය බිළිඳාගේ දේහය මල්ලක දමාගෙන පියා බසයෙන් ගමන් කරලා (ඡායාරූප)

මියගිය මාස පහක් වයසැති සිය බිළිඳාගේ මෘත ශරීරය බෑගයක දමාගෙන කිලෝ මීටර් 200ක් පමණ දුරක් බස් රථයකින් ගමන් කළ පුද්ගලයෙකු පිළිබඳව ඉන්දියාවෙන් වාර්තා වනවා.

බිළිඳාගේ මෘත ශරීරය ගිලන් රථයකින් නිවසට රැගෙන යාමට අවශ්‍ය ඉන්දීය රුපියල් 8,000ක මුදලක් ඔහු සන්තකයේ නොතිබීම හේතුවෙන් මෘත ශරීරය මෙලෙස බෑගයක දමාගෙන බස් රථයකින් ඊයේ මෙලෙස රැගෙන ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

“මගේ මාස පහක් වයස පුතා ඊයේ රාත්‍රියේ සිලිගුරි හි උතුරු බෙංගාල වෛද්‍ය විද්‍යාල රෝහලේ දින හයක් ප්‍රතිකාර කිරීමෙන් පසු මිය ගියා. දරුවාගේ ප්‍රතිකාර වලට මම රුපියල් 16,000ක් වියදම් කළා. මගේ දරුවාගේ දේහය කලියාගන්ජ් වෙත ප්‍රවාහනය කිරීමට රුපියල් 8,000ක් ගිලන් රථ රියදුරෙකු ඉල්ලා සිටියා. එය ගෙවීමට මා සතුව මුදල් තිබුණේ නැහැ.” යනුවෙන් අෂිම් දෙබ්ශර්මා නැමැති මෙම පුද්ගලයා පවසා තිබෙනවා.

බසයෙන් මෘත දේහයක් රැගෙන යනබව දැනගත් පසු තමා එම බසයෙන් බස්සවනු ඇතැයි බියෙන් ඉතා හොර රහසේ එය රැගෙන යාමට කටයුතු කළ බවයි ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඥානසාර හිමි ගැන දුමින්ද කට අරියි - සිවුරට ගි#නි තියන්න සූදානම් වෙන්න එපා
03:47
Video thumbnail
වන අලියා ළඟ බයික් එකේ වාඩිවෙලා විදේශිකයා ගත්ත Fun එක - කිසි බයක් නැතුව ඉන්න හැටි
00:42
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.08
00:00
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා
01:10
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි
01:23
Video thumbnail
ආණ්ඩුව සුපිරිම සුපිරි වැඩක් කරන්නේ
01:08
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි..නාමල් ඇතුළට දැම්මේ පළිගැනීමට
02:49
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා - බැඳුම්කර මංකොල්ලයට වඩා වැඩියි
02:21
Video thumbnail
ඥානසාර හිමියන් ඇතුළට යන්න හේතුව එකින් එක හෙළිකළ සන්ධ්‍යා එක්නැළිගොඩ
26:23
Video thumbnail
ශිරන්ති අතත් වනාගෙන බන්ධනාගාර බසයට නගියි
01:29