හොර අරක්කු අටකට මරු කැඳවයි

නීති විරෝධී මත්පැන් තිත්පලකින් නීති විරෝධී ලෙස පෙරන ලද මත්පැන් පානය කළ පුද්ගලයින් අටදෙනෙකු එම මත්පැන් විෂ වී මියගිය පුවතක් ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයෙන් වාර්තා වනවා.

එම ස්ථානයෙන් මත්පැන් පානය කළ පුද්ගලයින්ගෙන් තවත් 30 දෙනෙකු පමණ රෝගී වී රෝහල් ගතකර ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

අදාළ ස්ථානයේ නීති විරෝධී මත්පැන් අලෙවිකළ පුද්ගලයින් දෙදෙනෙක් ද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මත්පැන් විෂ වී මියගිය එක් අයෙක් වෙනුවෙන් ඉන්දීය රුපියල් දස ලක්ෂයක වන්දි මුදලක් අදාළ පවුල් වෙත ගෙවන ලෙසට නීති විරෝධී මත්පැන් අලෙවිකළ පුද්ගලයින්ට අධිකරණ මඟින් නියෝග කර ඇති බවයි ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
2
+1
2
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?