ෆාතිමාගේ අවසන් කටයුතු සිදුකෙරේ (වීඩියෝ)

මීට සතියකට පෙර ඝාතනයට ලක් වූ ගම්පොළ, ඇල්පිටිය ප්‍රදේශයේ ෆාතිමා මුනව්වරා නම් තරුණියගේ අවසන් කටයුතු අද (14) පස්වරුවේ සිදු කෙරුණා.

වැලිගල්ල, ඇල්පිටිය මුස්ලිම් පල්ලිය පොදු සුසාන භූමියේ දී ඇයගේ අවසන් කටයුතු මෙලෙස සිදුකළ බවයි ගම්පොළ අප වාර්තාකරු සඳහන් කළේ.

මෙම අවස්ථාවට ඇයගේ පවුලේ ඥාතීන් ඇතුළු ප්‍රදේශයේ විශාල පිරිසක් එක්ව සිටි බවයි වාර්තා වුණේ.

ගම්පොළ ප්‍රදේශයේ ඔසුසලක සේවය කළ ෆාතිමා මුනවුවරා නම් මෙම තරුණිය සිය සේවා ස්ථානය වෙත යමින් සිටියදී අතුරුදන් වූයේ පසුගිය ඉරිදා දිනයේයි.

මේ සම්බන්ධයෙන් විමර්ශන ඇරඹු පොලිසිය සිද්ධියට අදාළව සැකපිට ප්‍රදේශයේ එළුවන් බලාගැනීමේ රැකියාවක නිරතව සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගත්තා.

ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම් හමුවේ අනාවරණය වුණේ සැකකරු ඇයට අතවර කිරීමට උත්සාහ කළ බවත් ඇය ඊට එරෙහිව වීම හේතුවෙන් අසළ කැලෑබද ප්‍රදේශයට ඇදගෙන ගොස් ෆාතිමාව ඝාතනය කර වළදැමූ බවයි.

සැකකරුගෙන් අනාවරණය වූ තොරතුරු මත තරුණිය වළ දැමූ ස්ථානය කැනීම් සිදුකර ඇයගේ දේහය ඊයේ (13) ගොඩගනු ලැබුවා.

එලෙස ගොඩගත් දේහය 22 හැවිරිදි ෆාතිමා මුනව්වරාගේ බවට ඇයගේ ඥාතීන් විසින් හඳුනා ගත්තා.

https://youtu.be/fxcb11K0nwE
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
5
+1
1
+1
0
+1
26
+1
6
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආගම ගැන ඩයනාගෙන් සැර කතාවක් - අර යූටියුබ් කාරයෙක් ඉන්නවා බුදු දහමට අපහාස කරනවා..
09:57
Video thumbnail
ඩයනා නඩුවට ඇවිත් කිව්ව අමුතු කතාව - මාව මහ මුහුදට තමයි දාන්න වෙන්නේ..මොක්කදෝ හුටපටයක්
01:59
Video thumbnail
ඔයත් කොරියාවට යන්න හීනමවන කෙනෙක්ද ?යන්න කළින් මේ ගැන අනිවාර්යෙන් දැනගන්න!..නීති වෙනස් වෙයි
02:55
Video thumbnail
"මෙන්න පුනරුදේ..සුපිරි..ක්ලීන් ශ්‍රී ලංකා..ගමේ නෙළුම් මල් පිරිලා"ආණ්ඩුවට විතරක් ප්‍රශ්න විසඳන්න බැහැ
02:38
Video thumbnail
වන අලි කරදර නිසා දඹුල්ලේ මිනිස්සු කුපිත වී මහ පාරට බහියි - වනජීවි එක සම්පූර්ණ බොරු බයිලා ග#හන්නේ
06:42
Video thumbnail
ඇඟිල්ලේ තීන්ත ආලේපනය අහෝසි කිරීම නිසා විශාල මුදලක් ඉතිරි කරන්න පුළුවන් - පැෆ්‍ රල් සංවිධානය කියයි
10:28
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.24
08:41:22
Video thumbnail
තඹුත්තේගම උණුසුම් තත්ත්වයක්..මාලිමාව බලයට ආවේ අපේ පු# එල්ලිලා
00:46
Video thumbnail
හදිසියේම නාමල් හමුවූ ප්‍රබලයා
00:43
Video thumbnail
වෑන් රථයක් - ලොරි රථයක ගැටී සිදුවූ බිහිසුණු අනතුර
00:41