උඩදියලුමේ පෙම්වතුන්ට කඳවුරු බඳින්න උදව් කළ ගයිඩ්ලා රිමාන්ඩ්

කොස්ලන්ද – උඩදියලුම ප්‍රදේශයේ කඳවුරු බැඳ සිටි තරුණ යුවළකට එල්ල වූ වනඅලි ප්‍රහාරයකින් තරුණියක් ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු පුද්ගලයින් දෙදෙනා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

ඒ අදාළ සැකකරුවන් දෙදෙනා බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් කේ.ජීවරානි හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

ලබන 25 වනදා දක්වා මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කළේ අදාළ තරුණ යුවළට අනාරක්ෂිතව රැය පහන් කිරීමට ඉඩකඩ සලසා දුන් සංචාරක මඟ පෙන්වන්නන් ලෙස පෙනී සිටි තරුණයන් දෙදෙනෙක්.

මොවුන් වයස අවුරුදු 24 සහ 32 හැවිරිදි වියේ පසුවන එම ප්‍රදේශයේම පදිංචිකරුවන් දෙදෙනෙක් බවයි පොලිසිය පැවසුවේ.

පසුගිය 11 වනදා කොස්ලන්ද – උඩදියලුම ප්‍රදේශයට පැමිණි තරුණ යුවළක් රාත්‍රියේ එහි කඳවුරු බැඳ තිබුණා.

එහිදී ඔවුන් කඳවුරු බැඳ තිබූ ස්ථානයට පැමිණි වන අලියෙක් රාත්‍රී 10.30ට පමණ කූඩාරමට ප්‍රහාරයක් එල්ල කර ඇති බවයි වාර්තා වුණේ.

වන අලියාගේ ප්‍රහාරයට ලක් වූ තරුණිය එම ස්ථානයේදීම මියගොස් තිබූ අතර තුවාල ලබා සිටි තරුණයා කොස්ලන්ද ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා දියතලාව මූලික රෝහලට මාරු කර යැවීමටයි කටයුතුකර තිබුණේ.

මෙම අවාසනාවන්ත සිද්ධියෙන් මියගියේ මාතර, කැකුණදුර පදිංචිව සිටි තරුෂි කවීෂා නමැති 23 හැවිරිදි තරුණියක් වන අතර, තුවාල ලැබූ තරුණයා ධනුෂ්ක මධුෂාන් නම් 22 හැවිරිදි අයෙක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
3
+1
4
+1
1
+1
8
+1
3
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බලංගොඩ බිහිසුණු අනතුරේ CCTV දර්ශන එළියට.."අයියෝ ඒ අම්මේ..දෙයියනේ මොකද වුණේ"
01:57
Video thumbnail
බෝඩ්ලන්ඩ් ජලාශ වේල්ලෙන් පැ#න පුද්ගලයාගේ නිසල සිරුර හමුවෙයි
01:28
Video thumbnail
ආණ්ඩුව මේ රට වෙනුවෙන් කිසි දෙයක් කරලා නෑ..ජනතාව ගෙන්නන්න පුළුවන් කියලා අපි පෙන්නුවා නොවැම්බර්
02:56
Video thumbnail
දොර ඇරලා බැලුවේ නැත්තම් අද මගේ කෑලිත් නෑ..මහ පාන්දර ඇවිත් අලි දාන සෙල්ලම් මෙන්න
03:28
Video thumbnail
ජනපතිගේ කතාවෙදි සාගර බයවෙච්ච කාරණය සාගර හෙළිකරයි..මේක රටේ නීතිය අවභාවිතාවක්
04:38
Video thumbnail
බස් රථයක් රියදුරුත් නොමැතිව කඩවල්, වාහන කුඩු කරගෙන මනුස්සයෙක් එක්කම පෙරලෙයි
01:49
Video thumbnail
මත්ද්‍රව්‍ය සමඟ මාට්ටු වූ චීවරධාරීන් රිමාන්ඩ්
00:47
Video thumbnail
මත්ද්‍රව්‍ය සමඟ මාට්ටු වූ චීවරධාරීන් රිමාන්ඩ්..මූණත් වහගෙන පෝළිමට එන හැටි
01:11
Video thumbnail
මහින්දානන්ද පදනම සතු දේපල යළිත් දුම්රිය දෙපාර්තමේන්තුවට.."අපි මේක මහින්දානන්දගේ කාර්යාලය විදියට කළා"
06:31
Video thumbnail
අපි හිරේ යන්න බය නෑ..රස්තියාදුකාරයෝ අපිට වැඩක් නෑ..පොළොන්නරුවේ ටී.බී. සරත්ට සැරටම දෙසයි
06:04