යාපනය ගොවීන්ගේ ඇඹුල් කෙසෙල් ඩුබායිවලට

යාපනය දිස්ත්‍රික්කයේ ගොවි ජනතාව වගා කළ ඇඹුල් කෙසෙල් කිලෝග්රැම් 22000 ක් බැගින් සතියකට ඩුබායි රටට අපනයනය කිරීමට සුදානම් කොට ඇති බව උතුරු පළාත් කෘෂිකර්ම නවීකරණ ව්‍යාපෘති කාර්යාලය පවසයි.

ලෝක බැංකු හා යුරෝපා සංගමයේ ආධාර යටතේ ක්‍රියාත්මක කරන කෘෂිකර්ම නවීකරණය ව්‍යාපෘතිය යටතේ යාපනය ගොවි ජනතාව 250 දෙනෙකු වගා කරන ඇඹුල් කෙසෙල් පළමු අදියර යටතේ ඩුබායි රටට අපනයනය කරන බවයි වාර්තා වන්නේ.

අදාළ ව්‍යාපෘතිය යටතේ උතුරු පළාතේ කෙසෙල් ගොවීන් 700 දෙනෙකු අපනයනය වෙනුවෙන් ඇඹුල් කෙසෙල් වගා කරමින් සිටින බවයි වාර්තා වන්නේ.

යාපනය,පුත්තූර් ප්‍රදේශයේ කෙසෙල් අපනයනය වෙනුවෙන් වන කර්මාන්ත ශාලාව පිහිටුවා ඇති අතර, අමාත්‍ය ඩග්ලස් දේවානන්ද අදාළ කර්මාන්ත ශාලාව පරීක්ෂා කිරීමට එක් වී සිටිනවා.

අමාත්‍යවරයා එහිදි පැවසූවේ අපනයනය පදනම් කරගත් ආර්ථික වැඩපිළිවෙලක් හරහා මෙරට ගොවි ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කිරීමට රජය පියවර ගනිමින් සිටින බවයි.

ඩුබායි හා මැදපෙරදිග රටවල් ඉලක්ක කර ගනිමින් ඇඹුල් කෙසෙල් වගා ව්‍යාපෘතිය සිදුකරමින් පවතින අතර, උතුරු පළාතේ ගොවි ජනතාවට අමතරව ඇඹිලිපිටිය,හම්බන්තොට ආදි ප්‍රදේශවල ගොවි ජනතාවද ඇඹුල් කෙසෙල් අපනයනය කිරීම වෙනුවෙන් වගා කරමින් සිටින බව උතුරු පළාත් කෘෂිකර්ම නවීකරණ ව්‍යාපෘති කාර්යාලය සඳහන් කළ බව අප වාර්තාකරු පැවසුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39