AFC Banner
Empty Ad
Empty Ad

ඉම්රාන් ඛාන් දින 8ක් රිමාන්ඩ්

පාකිස්තාන හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් දින 08 ක කාලයක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට එරට අධිකරණය අවසර ලබාදී තිබෙනවා.

හිටපු අග්‍රාමාත්‍යවරයා එරට විනිසුරුවරයෙකු හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු එම නියෝගය නිකුත් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

පාකිස්තාන ආරක්ෂක අංශ මඟින් ඉම්රාන් ඛාන් අත්අඩංගුවට ගනු ලැබුවේ ඊයේ දිනයේදීයි.

ඒ, දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් වන නඩු කටයුත්තකට සහභාගිවීම සඳහා ඉස්ලාමාබාද් අධිකරණය වෙත පැමිණි අවස්ථාවේදීයි.

එම සිද්ධියත් සමඟ ඔහුගේ ආධාරකරුවන් රට පුරා විරෝධතා මාළාවක් ක්‍රියාත්මක කර තිබෙනවා.

එම විරෝධතාවලට එක්වූ දහසකට ආසන්න පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බවයි පාකිස්තාන පොලීසිය පවසන්නේ.

විරෝධතාකරුවන් සහ ආරක්ෂක අංශ අතර ප්‍රදේශ කිහිපයකදී දරුණු ගැටුම් ඇතිකරගෙන ඇති අතර එහිදී පුද්ගලයෙකු මියගොස් තවත් 06 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

විරෝධතාකරුවන් පොලිස් වාහන 25 කට සහ රජයේ ගොඩනැගිලි 14 කට ගිනි තබා ඇති බවයි එම වාර්තාවල වැඩිදුරටත් දැක්වෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
2
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?