ඉම්රාන් ඛාන් දින 8ක් රිමාන්ඩ්

පාකිස්තාන හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් දින 08 ක කාලයක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට එරට අධිකරණය අවසර ලබාදී තිබෙනවා.

හිටපු අග්‍රාමාත්‍යවරයා එරට විනිසුරුවරයෙකු හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු එම නියෝගය නිකුත් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

පාකිස්තාන ආරක්ෂක අංශ මඟින් ඉම්රාන් ඛාන් අත්අඩංගුවට ගනු ලැබුවේ ඊයේ දිනයේදීයි.

ඒ, දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් වන නඩු කටයුත්තකට සහභාගිවීම සඳහා ඉස්ලාමාබාද් අධිකරණය වෙත පැමිණි අවස්ථාවේදීයි.

එම සිද්ධියත් සමඟ ඔහුගේ ආධාරකරුවන් රට පුරා විරෝධතා මාළාවක් ක්‍රියාත්මක කර තිබෙනවා.

එම විරෝධතාවලට එක්වූ දහසකට ආසන්න පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බවයි පාකිස්තාන පොලීසිය පවසන්නේ.

විරෝධතාකරුවන් සහ ආරක්ෂක අංශ අතර ප්‍රදේශ කිහිපයකදී දරුණු ගැටුම් ඇතිකරගෙන ඇති අතර එහිදී පුද්ගලයෙකු මියගොස් තවත් 06 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

විරෝධතාකරුවන් පොලිස් වාහන 25 කට සහ රජයේ ගොඩනැගිලි 14 කට ගිනි තබා ඇති බවයි එම වාර්තාවල වැඩිදුරටත් දැක්වෙන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
“රටම එකට” ජාතික මෙහෙයුම් සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස්වෙයි - ගුරුවරුන්ටත් විශේෂ පුහුණුවක් ?
01:44
Video thumbnail
ඇප අරගෙන නැවත බන්ධනාගාරයට ගිය නාමල් - බලන්නකෝ මූණේ තියෙන අමුතු හිනාව
00:35
Video thumbnail
පොහොට්ටුවෙන් විදේශ තානාපතිවරු හමුවීම ගැන නලින්ද පිළිතුරු දෙයි - වෙන්නේ රටේ තියෙන නීතියට අනුව
01:52
Video thumbnail
ජොන්ස්ටන් එළියට ඇවිත් ආණ්ඩුවට කිව්ව දේ - "ආණ්ඩුවේ එකම නිව්ස් එක රිමාන්ඩ් කිරීම"
03:27
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක් - "බුදු සරණයි ගම්බාර අප්පච්චිට බාරයි"
01:13
Video thumbnail
ගලබොඩ අත්තේ හිමි නිදහස් කර ගන්න පෙත්සම් ගහද්දි මනුස්සයෙක් යකා නටයි - "ඥාණසාර හිමි හිරේ යන්න ඕනි"
02:42
Video thumbnail
ඔයාගේ ගායනයට තහංචි දාන්න බෑ - මල්ලි ඔයත් එන්තර වාසියක් යවන්න..ගායනයට තහංචි දාන්න බෑ
06:06
Video thumbnail
මගේ සිංදු ඕනි කෙනෙක් කියන්න..යද්දි පෙට්ටිය කොනේ තියන් යන්නේ නෑ මම
05:44
Video thumbnail
නාමල් රාජපක්ෂ ඇපමත මුදා හරියි - විදෙස් ගමන් තහනම් කරයි
00:43
Video thumbnail
රනිල්ගේ නඩුව කල්‍ යයි..බිරිඳ එක්ක රනිල් පිටව ගිය හැටි - "ජනතාවගේ ජීවිත බේරගත්ත අලියා"
01:50