කාන්තා වෙසින් කුකුළු සොරකමේ ආ පුද්ගලයා

බගවන්තලාව, ආරියපුර ජනපදයේ නිවාසවල ඇති කරන කුකුළන් සොරකමේ පැමිණි පුද්ගලයෙකු සමඟ පොරබදා ඔහු රැගෙන ආ පිහි දෙකක් තමා සතුකර ගැනීමට එම ප්‍රදේශයේ පදිංචි කාන්තාවකට හැකිව තිබෙනවා.

කුකුළු සොරකමේ පැමිණි පුද්ගලයා කාන්තා වෙසින් මෙලෙස සොරකමේ පැමිණ ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

අද (30) අලුයම් කාලයේ බල්ලන් බුරන ශබ්දය ඇසී ඒ පිළිබඳව විපරම් කිරීමට අදාළ කාන්තාව නිවසින් පිටතට පැමිණ තිබෙනවා.

එම අවස්ථාවේ දී බුර්කාවක් පැළඳ සිට අයෙකු නිවසට පැමිණ කුකුළන් සොරකමේ නිරතවන අයුරු දැක ඇති කාන්තාව එම හොරා අල්ලාගැනීමට ඔහු සමඟ පොරබදා ඇති බවයි වාර්තා වන්නේ.

එහිදී හොරා පැළඳ සිටි බුර්කාව ගැලවී ගොස් ඇති අතර, බුර්කාව ගැලවී යාමෙන් පසු ඔහු කාන්තාවගේ ග්‍රහණයෙන් මිදී පළාගොස් ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

කෙසේ වෙතත් සැකකාර හොරා රැගෙන පැමිණි පිහි දෙකක් ද දමා පළාගොස් ඇති අතර, සැකකරු සම්බන්ධයෙන් බගවන්තලාව පොලිසියට පැමිණිලි කිරීමට නිවැසියන් කටයුතු කර තිබෙනවා.