AFC Banner
Empty Ad
Empty Ad

ඩෙල්ෆ් ඝාතකයා හය වැනි බිල්ලත් ගනියි

යාපනය,ඩෙල්ෆ් ප්‍රදේශයේදී පසුගිය 22 වැනිදා සිදුවු පංච පුද්ගල ඝාතනය සිදුවු ස්ථානයේදී බරපතල තුවාල ලබා යාපනය රෝහලේ ප්‍රතිකාර ලැබු අවුරුදු 100 ක් වු කාන්තාව ඊයේ (27) ජිවිතක්ෂයට පත්ව ඇති බව ඩෙල්ෆ් පොලිසිය පවසනවා.

පොලිසිය පැවසූවේ සිද්ධිය වු ස්ථානයේදී පංච පුද්ගල ඝාතනය සිදුකළ පුද්ගලයා අදාළ කාන්තාවටද කැපුම් තුවාල සිදුකොට තිබු අතර, බරපතල තත්වයේ පසුවු කාන්තාව යාපනය රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි බවයි.

ප්‍රතිකාර අතුරතුර වයස අවුරුදු 100 ක්වු කාන්තාව ඊයේ(27) සවස ජිවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පැවසීය.

මියගිය පුද්ගලයින්ගේ දේහයන් පිළිබද අවසන් කටයුතු 26 වැනිදා හා 27 වැනිදා යාපනය හා මුලතිව් ප්‍රදේශන්හිදි සිදු කර තිබූ අතර ඝාතනය සම්බන්ධයෙන් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබු අතර, රත්රන් භාණ්ඩ ලබා ගැනීමේ අරමුණින් ඝාතකයා ඝාතනයන් සිදුකොට ඇති බව මුලිකව අනාවරණය වු බවද පොලිසිය සඳහන් කළා.

සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් ඝාතකයා එළැඹෙන 09 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට යාපනය කයිට්ස් මහේස්ත්‍රාත්වරයා 26 වැනිදා නියොග් කර තිබෙනවා.

ඝාතකයා සිදුකළ කැපුම් තුවාලවලින් තුවාල ලබා සිටි අදාළ නිවසේ ඇති කළ සුරතල් බල්ලාද 26 වැනිදා ජිවිතක්ෂයට පත්ව තිබිනා.

සිද්ධිය සම්බන්ධයෙන් ඩෙල්ෆ් පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?