ඩෙල්ෆ් ඝාතකයා හය වැනි බිල්ලත් ගනියි

යාපනය,ඩෙල්ෆ් ප්‍රදේශයේදී පසුගිය 22 වැනිදා සිදුවු පංච පුද්ගල ඝාතනය සිදුවු ස්ථානයේදී බරපතල තුවාල ලබා යාපනය රෝහලේ ප්‍රතිකාර ලැබු අවුරුදු 100 ක් වු කාන්තාව ඊයේ (27) ජිවිතක්ෂයට පත්ව ඇති බව ඩෙල්ෆ් පොලිසිය පවසනවා.

පොලිසිය පැවසූවේ සිද්ධිය වු ස්ථානයේදී පංච පුද්ගල ඝාතනය සිදුකළ පුද්ගලයා අදාළ කාන්තාවටද කැපුම් තුවාල සිදුකොට තිබු අතර, බරපතල තත්වයේ පසුවු කාන්තාව යාපනය රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි බවයි.

ප්‍රතිකාර අතුරතුර වයස අවුරුදු 100 ක්වු කාන්තාව ඊයේ(27) සවස ජිවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පැවසීය.

මියගිය පුද්ගලයින්ගේ දේහයන් පිළිබද අවසන් කටයුතු 26 වැනිදා හා 27 වැනිදා යාපනය හා මුලතිව් ප්‍රදේශන්හිදි සිදු කර තිබූ අතර ඝාතනය සම්බන්ධයෙන් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබු අතර, රත්රන් භාණ්ඩ ලබා ගැනීමේ අරමුණින් ඝාතකයා ඝාතනයන් සිදුකොට ඇති බව මුලිකව අනාවරණය වු බවද පොලිසිය සඳහන් කළා.

සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් ඝාතකයා එළැඹෙන 09 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට යාපනය කයිට්ස් මහේස්ත්‍රාත්වරයා 26 වැනිදා නියොග් කර තිබෙනවා.

ඝාතකයා සිදුකළ කැපුම් තුවාලවලින් තුවාල ලබා සිටි අදාළ නිවසේ ඇති කළ සුරතල් බල්ලාද 26 වැනිදා ජිවිතක්ෂයට පත්ව තිබිනා.

සිද්ධිය සම්බන්ධයෙන් ඩෙල්ෆ් පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු කැබිනට් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය විසින් රචිත යුධ දෙකකට උර දී කෘතිය ගැන සිදුකළ විශේෂ සාකච්ඡාව
34:16
Video thumbnail
බෙල්ලන්විල පෙරහැරට ගිය සජිත් සහ දිලිප් - මාරුවෙන් මාරුවට කරඬුව වඩම්මන හැටි බලන්නකෝ
02:08
Video thumbnail
වනජීවී ඡායාරූප ශිල්පීන් යැයි කියාගත් පිරිස කාවන්තිස්සට කරන කැත වැඩේ - පන්නද්දි කට්ටිය හතර අතේ යයි
01:02
Video thumbnail
අධිකරණය ගැන කියලා සජිත් ආණ්ඩුවට හොඳ පදෙන්ම දෙසයි - ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරන්න වරමක් නෑ
11:38
Video thumbnail
නාමල් - ඇමති නලින්ද එකට හමුවූ මොහොත
01:20
Video thumbnail
පාඨලීගේ බඩේ වැදුණ අලියාගේ හොඩේ
00:24
Video thumbnail
ඇතුන් බලන්න ගිය විපක්ෂ නායක සජිත්
02:25
Video thumbnail
ඇයි මෙයා වාසනා ළඟ තියන්නේ නැත්තේ ?ඇතුන් බලන්න ගිය විපක්ෂ නායක සජිත්
02:53
Video thumbnail
උද්ඝෝෂණ කරලා වතුර ගැ#වම හැංගිච්ච කෙනෙක්නේ ජනපතිතුමා - මෙයා හෙල්ලිලා යන්නේ..බයවෙලා
03:00
Video thumbnail
JVPට බඩේ අමාරුවක් හැදුනත් පාරට බැස්සා - වී ගොවියා වෙනුවෙන් වැඩිපුරම පාරට බැස්සේ JVP එක
06:17