AFC Banner
Empty Ad
Empty Ad

මැතිව්ස්ගෙන් ශතකයක්

සංචාරක අයර්ලන්ත කණ්ඩායම සමග ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තරගයේදී තම 15 වන ටෙස්ට් ශතකය ලබා ගැනීමට ඇන්ජෙලෝ මැතිව්ස් සමත් වුණා.

තරගයේ තුන්වන දිනය වන අද ශ්‍රී ලංකා පළමු ඉනිම අත්හිටුවන විට ලකුණු 704ක් ලබා සිටියා.

මෙම තරගයේදී ඇන්ජෙලෝ මැතිව්ස් තම ශතකය ලබා ගත්තේ හතරේ පහර 6ක් සහ හයේ පහර 4ක් සමගින්.

මේ අතර ශ්‍රී ලංකා පළමු ඉනිමේදී කුසල් මෙන්ඩිස් ලකුණු 245ක් ලබා ගත් අතර එය ඔහුගේ මංගල ද්විත්ව ශතකයයි.

හතරේ පහර 18ක් සහ හයේ පහර 11ක් සමගින් ඔහු මෙම ලකුණු 245 රැස් කළේ පන්දු 291කින්.

ඔහු එල්ල කළ 6 පහරවල් 11 මෙතෙක් ටෙස්ට් ඉනිමකදී ශ්‍රී ලංකා පිතිකරුවෙකු එල්ල කළ වැඩිම හයේ පහරවල් සංඛ්‍යාව ලෙසටයි වාර්තා අතරට එක්වුයේ.

මීට පෙර එම වාර්තාවට කුමාර් සංගක්කාර හිමිකම් කියනු ලැබුවේ බංග්ලාදේශය සමග 2014 වසරේ පැවති තරගයකදී හයේ පහර 8ක් එල්ල කරමින්.

නිශාන් මදුෂංක ද මෙම තරගයේදී ලකුණු 205ක් ලබාගත්තා. නායක දිමුත් කරුණාරත්න ලකුණු 115ක් රැස් කළා.

දෙවන ඉනිම ආරම්භ කර සිටින අයර්ලන්තය මේවන විට එක් කඩුල්ලක් දැවී ලකුණු 38ක් ලබා සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
16
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?