මැතිව්ස්ගෙන් ශතකයක්

සංචාරක අයර්ලන්ත කණ්ඩායම සමග ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තරගයේදී තම 15 වන ටෙස්ට් ශතකය ලබා ගැනීමට ඇන්ජෙලෝ මැතිව්ස් සමත් වුණා.

තරගයේ තුන්වන දිනය වන අද ශ්‍රී ලංකා පළමු ඉනිම අත්හිටුවන විට ලකුණු 704ක් ලබා සිටියා.

මෙම තරගයේදී ඇන්ජෙලෝ මැතිව්ස් තම ශතකය ලබා ගත්තේ හතරේ පහර 6ක් සහ හයේ පහර 4ක් සමගින්.

මේ අතර ශ්‍රී ලංකා පළමු ඉනිමේදී කුසල් මෙන්ඩිස් ලකුණු 245ක් ලබා ගත් අතර එය ඔහුගේ මංගල ද්විත්ව ශතකයයි.

හතරේ පහර 18ක් සහ හයේ පහර 11ක් සමගින් ඔහු මෙම ලකුණු 245 රැස් කළේ පන්දු 291කින්.

ඔහු එල්ල කළ 6 පහරවල් 11 මෙතෙක් ටෙස්ට් ඉනිමකදී ශ්‍රී ලංකා පිතිකරුවෙකු එල්ල කළ වැඩිම හයේ පහරවල් සංඛ්‍යාව ලෙසටයි වාර්තා අතරට එක්වුයේ.

මීට පෙර එම වාර්තාවට කුමාර් සංගක්කාර හිමිකම් කියනු ලැබුවේ බංග්ලාදේශය සමග 2014 වසරේ පැවති තරගයකදී හයේ පහර 8ක් එල්ල කරමින්.

නිශාන් මදුෂංක ද මෙම තරගයේදී ලකුණු 205ක් ලබාගත්තා. නායක දිමුත් කරුණාරත්න ලකුණු 115ක් රැස් කළා.

දෙවන ඉනිම ආරම්භ කර සිටින අයර්ලන්තය මේවන විට එක් කඩුල්ලක් දැවී ලකුණු 38ක් ලබා සිටිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මුළු නුවරඑළියම මීදුමෙන් වැසී යයි
01:26
Video thumbnail
මෛත්‍රීට බේරිලා යන්න දෙන්න බෑ - නීතිය ක්‍රියාත්මක කරන්න ඕනේ
10:39
Video thumbnail
නාමල්ට එන චෝදනාවලට පොහොට්ටුවෙන් CIDට පැමිණිල්ලක් - "ආණ්ඩුව දන්නවා නාමල් මේක අතට ගන්නවා කියලා"
05:13
Video thumbnail
නුවරඑළිය ග්‍රෙගරි වැවේ බෝට්ටු පැදීම තහනම් කරයි
01:10
Video thumbnail
දයාසිරි, බිමල් පැටලෙයි - හිනාවෙන්න එපා, ගිහින් ඉගෙනගෙන එන්න
13:27
Video thumbnail
නලින්ද - සජිත්ට දුන්න සැර හින්ට් එක - සජිත් ප්‍රේමදාස නින්දෙන් ඇහැරුණා වගේ
02:42
Video thumbnail
නාය ගිය තැන බලන්න ආණ්ඩුවේ ප්‍රබලයෙක් දුවගෙන එයි
04:19
Video thumbnail
විනිසුරු විශ්‍රාම වයස ගැන මහා නාහිමියන් ආණ්ඩුවට කිව්ව දේ මෙන්න - "විරුද්ධ නෑ - සතුටු වුණා"
07:09
Video thumbnail
මහින්දගේ ලොකු පුතාටත් නඩු දාන්න කියන්නකෝ - එතකොට ඉවරයිනේ
00:45
Video thumbnail
පරිසරවේදින් හා සභාවේ සේවකයෙකු අතර උණුසුම් තත්ත්වයක් - "ගඟ බලන එකා මගේ අම්මට ###"
04:43