විදේශ ගත ශ්‍රමිකයින්ගේ තීරු බදු සහනය ඉහළට

විදේශගත ශ්‍රමිකයින් නැවත ලංකාවට පැමිණීමේදී ගුවන්තොටුපොලේදී ලබාදෙන තීරු බදු සහනය ඉහළ නැංවීම මැයි පළමුවැනිදා සිට ක්‍රියාත්මක වන බව කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර පවසනවා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (27) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අමාත්‍යවරයා පැවසුවේය ඒ සඳහා වන චක්‍රෙල්ඛය නිකුත් කර ඇති බවයි.

ගුවන්තොටුපොලේදී මේ වන විට ලබාදෙන තීරුබදු සහනට අමතර විශේෂ තීරු බදු සහන විදේශ ගත ශ්‍රමිකයින්ට ලබාදෙන ලෙසට වන කැබිනට් පත්‍රිකාවක් කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යවරයා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබූ අතර එයට කැබිනට් අනුමැතිය ද හිමි වුණා.

ඒ අනුව කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය විසින් මෙම චක්‍රෙල්ඛය නිකුත් කර තිබෙනවා.

මෙම චක්‍රෙල්ඛය අනුව නීත්‍යානුකූලව බැංකු ක්‍රමය හරහා මෙරටට මුදල් එවන විදේශ ගත ශ්‍රමිකයින් ඉහළ නැංවූ තීරු බදු සහනය ලබාගැනීමට සුදුසුකම් ලබනවා.

පසුගිය 2022 වසරේ මැයි පළමු වැනිදා සිට බැංකු ක්‍රමය හරහා එවනු ලැබූ මුදල් ප්‍රමාණය මේ සදහා සැලකිල්ලට ගනු ලබන අතර කාණ්ඩ පහක් යටතේ යි මෙම සහනය ලබාදෙන්නේ.

ඇමරිකානු ඩොලර් 2400 – 4799 අතර මුදලක් එවා ඇති ශ්‍රමිකයින්ට ඩොලර් 600 ක්ද, ඩොලර් 4800 – 7199 අතර මුදලක් එවා ඇති ශ්‍රමිකයින්ට ඩොලර් 960ක සහනයක් ද ලබාගැනීමට හැකියාව ලැබෙනවා.

ඩොලර් 7,200 – 11,999 අතර මුදලක් එවා ඇති ශ්‍රමිකයින්ට ඩොලර් 1,440ක අතිරේක තීරු බදු සහනයක් හිමි වනු ඇති.

ඩොලර් 12,000 – 23,999 අතර මුදල් ප්‍රමාණයක් එවා ඇති විදේශ ගත ශ්‍රමිකයින්ට ඩොලර් 2,400ක සහනයක් ලබාගැනීමට හැකියි.

ඩොලර් 24,000 ක් හෝ ඊට වැඩි මුදලක් එවා ඇති ශ්‍රමිකයින්ට ඩොලර් 4,800 ක අතිරේක තීරු බදු සහනයක් ලබාගැනීමට හැකියාව ලැබෙනවා.

ප්‍රවෘත්ති සාකච්ඡාවේදී වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා….

විදේශ රැකියා සදහා ශ්‍රමිකයින් යොමු කිරීම වගේම ඔවුන් උපයන මුදල් නිවරදි මාර්ගයෙන් රටට ගෙන්වා ගැනීමටත් කටයුතු කරන්න අවශ්‍යයි. ඒ සදහා අපි පසුගිය කාලයේදී විශාල වෙහෙසක් ගත්තා. විදේශ ගත ශ්‍රමිකයින්ගෙන් ලැබෙන ප්‍රේෂණ ප්‍රමාණය ඩොලර් මිලියන 190 දක්වා පහළ වැටිලා තිබුණ වෙලාවේදී සමහරු රටට සල්ලි එවන්න එපා කියලා රට රටවලට ගිහින් කියද්දී, උණ්ඩියල් වලින් මුදල් එවලා ලාභයක් ලබාගැනීමට කටයතු කරමින් තිබියදී, අපේ රටේ ජනතාව දුක් විදින හැටි දැකලා විදේශ ගත ශ්‍රමිකයා නැවත වරක් නිවරදි මාර්ගය ඔස්සේ රටට මුදල් එවන්න ගත්තා. නිවරදි මාර්ග ඔස්සේ මුදල් රටට ගෙන්වා ගැනීමට ව්‍යාපෘති කිහිපයක්ම ක්‍රියාත්මක කළා.

ඒ අනුව විද්‍යුත් වාහන ආනයනය කිරීම සදහා ආනයනය බලපත්‍රයක් හදුන්වා දුන්නා. ඒ වගේම විදේශ ගත ශ්‍රමිකයින්ට තීරු බදු සහන ලබාදීමටත් අපි කටයුතු කරනු ලැබුවා. ඒ අනුව විදේශ ගත ශ්‍රමිකයින්ට ගුවන්තොටුපොලේදී හිමිවන තීරු බදු සහනය ඉහළ නැංවීම සදහා වන චක්‍රෙල්ඛය ඊයේ දිනයේදී නිකුත් කරනු ලැබුවා. ඒ අනුව විදේශ ගත ශ්‍රමිකයින්ට ගුවන්තොටුපොලේදී තීරු බදු සහනය ඉහළ නැංවීම මැයි පළමුවැනිදා සිට ක්‍රියාත්මක වෙනවා. මහ බැංකුව හරහා ක්‍රියාත්මක වන ඇප් එකක් හරහා ඒ පහසුකම් ලබාගැනීමේ හැකියාව පවතිනවා. මෙම ඇප් එක හරහා ලියාපදිංචිවීම මගින් තමන් රටට එවන ඩොලර් ප්‍රමාණය මත පදනම්වෙලා තීරු බදු සහන ලබාගැනීමට හැකියාව තිබෙනවා.

ඒ වගේම විදේශ ගත ශ්‍රමිකයින් සදහා අඩු පොලී ණය ක්‍රමයක් හඳුන්වාදීමට පසුගිය සතියේදී කැබිනට් මණ්ඩල අනුමැතිය ලබාගත්තා. ඒ අනුව විදේශ ගත ශ්‍රමිකයින්ට රුපියල් මිලියන දෙකක් දක්වා වන ණය පහසුකම් ලබාගත හැකියි. ඒ වගේම විදේශ රැකියාවල නිරතවෙලා ඉදලා නැවත මේ රටට ආපු ශ්‍රමිකයින්ටත් ව්‍යාපාර කටයුතු ආරම්භ කිරීමට අවශ්‍ය වැඩපිළිවෙලක් මේ හරහාම ක්‍රියාත්ක කරන්න කියලා ජනාධිපතිතුමා කැබිනට් මණ්ඩලයට තමන්ගේ නිරීක්ෂණ ඉදිරිපත් කරමින් දැනුම් දුන්නා.

විදේශ ගත ශ්‍රමිකයින්ට රට විරුවන් කියලා කාලයක් කිව්වා. ඊට පස්සේ කොරෝනා කාලේ ඔවුන්ට සැලකුවේ මිනිස් බෝම්බ කියලා. ඒ අය ලංකාවට ආවොත් මේ රට විනාශ වෙයි කියලා ඔවුන් පීඩාවට පත් කළා. නිරෝධායනයට යොමු කරපු ආකාරයෙන් එහෙම ඒ අය ගොඩක් පීඩාවට පත් වෙලා හිත් වේදනාවන්ට ලක්වෙලා හිටියේ. මේ සියල්ල එක්ක හිටපු විදේශ ගත ශ්‍රමිකයාට අලුත් ආණ්ඩුවත් එක්ක අලුත් බලාපොරොත්තුවක් ලැබුණා. ඒත් එක්කම විදේශ ප්‍රේශණ වැඩිවීම ආරම්භ වෙලා තියෙනවා.

1 12
2 14
3 12
4 10
5 9
6 6


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මුළු තලවකැලේම ජනතාව භීතියට පත්කළ බස් නැවතුමේ බිහිසුණු සිදුවීම - ටවුන් එකේ ඉන්න බෑ
02:14
Video thumbnail
මහා දරුණු දේශපාලන කල්ලි අපි පලවා හැරියේ - අපිට ලැබුණේ අඩිය නැති ආර්ථිකයක් තිබුණ රටක්
10:53
Video thumbnail
මහින්ද මහත්තයා දකුණේ කියද්දි ගැම්මක් තිබුණා - නීතිය සැමට උඩින් කිව්වා..අද කෝ ආයෝජකයෝ ?
10:02
Video thumbnail
අධිබලැති විදුලි රැහැන් කණුවක නැගලා මනුස්සයෙක් දාපු සෙල්ලම - "පාන්දර ඉදලා ඉන්නේ..කෑගැහුවා"
02:02
Video thumbnail
දියවඩන නිලමේගෙන් පෙරහර ගැන විශේෂ ප්‍රකාශයක්..ඉතා විනයගරුකව පෙරහර නරඹන්න
02:08
Video thumbnail
ආනවිළුන්දාව අක්කර ගණනක් විනාශ කළ ගින්න ගැන හෙළිදරව්වක් - හිතාමතා කරපු වැඩක්ද ?
04:34
Video thumbnail
නන්දා මාලනිය සිංදුවෙන් කියපු දේ එළියේ කියන්න ගිහින් මම ඇතුළට ගියේ - මට නඩු අඩුවෙනවා
05:10
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27