AFC Banner
Empty Ad
Empty Ad

යතුරු පැදියකින් කේරළ ගංජා තොගයක් හමුවෙයි

යතුරු පැදියකින් කේරළ ගංජා තොගයක් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවෙකුව කරුවලගස්වැව පොලීසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ ( 26) දින සවස පුත්තලම – අනුරාධපුර මාර්ගයේ 08 කණුව ප්‍රදේශයේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති අතර
සැකකරු නාගවිල්ලුව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 23 ක් වන අයෙක්.

පුත්තලම – අනුරාධපුර මාර්ගයේ ධාවනය වෙමින් තිබූ යතුරු පැදියක් රථ වාහන රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරීන් විසින් නවත්වා පරීක්ෂා කර ඇති අතර යතුරු පැදිය ධාවනය කරමින් සිටි අය සතුව තිබූ බෑගයක කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 10 යි ග්‍රෑම් 153 ක ප්‍රමාණයක් පොලිස් නිලධාරීන් විසින් තම බාරයට ගෙන තිබෙ බවයි වාර්තා වන්නේ.

සැකකරු සහ කේරළ ගංජා තොගය පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව අති අතර
කරුවලගස්වැව පොලීසිය වැඩිදුර විමර්ශණ කටයුතු සිදු කරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?