වසර 14 කට පසු මැලේරියා රෝගය වැළඳී එක් අයෙක් ජිවිතක්ෂයට

වසර දාහතරකට පසු මැලේරියා රෝගී මරණයක් ශ්‍රී ලංකාවේ බේරුවලින් වාර්තා වී තිබෙන බව කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනයේ අධ්‍යක්ෂක වෛද්‍ය තඹර කලුබොවිල සඳහන් කර තිබෙනවා.

බේරුවල නගර සභා බල ප්‍රදේශයට අයත් චීන කොටුව ප්‍රදේශයේ පදිංචිව සිටි මැණික් ව්‍යාපාරිකයෙකු වන 37 හැවිරිදි විවාහක දෙදරු පියකු මෙලෙස මියගොස් ඇති බව බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ බේරුවල නගර සභා මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරී කාර්යාලය පවසනවා.

මැණික් ව්‍යාපාරික කටයුතු සඳහා මොහු ටැන්සානියාවට ගොස් අප්‍රේල් මස 10 වන දින යළි මෙරටට පැමිණ තිබෙන අතර එතැන් සිට නිවසේ ගත කර අප්‍රියෙල් 14 වන දින කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් ව ඇත්තේ උණ රෝගය උත්සන්න වීම හේතුවෙනි.

කෙසේ වෙතත් ඔහු රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර අප්‍රියෙල් 15 දින මිය ගොස් තිබෙනවා.

එම රෝහලේදී සිදුකළ පරීක්ෂණවලදී වෛද්‍යවරුන්ට අනාවරණය වී ඇත්තේ මෙම පුද්ගලයාට මැලේරියාරෝගය වැළඳී ඇති බවය.

විදෙස් රටක සිට පැමිණි මොහු නිවසට පැමිණ නිවසේ ගත කිරීම නිසා ඔහුගේ නිවැසියන්ට හා අස්ල් වාසීන්ට රෝග‍ය වැළඳී ඇත්ද යන්න පරීක්ෂාවට ලක් කරන බව කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනය අධ්‍යක්ෂක වෛද්‍ය තබර කලුබෝවිල පවසනවා.

මේ වන විට කළුතර මැලේරියා මර්දන ව්‍යාපාරයෙ වෛද්‍යවරයෙක් ඇතුළු කණ්ඩායමක් බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය හා එක්ව කීට විද්‍යා සමීක්ෂණ ඇතුළු පරීක්ෂණ බේරුවල දී සිදුකරන බව පැවසුවා.

2009 වසරෙන් පසුව මෙරටින් මැලේරියා මරණයක් වාර්තා වී නොමැති අතර 2016 වසරේ දී ලෝක සෞඛ්‍ය සංවිධානය ශ්‍රී ලංකාව මැලේරියාවෙන් තොර රටක් බවට ප්‍රකාශයට පත් කර තිබෙනවා.

විදේශගතව පැමිණෙන පුද්ගලයන් අතරින් ඇතැම් අවස්ථාවල මැලේරියා රෝගය වාර්තා වුවද මැලේරියාව වැළඳීමෙන් මරණයක් වාර්තා වූයේ වසර 14කට පසුව බව සෞඛ්‍ය අංශ වැඩිදුරටත් කියා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන..දැකපු දෙස් විදෙස් අයත් මවිත වුණ දේ
01:33
Video thumbnail
Kasthirama | "යළි ගොඩනැගෙන්නට සවිය අවැසි හෙට දවස" - කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:25:26
Video thumbnail
මෙන්න කාළගුණයේ වෙන්න යන නොසිතූ වෙනස..අත්‍යවශ්‍ය වැඩවලට විතරක් එළියට යන්න
04:02
Video thumbnail
රාජාංගනයේ මිනිස්සු එකතුවෙලා විනාශ වුණ ඇළ බන්ට් එක හදපු හැටි.."මිණි මුතු නෙවෙයි වටින්නේ එකමුතුකම"
07:53
Video thumbnail
මාර්ග පිරිසිදු වූ වහාම ලංගම බස් පාරට දාන්න ලංගම සභාපති පෙරට..අපි සප් එකක් දෙන්නම් ඔයලා දුවන්න ඕනි
02:02


?