වසර 14 කට පසු මැලේරියා රෝගය වැළඳී එක් අයෙක් ජිවිතක්ෂයට

වසර දාහතරකට පසු මැලේරියා රෝගී මරණයක් ශ්‍රී ලංකාවේ බේරුවලින් වාර්තා වී තිබෙන බව කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනයේ අධ්‍යක්ෂක වෛද්‍ය තඹර කලුබොවිල සඳහන් කර තිබෙනවා.

බේරුවල නගර සභා බල ප්‍රදේශයට අයත් චීන කොටුව ප්‍රදේශයේ පදිංචිව සිටි මැණික් ව්‍යාපාරිකයෙකු වන 37 හැවිරිදි විවාහක දෙදරු පියකු මෙලෙස මියගොස් ඇති බව බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ බේරුවල නගර සභා මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරී කාර්යාලය පවසනවා.

මැණික් ව්‍යාපාරික කටයුතු සඳහා මොහු ටැන්සානියාවට ගොස් අප්‍රේල් මස 10 වන දින යළි මෙරටට පැමිණ තිබෙන අතර එතැන් සිට නිවසේ ගත කර අප්‍රියෙල් 14 වන දින කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් ව ඇත්තේ උණ රෝගය උත්සන්න වීම හේතුවෙනි.

කෙසේ වෙතත් ඔහු රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර අප්‍රියෙල් 15 දින මිය ගොස් තිබෙනවා.

එම රෝහලේදී සිදුකළ පරීක්ෂණවලදී වෛද්‍යවරුන්ට අනාවරණය වී ඇත්තේ මෙම පුද්ගලයාට මැලේරියාරෝගය වැළඳී ඇති බවය.

විදෙස් රටක සිට පැමිණි මොහු නිවසට පැමිණ නිවසේ ගත කිරීම නිසා ඔහුගේ නිවැසියන්ට හා අස්ල් වාසීන්ට රෝග‍ය වැළඳී ඇත්ද යන්න පරීක්ෂාවට ලක් කරන බව කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනය අධ්‍යක්ෂක වෛද්‍ය තබර කලුබෝවිල පවසනවා.

මේ වන විට කළුතර මැලේරියා මර්දන ව්‍යාපාරයෙ වෛද්‍යවරයෙක් ඇතුළු කණ්ඩායමක් බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය හා එක්ව කීට විද්‍යා සමීක්ෂණ ඇතුළු පරීක්ෂණ බේරුවල දී සිදුකරන බව පැවසුවා.

2009 වසරෙන් පසුව මෙරටින් මැලේරියා මරණයක් වාර්තා වී නොමැති අතර 2016 වසරේ දී ලෝක සෞඛ්‍ය සංවිධානය ශ්‍රී ලංකාව මැලේරියාවෙන් තොර රටක් බවට ප්‍රකාශයට පත් කර තිබෙනවා.

විදේශගතව පැමිණෙන පුද්ගලයන් අතරින් ඇතැම් අවස්ථාවල මැලේරියා රෝගය වාර්තා වුවද මැලේරියාව වැළඳීමෙන් මරණයක් වාර්තා වූයේ වසර 14කට පසුව බව සෞඛ්‍ය අංශ වැඩිදුරටත් කියා සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47
Video thumbnail
බිහිසුණු දුම්‍ රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ දිවංගත රණවිරුවෙකුගේ මව්පියන්ට යුද්ධ හමුදාධිපතිගෙන් උපහාර
02:03
Video thumbnail
සුරේෂ් සලේ ගැන කිසි සාක්ෂියක් නෑ..ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක්..ශානිගේ තනි තීන්දුවෙන් සලේ ඇතුළට දැම්මේ ?
17:38
Video thumbnail
මීට සුළු මොහොතක බිහිසුණු දුම්‍රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:48